ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය මහත්මිය විසින් නිෂ්පාදනය කළ සිරි පැරකුම් චිත්‍රපටය රැගෙන මේ වන විට ඉතාලියට පැමිණ සිටින්නීය. ඉතාලියට පැමිණි රේණුකා බාලසුරිය එසෑණ සමග මෙසේ දුරකථන සංවාදයකට එක් විය.
ප්‍ර - ඔබේ සිරි පැරකුම් සිනමාපටය ඉතාලියේ නගර හතරක නොමිලේ ප්‍රදර්ශනය කරන්න සුදානම් කර තිබෙනවා. විශාල වියදමක් දරා නිපදව් මෙවැනි චිත්‍රපටයක් නොමිලේ ප්‍රදර්ශනය කරන්න හෙතුව කුමක්ද?
පි- ඇත්තෙන්ම මගේ මුදල් මට ලැබෙනවා. බරපැන දරන්නේ හෑටන් නැෂනල් බැංකුවයි. චිත්‍රපටයේ ගාස්තුව. ගුවන් ටිකට් පත් ඉදුම් හිටුම්. කෑමබීම මේ හැම වියදමක්ම දරන්නේ ඔවුනුයි.
ප්‍ර- ඔබත් ඔබේ සැමියාත් කුඩා දරුවන් සදහා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළා.ඇතැම් එවා බොහෝ ජනප්‍රිය වුණා. ඔබ දෙපලගෙ නිර්මාණ වලින් සමාජ වටපිටාව ඉතිහාසය සෞන්දර්යයේ වටිනාකම ළමා මනසට ඈතුළු කරන්න උත්සහා කරා. එයින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනිමට හෑකි උනාද?
පි - ඇත්තෙන්ම ඔව්, සුරිය අරණින් තුලින් ගහ කොල සතා සිව්පාව්න් ඈතුළු සොබා දහමේ වටිනාකම ළමයින්ට කියා දෙන්න අපිට හැකි උනා. සිරි පැරකුම් මගින් ධනාත්මක දෙයක් ළමා මනසට අපි ඇතුළු කළා. ඒ කියන්නේ පරාක්‍රම රජතුමා පොඩි තෑන ඉදලා රජකම හොයාගෙන යන හෑටි හරිම අපුරුයි. මෙවැනි නිර්මාණ තුලින් ළමුන් ඉතිහාසය හොයන්න උත්සහා කරනවා. එහෙම බලන කොට අපි සාර්ථකයි කියලා අපිට වඩා සමාජය කියයි.
ප්‍ර- ඒ කියන්නේ සමාජ වටපිටාව ඉතිහාසය සෞන්දර්ය ඉදිරියට දමා මුදල් ඉපයිම ගැන හිතපු වානිජ සිනමා පට නෙමෙයිද මේවා?
පි- ඕනෑම කතාවක් අධ්‍යක්ෂකවරයකු මගින් නිර්මාණයක් බවට පත්වෙන තෙක් එයට සමාජ වටිනාකමක් තියෙනවා. එම නිර්මාණය චිත්‍රපටයක් බවට පත්වෙලා සිනමා හල් තුලට ගියයින් පසු ඒක වෙළද භාණ්ඩයක්. ඒක තමයි ඈත්ත. හෑබෑයි මේ හෑම දෙයක් ගෑනම හිතුවොත් සල්ලි ටික බෑංකුවේ තියාගෙන ඉන්න එක තමයි හොඳම දේ. ටෙලි නිර්මාණයක් කරලා ගැණුම් කාරයෙකුට දීලා මුදල් ගන්න පුළුවන්.
නමුත් සිනමා පටයක ඒක වෙනස්. අපි යොදවපු මුදල් හොයන්න ප්‍රේක්ෂකයා සිනමා ශාලා වලට එන්නම ඕනෑ. සිරි පෑරකුම් වෑනි නිර්මාණයක් කරන්න රුපියල් ලක්ෂ දාහක් යොදවන්න වුණේ එක දවසකට තුන්සිය පනහා ගානේ මාස තුනක් පුරාවට මිනිස්සු රගපෑ නිසයි.
උදේ හතරට අවදි වුණු වෙලාවේ ඉදලා වියදම් මිටරේ තමයි කැරකෙන්නේ. හැබැයි සියයට සියයක් මුදල් මම යෙදුවත් ලැබෙන ආදායම අපි පස් දෙනෙකු අතරේ බෙදි යන්න ඕනෑ. පහෙන් එකේ කොටසින් තමයි මගේ ලාබය හෝ පාඩුව විදගන්න ඕනෑ . ඒ අතින් බලන කොට අපි දරන්නේ අවදානමක්.
