තරිඳු ජයවර්ධන
දකුණු පළාතේ දේශපාලනඥයකුට උපහාරයක් පුද කිරීමේ සිද්ධියක් පාදක කරගෙන සෑම පාසලකම එම දේශපාලනඥයාට උපකාහර පුද කිරීමට රුපියල් 4000ක වියදමින් බැනරයක් ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
එකම ආකාරයකට එම බැනරය මුද්‍රණය කරන ලෙස ඇතැම් කලාපවලට උපදෙස් දී ඇතැයි ද, ඇතැම් කලාපවල ඒ සඳහා පෞද්ගලික ආයතන නම් කර ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
දේශපාලනඥයාගේ ඡායාරූපයක් ද එම බැනරයට අතුළත් කරන ලෙස බලධාරීන් උපදෙස් දී ඇතැයි කියන ස්ටාලින් මහතා මේ සියල්ල ලිඛිත උපදෙස් නොවන බවත්, පාසල් සංවර්ධන සමිති මුදල් වලින් මෙවැනි බැනර මුද්‍රණය කිරීම වැරදි නිසා විදුහල්පතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.
මෙම නීති විරෝධී නියෝගය වහාම අත්හිටැවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන දේපළ හූරන් කාපු අයව සමරන්න නෙවෙයි ගහල පන්නන්නයි ඕනේ..
පාසැල් තිබෙන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න මිස දේශපාලකයන්ට වන්දිභට්ටකම් කරන්න නොවේ. ඒක නොදන්න මෙවැනි මන්ද බුද්ධික නිලධාරීන් පලවා හැරිය යුතුය.
අපේ රටේ ඉන්නේ බත් බැලයො... ඒ අය දන්නේ කව්රු හරි කෙනෙකුට කඩේ යන්න විතරයි. අපේ අධ්‍යාපන ඇමැති බුදිද දන්නේ නැහැ... මේවා කරනකල්
මහජනයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තුට ගිය මේ අයට උපහාර දක්වන්න කියා ඉස්කෝලවලට උපදෙස් දෙන්නේ කවුද? දේශපාලකයා කවුරු වුණත් මේකට විරෝධය දැක්විය යුතුයි!
කරුණාකරලා ඔය කියන කෙනාගේ නම ප්‍රසිද්ධ කරන්න