ශී‍්‍ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් පැවසීය.
නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද්ද එළඹෙන නිසාත් නිවාඩුවක් ගැනීමට තීරණය කළ තමා ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එසේ වුවද තම සැබෑ අරමුණ වන්නේ ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට තමා කි‍්‍රයාත්මක කර ඇති සහන සේවා වැඩසටහන් වලින් ලබාදිය හැකි උපකාර පිළිබඳව සොයාබැලීම බවත් ඔහු කීය.
යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සැබෑ වෙනසක් දකින බවත් ඒ සියල්ල වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැපවීම හා උත්සාහය නිසා අත්කරගැනීමට හැකිවූවක් ලෙස දකින බවත් ඔහු කීය.
ශී‍්‍ර ලංකා කලාකරුවන් පිරිසකට සිදුකළ පහරදීම ගැන විමසා සිටි විට ඒ ගැන කිසිත් නොදන්නා බව පැවසූ ඔහු තමා පැමිණියේ බොම්බායේ සිට බවත් ඒ නිසා ශී‍්‍ර ලංකාවේ සිදුවන ඇතැම් දේ තමා නොදන්නා බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්මන් ඛාන් අවේ අර කොළඹ තියෙන නම වැරදියට කියවෙන රාත්‍රී කඩෙන් රුපියල් දෙසියේ සුදු ආප්ප කාල යන්න (නදී)
එක දවසක නිවාඩුවක් වෙන්න ඇති. (ර)
ඛාන් මහත්තොයෝ. ශ්‍රී ලංකාවේ අකුරු කියවීම හා ලිවීමේ හැකියාව ඉන්දියාවට වඩා ගොඩක් ඉහලයි. (ර)
බොරුවට අපේ අය ක ගහනවා ඒ මනුස්සය අැවිත් ගියාම මොකද ? (නදී)
දේශපාලනයට නෙවෙයි අාවේ. සල්ලි වලට ආවේ. (නදී)
අනේ පවු සල්මන්. එහෙනම් ඇයි අනේ ඔයා මහින්දගේ රැස්වීම් වලට යන්නේ? ඇයි මහින්දටත් ගංවතුර දාලද ? (නදී)
නිවාඩු ගත කරන්න ඇවිත් දේශපාලන වේදිකාවලට ගොඩ වෙන එක අලුත්ම "ට්‍රෙන්ඩ්" එක වෙන්න ඇති . (නදී)
අනේද කියන්නේ. (ර)
දේශපාලනයට නෙවේ නම් ආවේ දේශපාලන වේදිකාවේ මොනාද කරන්නේ ? (ර)
ලංකාව ගැන නොදන්නා බවන පේනවා. (ර)
සල්මන්ජි ! තුම්හේ බොරුහේ කියන්න එපාහේ. නොදැන හේ ආවාහේ බැරිහේ. (ර)
මේ කියන දේවල් විශ්වාස කරන්න පුලුවන්ද ? (ර)
මෙයා හිතන්නේ ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලද ? (ර)
මෙය මාර විදියටනේ නිවාඩු ගත කරන්නේ. දේශපාලකයන්ගේ ප්‍රචාරක වේදිකා උඩ නැගලා මුණ පෙන්නලා. (ර)
සරසිගේ, කතාවට මට මැරෙන්න හිනා. (ර)
සල්මන් නිවාඩු ගෙවන්නේ දේශපාලන වේදිකා උඩද ? (ර)
හිතනවද දන්නා ලංකාවේ ඉන්නේ බබාලා කියලා. (ර)
අනේ සල්මන් ජි ඔය මොනවද දන්නේ.? (ර)
කිතුල් ගහට නැග්ගේ තණකොළ කපන්න. බැස්සේ තණකොළ නැති නිසා. නත්තල් නිවාඩුවට ආවේ ජනවාරි ඡන්දෙ කියලා දන්නේ නැති නිසා.(දිල්)
තණ කොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න...(දිල්)
ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සේවා වැඩසටහන් කරන්න ඒ පැත්තට යන්න එපැයි මේ ඡන්ද කලබලේ මෙහේ ආවේ මොකද (දිල්)
රත්න, කියවීමේ හා ලිවීමේ හැකියාව බුද්ධිය මනින ඒකකයක් නොවේ. (නි)
පුවත්පත් ආරංචි වලට වඩා කටකතා වලට තාම අපේ මිනිස්සු වහ වැටෙනවා (දිල්).