ප්‍ර- හොදයි ඔබ ලාංකීය කාන්තා සමාජයේ ජනප්‍රිය කලාකාරිනියක්. කලාකරුවන් යනු රටක් සමාජයක් යහමගට ගෑනිමට හෑකි පුළුල් දෘෂ්ඨියක් ඇති පිරිසක්. එවන් කලාකරුවන් පක්ෂක්ග්‍රාහිවී දෙශපාලන වේදිකාවට ගොඩවීම ගෑන ඔබ හිතන්නේ කුමක්ද?
පි - අපේ රටේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි මහතෙකුට වුණත් දැක්මක් තියෙනවා. ඒ වගෙම නිදහස් මත දෑරිමේ අයිතියකුත් තියෙනවා. එ දෑක්ම නිදහස් මත දෑරිමේ අයිතිය රටට පලදායි ලෙස යොදාගන්නවානම් ඒක තමයි විය යුත්තේ.
ප්‍ර- ඔබත් ඔබේ සැමියාත් (සෝමරත්න දිසානායක) පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන්න බොහෝ වෙහෙසුණා. එයට විශේෂ හේතුවක් තියෙනවද?
පි- ඇත්තෙන්ම ඔව්. ඒ වෙනකොට අපේ රටෙ තිබුණු යුද වාතාවරණයත් එක්ක අපිට ගන්න තිබුණු එකම තීරණය තමයි මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීම. අපි නිවෑරදියි කියලා අද අපිට හිතෙනවා. අපේ දරුවෝ අද නිදහසේ පාරේ බෑහෑලා ඈවිදිනවා. එදා දරුවෙක් තනියම එලියට ගියොත් අපේ පපුවෙ ගින්දර පත්තු වෙනවා දරුවා නෑවත ගෙදර එනතුරු. අද ඒ බෝම්බ බිය නැහැ. මේ වෙනකොට මොන පෑත්ත කඩා වෑටිලා තිබුනත් මමත් සෝමෙත් මහින්ද රාජපක්ෂ මහතාට ස්තුති වන්ත වෙනවා රටට ලබලා දුන්නු ඒ නිදහසට.
ප්‍ර- මහින්ද රාජපක්ෂ මහතා වගෙම රජය බලයට ගෙන්න ඔබ දෙපළ ඉතා වෙහෙසුණා. ඒ තුලින් මේ වන විට ඔබත් ඔබේ සෑමියාත් රජයෙන් නොයෙක් නොයෙක් වරප්‍රසාද ලබාගන්නවා කියලා යමෙක් චොදනා කළොත්.
පි - කාට නම් මොනවා කියන්න බැරිද. අපිට සෑලකිලි අවශය නෑහෑ. අපි එහෙම අරගෙනත් නෑහෑ. නිදහසේ කලා කටයුතු කරගෙන යන්න රටක් නිර්මාණය කරලා දුන්නු එකම ඇති. එයින් තොර කිසි දෙයක් අපි බලා පොරොත්තු උනේ නැහැ.
ප්‍ර- මෙසේ එක් පැත්තකට බරව කටයුතු කිරිමෙන් ඔබලා පක්ෂක් ග්‍රාහී වී තිබෙනවා? යම් දවසක වෙනත් පක්ෂයක් බලයට පෑමිණිය හොත් ඔබලාගේ නිර්මාණ වලට යම් යම් බාධා පෑමිණෙන්න ඉඩ තියෙනවා නේද?
පි- නැහැ එහෙම වෙන්න විදියක් නැහැ. අපි නිර්මාණ කරන්නේ රජයේ සල්ලි වලින් නෙමෙයි. අනික විවෘත ආර්ථිකයත් එක්ක පෞද්ගලික අංශයට තරගකාරි වෙළදපලක් නිර්මාණය වෙලා තියෙනවා.
අපි චිත්‍රපටයක් හදලා පෞද්ගලික ආයතනයකට දුන්නාම ඔවුන් තමයි ඒ සිනමා පටය ප්‍රචාරය කරන්නේ. රජයකට බැහැ ඔවුන්ට බලපෑම් කරන්න.
ප්‍ර - හොදයි අවසාන ප්‍රශ්නය -
ඔබ දෙදෙනා රටේ ජනප්‍රිය චරිත දෙකක්. ඒ ජනප්‍රියත්වය උපයෝගි කර ගනිමින් දේශපාලනයට එන්න අදහසක් නෑද්ද?
පි -, කොහෙත්ම නැහැ ඒක කවදාවත් වෙන්නෙත් නැහැ. රටේ ජනතාව අපි හදුනගෙන තියෙන්නේ කලාකරුවන් හැටියටනම් ඒ දෙයින් උපරිම රටට සමාජයට දෙයක් කරන්න තමයි මමත් සෝමෙත් හැම වෙලාවෙම උත්සාහා කරන්නේ.
