නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ දේශපාලන , මාධය හා වෘත්තීය සමිති සාකච්ඡා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වලක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව අතුරු නියෝගයක් හා වාරණයක් ඉල්ලා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ දිසා අධිකරණය අද (01) නොතීසි නිකුත් නිකුත් කළේය.
ඒ සමඟම අතුරු තහනම් දැන්වීම් නොතීසිද නිකුත් කළේය.
නාරාහේන්පිට අභයාරාම විහාරය දේශපාලන කටයුතු හා මාධ්‍ය හමු පැවැත්වීමට යොදා ගැනීමෙන් එම විහාරයේ විනය පිරිහී හා බෞද්ධ ධර්මය අපකීර්තියට පත්වී ඇතැයි කියමින් කොළඹ 05 කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරයේ විහාරාධිපති පත්බේරියේ විමලඥාන හිමි විසින් ගොනු කොට තිබු පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ටී.ඞී.ගුණසේකර මහාතා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු වශයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ නම් කරනු ලැබ සිටිති.
පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරය බෞද්ධ හා විහාරගම් දේවාල පනතේ ප‍්‍රතිපාදන යටතේ පාලනය වන සාංඝික දේපළකි.වගඋත්තරකාර ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයේ රැුඳී සිටිමින් එකී විහාරස්ථානයට අයිතිවාසිකම් කියන බව පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ වගඋත්තරකාර හිමි නම විසින් දේශපාලන කටයුතු සහ වෘත්තීය සමිති කටයුතු සඳහා භාවිතා කරන බවත්,ඊට අමතරව පරිගණක ආයතනයක්ද පවත්වා ගෙන යයි.තවත් එක් මහලක් රජයේ ආයතනයකට බදු දී ඇති බවත් මෙම ව්‍යාපාර වලින් උපයන ලාභය විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදන බවත් පැමිණිල්ලේ සඳහන්වේ.
1988 වසරේ දී විහාරස්ථානයේ මිනිස් ඝාතනයක් පවා සිදුවූ බවත්, පසුගිය වසර කිහිපයක සිටි දේශපාලන කටයුතු , වෘත්තීය සමිති කටයුතු සඳහා ලබාදීමට වගඋත්තරකාර ස්වාමීන්වහන්සේ ගේ ඒකමතික තීරණයෙන් සිදුවීමෙන් ඉන් උපයන ආදායම අවභාවිත කිරීමක් සිදුවන බවද විමලඥාන හිමියෝ කියාසිටිති.
මේ හේතුවෙන් එම විහාරය හා බැඳී සිටින සමස්ත සංඝයා වහන්සේද, බෞද්ධ ධර්මයද දැඩි අපකීර්තියට ලක්ව ඇති බවද පැමිණිල්ලේ සඳහන්වේ.
ඉහත සඳහන් වූ ආකාරයේ ශාසනික නොවන දේශපාලනික හෝ වෘත්තීය සමිති හෝ වෙනත් සංගම් ක‍්‍රියාකාරකම් ඇතුළු විහාරයේ ශාසනික විනයට ,සංස්කෘතියට හා විහාරස්ථාන පරිසරයට හානි ඇතිවී වූ බව පෙන්වා දේ.එම කටයුතු සිදුකෙරෙන අතරතුර ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතය, ඝෝෂාකාරි ලෙස පිරිස් හැසිරවීමද, විහාර භූමි පාවහන් පැළදීමෙන්, නොගැළපෙන ඇඳුමෙන් පැමිණීම , අශ්ශීල වචන භාවිතයෙන් විහාර භූමිය දේශපාලව වේදිකාවක් යන හැඟීමෙන් යුතුව කටයුතු කිරීම සිදුවන බව පැමිණිල්ලේ සඳහන්වේ.
පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ මනෝහර ද සිල්වා මහතාද, වගඋත්තරකාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙනුවෙන් නීතීඥ සඳුන් ගමගේ මහතා ද පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් බොහොම අගය කළයුතු වැඩක් (නි)
රජය ගෙනඒමට බලාපොරොත්තු වන අලුත් පනත එන්නත් පෙර, අපේ හාමුදුරුවරු අධිකරණයේ පිහිට පතනවා. ඒකෙන්ම පේනවා මෙවැනි පනතක ඇති වැදගත්කම. එළිමහන් වේදිකාවල සිට කරන්න බැරි කතා කිරීම සඳහා අපේ සමහර දේශපාලුවෝ විහාරස්ථාන යොදාගැනීම තහනම් කරන්න තිබුනේ මීට බොහෝ කලකට පෙරයි. පමාවී හෝ එම කටයුත්ත කිරීමට ඉදිරිපත්වීම ගැන අප ඒ හිමියන්ට පින් දිය යුතු වෙනවා. (නි)
කරුණාකර මුස්ලිම් පල්ලි වලින් සහ ක්‍රිස්තියානි පල්ලි වලින්වත් ආදර්ශ ගන්න. ඒ තැන්වල කිසිදා දේශපාලන කටයුතු සිදුවන්නේ නැත (නි)
අපි නම් කුහකකම කියන්නේ ඕකට තමා (නි)
කිසිදු ආගමික නායකයෙක් දේශපාලනයට සහභාගි කරගත යුතු නැත. දැන් හාමුදුරුවරුන්ට ඡන්දය දෙන අයත් නැත. (නි)
අනිත් පන්සල් වලත් හාමුදුරුවරු හරි, දායක සභාවෙන් හරි මේ වගේ නඩු පැවරුවොත් අර පනත නැතත් බුදු දහම ආරක්ෂා වෙනවා. (නි)
දන්නේ නැති හින්දා මේ අහන්නේ. පහුගිය කාලයේ මේ වගේ දේවල් වෙන කිසිම තැනක වුණේ නැද්ද? (නි)
ඒ වැඩේ නම් හොඳයි ගොඩක්. (නි)
එතකොට අතීතයේ මේ රට ජාතිය විජාතික සතුරන්ගෙන් බේරාගන්න සටන් මෙහෙයවූයේ පන්සල්වල නෙමෙයිද? තව වැඩිකල් යන්න කලින් මේ සිංහල අපගෙ රටයි........... කියන්නත් තහනම් වෙයි වගෙයි (නි)
අතීතයේ පන්සල් වල සටන් පුහුණු කරලත් තිබෙනවා. (නි)
මේක ලංකාවේ සියළු විහාරස්ථාන වලට අදාළ කරන්න (නි)
හාමුදුරුවන් දේශපාලනේ කරන එකයි ඡන්දේ ඉල්ලන එකයිත් කොහොම හරි තහනම් කරන්න. (ර)
පන්සලේ පින් වැඩ කරන්න. දේශපාලනය ගාගෙන අපවිත්‍ර කරන්න එපා. (නි)
ඉතා හොඳ තීරණයක්. පන්සලෙන් දේශපාලනය ඉවත් වියයුතුය (නි)
සංඝ බේදයක් ඇතිවෙන්න නම් ඉඩතියන්න එපා (නි)
අනේ මේ රටේ වෙන පන්සල් වල දේශපාලනය කෙරෙන්නෙම නැද්ද? (නි)
ඔන්න ඔහොමයි එහෙනම් පන්සල් වල තත්වය! (නි)
සමහර බංකොලොත් වෙච්ච දේසපාලුවෝ මේ වගේ ප්‍රසිද්ධ විහාරස්ථාන ඉස්සර කරගෙන තම තමුන්ගේ පටු දේසපාලන අවශ්‍යතාවන් ඉටු කර ගන්න හදනවා. පන්සල් වල දේශපාලන වේදිකා හදන්න ඉඩදෙන්නේ ඇයි .උතුම් වූ බුදුන්වහන්සේගේ ශ්‍රේෂ්ට ධර්මයටත් නිගරු කරනවා මේ බංකොලොත් වුන දේසපාලුවෝ. වසර 2500 ක් වූ බෞද්ධ ඉතිහාසයට වෙච්ච දේවල්ද මේ. පන්සල් මුල් කරගෙන එදා පැවැත්වුනේ ධර්ම සංගායනා. දැන් පවත්වන්නේ දේසපාලන රැස්වීම්. (ර)
