දේශපාලනයට සම්බන්ධ තෝරුන්, මොරුන් හා හාල්මැස්සන් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කර්යාලයට පැමිණිලි 285ක් ලැබී ඇති බවත් එම පැමිණිලි වලින් 177ක මූලික පරික්ෂණ අවසන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) වාරියපොලදී පැවැසීය.
එම පැමිණිලි වලින් මුල්‍ය අපරාධ අංශයට පැමිණිලි 115ද, අල්ලස් කොමිසමට පැමිණිලි 35ක්ද, අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි 27ක්ද වැඩිදුර දුර විමර්ශනය සදහා යොමු කර තිබෙන බවද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මොවුන්ට එරෙහිව ලබන සැප්තැම්බර් මාසයේදී නඩු පැවැරිමට කටයුතු කරන බව පැවැසු අග්‍රමාත්‍යවරයා ඔවුනට දඩුවම් කිරීමට නව නීති අවශ්‍ය නම් අලුත් පාර්ලිමේන්තුවෙන් එම නිතී සම්පාදනය කර ගන්නා බවටද සදහන් කළේය.
පසුගිය ආණ්ඩු සමයේ අල්ලස් හෝ දුෂණ කොමිසමට වසර ගණනාවක් තිස්සේ ලැබී තිබු ලිපි ගොනු 1500ක් පසකට දමා තිබු බවත් නව පාර්ලිමේන්තුව යටතේ අල්ලස් හෝ දුෂණ කොමිසමට නව කොමසාරිස් වරුන් පත් කර විමර්ශන විදිමත් කරන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
කකුළුවන් දිය හැලියේ නටනවා සේ නොවැම්බර් මාසය වන තෙක් නටන ලෙස වංචා හා දුෂණ වලට සම්බන්ධ දේශපාලකයන්ට පවසන බවද අග්‍රමාත්‍ය වරයා සදහන් කළේය.
යහ පාලන ආණ්ඩුව හොරුන් අල්ලන්නේ නීතියේ ආධිපත්‍යයට යටත්ව බවත් එලෙස නොකළා නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ඉන්නේ හිර ගෙවල් වල බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ නෝනාත් හිතාගෙන ඉන්නේ ඉන්දියාවේ කියල (බ)
දැනට මන්ත්‍රීවරුනට වාහන පර්මිට් එක සදහා දෙන ලක්ෂ 200 බලපත්‍රය අහෝසි කර එම මුදල් වලින් ඉස්පිරිතාලවල නැති අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ටික ලබා දෙන්න. (ම)
ඔබලාගේ පැත්තේ අයටත් ඒ ටික තමයි (බ)
17 ට පස්සේ රිමාන්ඩ් මහා බැංකු මහා කොල්ලෙට. (බ)
ඇත්ත.... මහින්ද අගමැති වී ඔහෙලට නඩුදානවා ,මහබැංකුවේ කෝටි පන්දාස් ගණනක වංචාවට (බ)
1977 - 1994 යූඇන්පී ආණ්ඩුව ගෙදර යැව්වෙත් ඒ අය හොරු බවට චෝදනා කරල. ඒ ආණ්ඩුවෙ හිටපු තරුණ කටයුතු ඇමැතිවරයා එවකට බාලවයස්කාරියක දූෂණය කර සිරගතව සිටි ගෝනවල සුනිල් නැමති පාතාල මැරයාට ජනාධිපති සමාව රැගෙන දී ලංකාවටම බලපවත්වන පරිදි සාමදාන විනිසුරු පදවියක් ලබා දුන්නා. ඒ ඇමතිවරයා පසුව එම රජයේ අධ්‍යාපන ඇමති වී අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවා. ඊට එරෙහි වූ සරසවි හා පාසල් සිසුන් කී දෙනෙකුට මරන වරෙන්තුව ලබා දුන්නද? ඉතින් අපි මේ කථා කෙසේ විශ්වාස කරමුද? (බ)
දැන් හොරු හොඳම රාජ්‍ය නායකයෝ වෙලානේ. නීතියෙන් බොරුවුණත් හොරා හොරාමයි. මෛත්‍රීට ජයවේවා. මහජනයාට ජයවේවා! (නි)
දහම් ඔහේ කියවනවා, බැඳුම්කර පිළිබද අවබෝධයක් නැතුව (නි)
කට්ටිය බිල්පත් මංකොල්ලයක් ගැන කතාකරන්නේ හරියට විස්ස්තර දැනගෙනද? හරි එහෙම එකක් වුණාමයි කියමුකෝ.ඒත් අවුරුදු 30-40 ක දේශපාලනයේ අනිත් අයගේ හොරකම් එක්ක සසඳා බලන්න (නි)