(විශේෂ ස්තුතිය සුචින්ත ප්‍රනාන්දු මහතාට)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කරන හරිය හොඳටම ඇති. තවත් දේශපාලනය කරන්න ඕන නෑ. අනේ වඳින්නම් එන්න නම් එපා. (ස)
ඒක හොඳ තීරණයක්. ඒ වුණත් ඔය කියන දේවල් ලංකාවට ගියාට පස්සේ බොහෝ විට වෙනස් වෙනවා. අනෙක ඕකට යන්න තිබෙන සුදුසුකම් වට්ටෝරුවක් තිබෙනවා, ඔබතුමිය දන්නවා නේ. ඒක ලබා ගන්න නම් ඔබතුමියට පහසු වෙන්නේ නැහැ. (නි)
අදහස් හොඳයි. ඒත් ඉතින් ඊට බලවත් ඉල්ලීමක් ආවොත් ඕවා අමතක වෙන්නත් පුළුවන්.බොහොම දෙනෙකුට ඔහොම වෙලා තියෙනවා. (ස)
එන්න නම් ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා,අපේ ඡන්දදායකයන්ටත් ඕනෑ ඔය වගේ උදවිය තමයි (නි)
දයාබර සෝමරත්න දිසානායක මහත්මයාණෙනි, රේණුකා බාලසුරිය මහත්මියෙනි, ඔබ දෙපල විසින් නිපද වූ අද්විතීය කලා නිර්මාණයන් කොතෙකුත් අපි රස වින්දෙමු. ඉදිරි දිවියද කලාව වෙනුවෙන්ම කැප කිරීමට ධෛර්යය සහ ශක්තිය ඔබ දෙපලට ලැබේවා ! යනු අපගේ එකම පැතුමය. (නි)
මෙය බොහොම හොඳ ච්ත්‍රපටයක් .ඒවගේම මමත් මෙහි අනුග්‍රාහක බැංකුවේ හිමියෙක් සහ හොඳ ගනුදෙනු කරුවෙක් .මටත් මෙය නැරබීමට බොහෝ උවමනව තිබුනත් මෙහි ටිකට් පත් නිකුත් කෙරුවේ එක්තරා ආයතනයකට හිතවතුන්ට හා ඔවුන්ගේ සේවා ලාබිට පමණි.මම ඉතාම ගෞරවයෙන් මෙම බැංකුවෙන් ඉල්ලා සිටිනවා මෙවැනි පොදු කටයුතුවලදී වෙරෝන නගරයේ පන්සල ,පල්ලිය වගේ දේවල් වලින් මේ අවස්ථාව ලබා දුන්නනම් බොහොම අගේ ඇති වැඩක් කියා කටත් කියන්න තිබුන .(අ)
ඇයි මෙච්චර කලක් කළේ මොකක්ද? (නි)
රටට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමා ඔය කියන විදියට දේශපාලනය නොකර සිටීම. (නි)
ලුම්බිණි හරි. ලංකාවට නෑවිත්ම ඉන්නවා නම් වඩාත් හොඳයි (නි)
එන්න නම් එපා. ඔය කරන ටික බොහෝම ඇති. (නි)
කිව්වට තරහ වෙන්න එපා. ඔහොම කියන අය තමයි දේශපාලනයට එන්නේ (නි)
තව තවත් හොද නිර්මාණ කරන්න (නි)
හොද නැද්ද කැසිනෝ පැත්තට හැරුනොත්? (නි)
අනේ දේශපාලනයට එන්නකෝ...ඔයාලා විතරයි අඩු (නි)
අනේ පින් සිද්ධ වෙයි. ඔය කලාවක් කරගෙන ඉන්න. දේශපාලනේට ආපු හැම කලාකරුවෙක්ම අන්තිමට අනාථ වුණ බව දන්නවා නම් ඔබලා කිසිම දිනක දේශපාලනය නොකරනු ඇත. (නි)
දේශපාලන මඩගොඩට වැටිලා ඔබට ඇති ඔය පිළිගැනීම නැති කරගන්න නම් එපා (නි)
අර වේදිකාවල හිටියේ මෙයා නෙමෙයිද එතකොට? (නි)
අපේ රටේ මිනිස්සු පින් කරලා තිබෙනවා (නි)
දේශපාලනයට එන්න ඕනෑම නැහැ. (නි)
අනේ අක්කේ, ඔයා දේශපාලනයට නොඑනවා කියන වචනය ඇසීමත් සතුටක්. (නි)
ආනේ! ඔයා විතරයි අඩු (නි)
දේශපාලනයට නාවට කමක් නැහැ.. (නි)
අපිත් කොළඹ තමයි හොදේ (නි)
දේශපාලනයට නම් එන්න එපා. (ස)
ඔය කරන හරිය මදෑ... (ස)
අනේ එන්න අනේ! ඒක විතරනේ අඩු. (නි)
දේශපාලනය කරන්න ඕන නෑ. කඩේ ගියාම ඇති. (ස)
මොන අංශයකින් හරි දක්ෂයෙක් වූ පළියට ඒ හැමදෙනාම දේශපාලනයට දක්ෂයෝ නොවෙති. (නි)