අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නම් දේශපාලන බලපෑම් එල්ල නොවිය යුතු යැයි ද, ස්වාධීන අධිකරණයක් බිහිකැර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය සහිතව ක්‍රියාත්මක කළ යුතු යැයි ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී.බී වරාවැව මහතා මහනුවරදී ප්‍රකාශ කෙළේය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රැස්වීමක් අමතිමින් ඔහු මෙසේ ද කීවේය. සුදුස්සාට සුදුසු තැන හිමි විය යතුයි. නුසුදුස්සන් නිසා අධිකරණයත් හෑල්ලු වෙනවා. ඉතිහාස පුරා මෙවැනි දේ තිබුණා. අධිකරණය පිරිසුදු කිරීමට දේශපාලන බේදයෙන් තොරව බල වේගයක් තිබිය යුතුයි. දඬුවම් දිය යුත්තේ පොල්ගෙඩියක් කොස්ගෙඩියක් හොරෙන්කඩන පුද්ගලයාට පමණක් නොවේ. මිනී මැරීමකට හවුල්වන දේශපාලනාඥයාට ලැබෙන සහනය අපරාධයක් කළ සාමාන්‍ය මිනිසාට අද හිමිවන්නේ නැහැ. අධිකරණයෙන් මිනිසාට ආරකෂාව තිබිය යුතුයි. මහජන විශාවාසය නොමැති විට අධිකරණය පවතින්නේ නැහැ. කෙටි මාර්ග වලින් අධිකරණයට බලපෑම් සිදුවෙනවා. මාදොළුවාවේ සෝභිත හිමියන් පැවැසුයේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන තුරු යුක්තිය සාධාරණය සිහිනයක් පමණක් බවයි.‘‘අද රටේ සතර අගතිය හොඳින් දැක ගත හැකියි. යුද්ධය දිනා දුන් සරත් පොන්සේකා විශ්‍රාම යන විට කිසිම චෝදනාවක් නෑ. නමුත් අද ඔහු හිර ගෙදර. ඔහුට කඩිනම් නිදහස ලැබේවා.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. නමුත් ඉතින් හැමෝම මේවා කියන්නේ විශ්‍රාම ගියාට පස්සේ. ඉන්නකොට මොනවත් කියන්නේ නෑ.
අධිකරනයට දෙශපලන ඇන්ගිලිගැසිම් නතර වියයුතුව සේම, අධිකරන විනිසුරුවන් විස්‍රාම ගියපසු දෙශපලනයට අදාල දේ ප්‍රකාශ කිරිමෙන් වලකිය යුතුවේ. එවනි ප්‍රකශ වලින් අධිකරනයෙ ස්වදීනත්වය හා අපක්ශපාතිත්වය පිලිබන්ද ගටලු පැනනගී. අපේ රටේ සියලු දෙනගේම ගෞරවයට පත්‍රවියයුතු හො එවනි බලපොරොත්තු ඇති නායක හිමි වරුන්, විස්‍රම ගිය හමුදනිලදාරීන් අග විනිසුරු වගෙ අය දෙශපලනයෙන් වැලකිය යුතුය. අපේ රටේ දෙශපලනයේ හැටි එසේය.අපේ රටට ප්‍රජතන්ත්‍රවදි පාලන ක්‍රමයක් ගෙන අවේ යටත් ව්ජිට වාදි සුද්දන් විසිනි. මෙය තදින් එල්ලගත් අපේ අය පසුගිය ඩශක හය තුල අනකොටගත් හැටි හා මාරගත් හටි අපි දුටුවෙමු. රට ලාබගත් විශේශ දියුනුවක්ද නොමැත.
සත්‍ය කතාවක්
දේශපාලනය අධිකරණයට නැතුව කොහොමද ඡන්දේ දිනුවේ හොරු, තක්කඩි, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ නිසයි. ඉතින් උන් බේරගන්නේ නැතුව කොහොමද ඊළග ඡන්දෙ දිනන්නේ
වරාවැව මහතාණනි, ඔබ අපට ආඩම්බරයක්
ගරුතර සෝභිත නායක හාමුදුරුවන්ගේත්, වරාවැව මහතාගේත් ප්‍රකාශ රන් අකුරින් මුද්‍රණය කිරීමේ කාලය දැන් ලගාවී තිබේ.