මේ ටික මහින්දට තේරෙන්නේ නැති එකනේ අපේ අවාසනාව (නි)
ආගමයි, දේශපාලනයයි කියන දෙක, දෙකක් කියා තේරුම් ගන්න බැරිද? ඒ ඒ මදිවාට වෘත්තීය සමිතිත් පන්සලේ. අපේ ජාතිය ගොඩනැගූ, සංස්කෘතිය හැඩගැන්වූ පන්සල්වලට ගිය කල..! (නි)
ඉමල්කා, නලින්, යහම්පත්, එසේ නම් සමහරු සුද්දාට කඩේ යන එකට මොනවාද ඔබලාගේ ප්‍රතිචාරය? (නි)
මෙවැනි පන්සල්, මෙවැනි හාමුදුරුවරු ඉස්සර කාලෙදිත් හිටියා නම් මේ වෙනකොට අපේ නිර්මල බෞද්ධ ධර්මයත් විනාශ වෙලා, පන්සල් යන කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අපිට පන්සල් එපා කරන්න කලින් මෙවැනි තීරණයක් ගත් එකට නම් පින් සිද්ධවෙනවා. (නි)
සමහරු කල්පනා කරන්නේ පන්සලේ මල් වට්ටියක් උස්සාගෙන අපේ හාමුදුරුවනේ... කියලා පටන් අරගෙන කියන ඕනෑම කෙබරයක් රටේ මිනිස්සු දොහොත් මුදුන් දීලා බාරගනීවි කියලයි. (නි)
අපේ හාමුදුරුවනේ, කබරගොයාත් තලගොයා වගේ පෙනෙන මේ කාලේ මේකත් "වෛරය , ඊර්ෂ්‍යාව" වගේ පෙනෙයිද දන්නේ නැහැ. අනෙක් අතට මේකත් ඇමෙරිකානු කුමන්ත්‍රණයක්ද කියන්නත් බැහැ. (නි)
ඇත්ත. පන්සලේ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ (නි)
මහින්ද මැතිතුමා කළ දේ අනුමත කරන්න බැහැ (නි)
තමන්ගේ විරුද්ධවාදීන්ගේ දේශපාලන ව්‍යාපාර මෙහෙම නවත්වන්න පුළුවන් කියලා තවමත් දේශපාලකයෝ හිතන එකනේ ප්‍රශ්නය (නි)
යහපාලනය එහෙම තමයි (නි)
මේක හරියට දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් වගෙයි දැන් (නි)
නිම්මි ඔයා අතීතයේ තාම ජිවත් වෙන්නේ කියල නම් හොදටෝම පේනවා (බ)
කොහෙද පිටියක පන්සලකුත් කාලයක් මේ වගේ වැඩ වලට ප්‍රසිද්ධ වෙලා තිබුන, එ්ත් එතකොට කවුරුවත් උසාවි ගියේ නැහැ. (බ)
පහුවෙලා හරි ගන්න ඕනෑ හොඳ තීරණයක්. පන්සල් තියෙන්නේ දේශපාලනය කරන්න නෙමෙයි. දේශපාලකයෝ පාර්ලිමේන්තුවේදී කියන කුණුහරුප මේ පන්සල් වලත් වපුරනවා ඇත. (නි)
බොහොම හොඳ තීරණයක්. (ර)
මේක නම් හොඳ තීන්දුවක් , පන්සල් වල දේශපාලන රැස්වීම්. වෘත්තීය සමිති . මුදල් හම්බ කරන පන්ති පැවත්විම බෞද්ධ විහාරයකට සුදුසු දේවල් නොවේ, පන්සල් තියෙන්නේ , පොදු මහජනතාවට බෞද්ධ ධර්මය ඉගෙන ගැනිමට. (ර)
හරි තීරණයක්, බොහොම හොඳ වැඩක්. (ර)
විහාරාධිපති ස්වාමින් වහන්සේ හොඳ තීරණයක් අරන් තියෙන්නේ. (නි)
මේ සමිති සහ පක්ෂ වලට මේවා පවත්වන්න උත්ප්‍රේරක සපයන්නන් හට අපේ සමහර චීවරධාරීන් යටවෙලා (නි)
ඔන්න යහපාලනය එළිදකිනවා. (නි)