IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු නෙරපයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් අද (6) නෙරපා හරිනු ලැබීය.

පොලිස්පති ධූරයෙන් නෙරපා හැරී බව සදහන් කරමින් ලිපියක් ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතාට යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීම හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශ්‍රාම වැටුප ආරක්ෂාව ඇතුළු සියලුම වරප්‍රසාද අහිමිව යන්නේය.

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව වැඩි ඡන්ද 177කින් පාර්ලිමේන්තුවේදී පෙරේදා සම්මතවිය. මේ අනුව නෙරපීමේ යෝජනාව සම්මත වූ බව කතානායකවරයා ජනාධිපතිවරයාට  එදිනම ලිඛිතව දැනුම් දුන්නේය.

මේ අනුව පොලිස්පති ධූරය සඳහා නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බොහෝ දුරට අද දිනයේ යොමු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති ධූරය සඳහා වැඩ බලන  පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ඇතුළු නම් හයක් රජයට යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.



අදහස් (2)

දේශබන්දු නෙරපයි

අරවින්ද මොණරවිල Wednesday, 06 August 2025 06:14 PM

රහස් පොලිසිය හෙටම ගිහිල්ලා ඕකව අත්අඩංගුවට ගන්න ඕනා, වෙන මුකුත් ඕනම නැහැ නීති විරෝධී ලෙස විදේශ මත්පැන් බෝතල් ළඟ තබා ගැනීමේ චෝදනා විතරක් ඇති එකට......

:       0       0

Namal Thursday, 07 August 2025 05:45 AM

සිද්ධාලේප සමාගමේ හොඳ තනතුරක් ලැබේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 805 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site