මේ අය තමා ජනතාව ගොනාට අන්දවන්න හදන්නේ. විනිසුරු වරාවැව සුදුකොඩි නඩුවේ දුන් තීන්දුව දැන් ප්‍රශ්න කරන්නට සිදුවෙනවා. ඇය් මේ වේදිකාවට නගින්න හිතල තමා ඒ විදියට තීන්දුව්ක දුන්නේ කියලා දැන් කාටත් පැහැදිලියි. මාදුලුවාවේ සෝභිත තෙර 2001 රනිල්-ප්‍රභා ගිවිසුම වෙලාවේ කටයුතු කරපු හැටිත් ජනතාවට අමතක නැහැ. මේ වගේ අය නිසා තමා අද ජනතාව විපක්ෂය අමතක කරලා සන්ධානයටම ඡන්දය දෙන්නේ.
අපේ රට තියෙන්නේ ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක. විනිසුරුවරු රූකඩ වෙලා.
දේශපාලනය සහ අධිකරණය යනු කරුණු දෙකකි ..දේශපාලනය අධිකරණයට අත පෙවීම රටේ අභාගියකි
හාමුදුරුවෝ මාර දීමක්නේ ෆොන්සේකාට දෙන්නේ.
වරාවැව විනිසුරුවාණනි, මේ රත්තරං කියමනට ඔබට බොහොම පින්.
මමත් කියන්නෙ දේශපාලනය අධිකරණයට එපා කියල තමයි
බලාපොරොත්තු කඩවුනාමත් හැමෝම යුක්තිය සාධාරණත්වය ගැන කතා කරනවා.
බී.ජී.පෙරේරා මහත්තයෝ ඇත්ත තිත්තයි. අමාරුනේ හරි ගිලගන්න. මේවා බොරු නෙමේ.
වජ්ජා, බිල්ලෙක් සේ කතාකරනවා. ..... මූට වස්සා කියන්න ඕනේ.
මොනවා කිව්වත් වැඩක් නැහැ. රාජපක්ෂ පවුල ඒකේ ඉන්න තුරු හොරකම් කරන ජනාධිපති කෙනෙක්ඉන්න තුරු ඔය ශ්‍රී ලංකාවට හොද දවසක් උදා වෙන්නේ නැහැ. ඇමරිකන් ඩොලර් එක රුපියල් 129 යි. ඒකනම් මට හොදයි.
වජ්ජෝ, ඔයාවගේ අය ආණ්ඩුවට කඩේ යන නිසා තමයි අද රටට මේ ටික වෙලා අණ්ඩුව බය නැතුව මේ ජරා වැඩ කරන්නේ. මොකද ආණ්ඩුව දන්නවා වජ්ජා වගේ රටේ තත්වය වහගෙන කථාකරන රට පාවදෙන අය ඉන්නකම් ඕනම ජරාවැඩක් කරන්න පුළුවන්බව. වජ්ජේ. ඇයි ඔහේ කතාකරන්නෙමනැත්තේ. ආණ්ඩුවේ දේශපාලකයෝ කරන දූෂණයට මිනීමැරුම් වලට . තමුසෙලා වගේ අය රටට මහා පවක්.
විපක්ෂයෙන් ඉල්ලන නිර්පාක්ෂික අපේක්ෂකයා වරාවැව කියලයි මටනම් හිතෙන්නේ. තමා දීපු තීන්දුවකින් ආයේ මේ තරම් ලකුණු දා ගන්න හදන්නේ. ?????? මේ කතා වලින් තේරෙන්නේ ඒ තීන්දුවත් දේශපාලන තීන්දුව්ක් කියලයි.
වර්තමානයේ අප රටේ මහේස්ත්‍රාත් අධිකරණයන් දේශපාලනයෙන්ද ඔබ්බට ගොස් ආණ්ඩුවෙන් මරාදාන අයගේ අවසන් කටයුතු සිදු කල යුතු ආකාරය පිළිබඳවද නියෝග දෙමින් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යයද මනාව ඉටු කරන අතර ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ පමණක් තහනම් කරමින් රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යාමද කරනවා. මෙවන් රටක අධිකරණයේ ස්වාධීනත්වයක් ඇතැයි සිතීමද විහිළුවකි.
රටේ තත්වේ නොදැන කතා කරන වජ්ජා හිගන්නෙක් වගේ.
වජ්ජෝ ඔළුව අතගාලා බලන්න අංදෙක තවම තියෙනවාද කියලා. ලැජ්ජා නැති හැටි
වජ්ජා, ඇස් කන් ඇරලා බලපන් මචන්..අන්ධයෙක් වගේ ආණ්ඩුවට කඩේ යන්න එපා..බඩු මිල අහස උසට..එදා වේල හොයන් කන මිනිහට විතරක් නෙමේ 75%ක් මිනිස්සුන්ට අද ජීවිතේ ගොඩක් අමාරුයි.. නීතිය බල්ලට ගිහින්. ආණ්ඩුවට ඡන්දෙ දීපු අපි අත කපාගත්තා.