
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය අද (25) නිකුත් කෙරිණ.
එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක් තැබීමෙන් පසු ඕනෑම දිනයක එය විවාදයට ගත හැකි වේ.
මේ අනුව යෝජනාව පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (24) තීරණය කළේය.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කෙරුණු මැතිසබේ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. එය සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමටද කටයුතු කරගෙන යන බව සභානායක කාර්යාලය පවසයි.
මෙම පරිවර්තන කටයුතු සඳහා භාෂා පරිවර්තක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හෙට (26) දිනයේද රාජකාරි කිරීමට නියමිතය.
කමිටු වාර්තාවේ ඉංග්‍රීසි පිටපත සියලුම මන්ත්‍රීවරුන්ට මේ වනවිට බෙදාදී අවසන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දු යෝජනාවේ පුස්තකය පිටවේ