මේ වේදිකාවට නැගලා බැහැලා කියන කතාද?(දිල්)
නිවාඩුවට යන ගමන් කොළඹ චන්දෙත් වැඳගෙන යන්න හිතිල. (නදී)
තණකොළ නෑ ගහ මුදුනේ.. (නදී)
කිතුල් ගහට රා බොන්න නැග්ග මිනිහ කිව්වලු, රා බොන්න නෙමේ ගියේ තණකොළ කපන්න කියා. තණකොළ නැති නිසා බිමට බහිනවා කියා සල්මාන් ඛාන් ඒවගේ උත්තරයක් දීල තියෙන්නේ (නදී)
මෙයා සාජන් චිත්‍රපටියේ දෙවන කොටස මෙහේ රඟපාන්න හදනවද කොහෙද.(නදී)
දැන් එතකොට මේ නිවාඩුව ගැන ජය ලලිත අක්ක මොනවා කිව්වද දන්නේ නැහැ . (නදී)
දැන් ඉතින් මෛත්‍රී උඩින්ම පරාදයි සල්මනුත් ආවනේ.(නදී)
එහෙනම් අපේ රටේ මාධ්‍යවල කිව්වේ, පෙන්නුවේ බොරුද? (නි)
ඔබ කියන දේවල් මැතිවරණ සමයකදී ඇරෙන්න අනෙක් ඕනෑම සමයකදී අපි විශ්වාස කරන්නම්. (ර)
මීට කලින් අපේ රටේ නියඟයක් තිබුණෘ එතකොට මෙයා හිටියේ රූගත කිරීමකද ? (දිල්)
අනේ මෙහෙමත් දේවල්! (නි)
අපිට හින්දි නොතේරුනාට දේශපාලන දහන්ගැට තේරෙනවා මහත්තයෝ (දිල්)
සල්මන් නිසා තමා කලාකරුවන්ට ගැහැව්වේ.(නදී)
රඟපාන්න හොඳම පසුබිම් තියෙන්නේ ඉන්දියාවේ. මෙහෙ රඟපෑම් කලාට වැඩක් නැහැ. පසුබිම මේ දවස් වල හොඳටම අවුල් .(දිල්)
අච්චර දුරක් ආපු එකේ ඉඳළ තව ටිකක් දැනගෙනම ගියා නම් මොකද ?(දිල්)
දෙශපාලනයට නොවේ නම් වේදිකාවට නැග්ගේ කුමකටද.? (ර)
මෙයා හොඳයි ඡන්දේ ඉල්ලන්න (නදී)
ලැබෙන්න තිබුණු චන්ද ටිකක් අඩු කරලා මල්ලක් පුරෝලා සල්ලි අරන් ගිහින් වගේ. නිල් කාරයන්ගේ පුස් වෙඩි. (නදී)
මොකටද වේදිකාවට නැන්ගේ එහෙනම් (දිල්)
මෙයා ආපසු ගිහිල්ලාලු . තමන් ආවේ නුවණට හුරු ගමනක් නෙවෙයි කියල තේරෙන්න ඇති. (දිල්)
කුණු එකතු වෙන්නේ කුණු ගොඩටලු ! එයාගේ ෆයිල්ලුත් තියෙනවා නේද ? සුපිරි කාර් එකේ ගිහින් උනදේ (නදී)
ඛාන් මහත්තොයෝ ඔය හොද නළුවෙක් තමා, නමුත් අපේ දේශපාලනඥයෝ ඉතා විශිෂ්ට නළුවෝ,,! (ර)
දැන් සල්මන් හරියට තේරුම් ගෙන තියෙන නිසා අපේ ආචාරය (නදී)
සල්මාන්ගේ පැමිණීම අපි අගය කරනවා. සල්මාන් ආවේ සහන කටයුතු වලට රටේ නායකයා ගේ වැඩකට කතා කරපුහම එන එක අපි අගය කරනවා (නදී)
සුනාමි ඇවිල්ලත් ආපු නැති අය මෙන්න ගංවතුරින් විපතට පත්වෙච්ච අය බලන්න එනව.(නදී)
අපි නම් ගංවතුරට කලින් ඔබ එනවා කියලා අපි දැනගෙන හිටියේ (නදී)