ලංකාවේ එක දෙයකට පමණක්වත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරමු. දේශපාලනයට සම්බන්ධ අයෙක් ලක්ෂ 10 ට වඩා හොරකම් කළා යැයි ඔප්පු වූ විට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. (නි)
වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් ජනතාව නැඟීසිටින දිනය ඈතක නොවනු ඇත (නි)
ඔයා හොරුටික අල්ලන ගමන් පිට රටවල්වල ඉන්න අපි ගැනත් හිතල සහන ටිකක් දෙන්නත් බලන්න. මොකද ලංකාවේ ප්‍රදාන අාදායම අපෙන් නිසා. (නදී)
දින ළං ළංවෙනකොට එතුමා අලුත් අලුත් දේවල් කියනවා (නි)
ආසියාවේ මිණිපහන ලෙස විරුදාවලිය ලත් රනිල් මහත්තයට ජයෙන් ජයම වේවා!! දුෂණය වංචාව රටෙන් තුරන් කිරීමට හැකිවේවා !! (නි)
ඇත්තෙන්ම ස්වාධීන කොමිසම් ටික හදාගත්තොත් පාට මොකක් වුණත් රට පෙරට එන එක නම් විශ්වාසයි! (නි)
මහ බැංකුවේ වංචාවක් වෙලා නැහැ වගෙයි (නි)
ආසියාවේ මිණිපහනට ඔබේ බුද්ධි මහිමයෙන් ලක්දිව ඉදිරියෙන් ඉදිරියටම ගෙනයාමට හැකියාව ශක්තිය ලැබේවා! (නි)
බොහොම හොඳයි. ජයවේවා! (නි)
රකිතත් සමඟ එකඟ වෙනවා. ඒකට විතරක් මරණ දඬුවම තිබුනත් ඇති. අනෙක් දේවල් නිකම්ම හැදෙයි. සියලුම මැති ඇමතිවරුන්ගේ කාර්යාල සහ වෙනත් රාජකාරි කටයුතු කරන ස්ථානවල සි සි ටි වී කැමරා සවිකළ යුතු අතර ඒවා වෙනත් ස්ථානයක පටිගත වියයුතුය. එමෙන්ම දුරකතනද පටිගත කරගත යුතුය. මෙවැනි ක්‍රියා නීතිගත කිරීමෙන් දුෂණයෙන් තොර පාලකයන් පිරිසක් රට තුළ නිර්මාණය කරගත හැකිවනු ඇත.එමෙන්ම දේශපාලකයෙකුගේ දුෂණ කටයුත්තක් පිළිබඳ සාක්ෂි සහිතව තොරතුරු ලබාදෙන කෙනෙකුට ඉතා ඉහළ මුදල් ත්‍යාගයක් පිරිනමන්න. (නි)
දුෂණය වංචාව අඩුකිරීමේදී පුවත්පත් වලටද විශේෂ කාර්යභාරයක් සිදුකළ හැකිය. කිසියම් දේශපාලකයෙකුගේ වංචාවක් දුෂණයක් පිළිබඳව පටිගත කරන ලද වීඩියෝවක් ලැබුනහොත් එය පළකිරීම සඳහා අපිට වෙනම ඊමේල් ලිපිනයක් ලබාදෙන්න බැරිද? (නි)
තාජුදීන් මරාදැමූ මිනීමරුවාට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)
දේශපාලකයන්ගේ කළු සල්ලි පිටරටවල ඔවුන්ගේ දරුවන්ට යන්නේ ප්‍රභූ පර්යන්තයෙන්. මේවා ඉස්සර නම් පරීක්ෂා කෙරුනේ නැහැ. දැන්නම් කොහොමද දන්නේ නැහැ. කොහොම වුණත් හොරකම් කරලා රට පැටෙව්වට පස්සේ අල්ලනවා බොරු. ඒ නිසා රජයේ හැම ටෙන්ඩර් එකක්ම ගනුදෙනුවක්ම වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කළයුතුයි. (නි)
දේශපාලුවෝ ප්‍රකෝටි ගණන් හොරකම් කළවිට ඒවා අල්ලන්නේ දුප්පත් මිනිහගේ බත්පතෙන්. යහපාලනය දැනට නම් හොඳයි. ඉස්සරහටත් තව පුළුවන් තරම් හොරකම් වලට වැටබඳින්න. (නි)
මහබැංකු අධිපතිටත් නඩු දානවද ? (ම)
නීතිය අකුරටම පිළිපදින්න. මන්ත්‍රීවරුන්ට ආචාර පද්ධතියක් සකස් කරන්න. විදෙස් ගමන් පිළිබඳ පුර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඔබතුමාට ජය වේවා. (ම)
බැඳුම්කර ප්‍රශ්නය ගැන මොකද කියන්නේ? (නි)
මහ බැංකු වංචාවට නැතුවද ? (බ)
බැඳුම් කර වංචාවට යන්න වෙන්නේ මොන සිර ගෙදර ද (බ)
මහබැංකු හොරුන්ටත් ලැබෙයි නේද (බ)
මහබැංකු ගනුදෙනුවටත් එහෙනම් නඩු දමාවි. (බ)
කාවද මුලින්ම අල්ලන්නේ? (නි)
2015 මහා බැංකු මංකොල්ලෙට සම්බන්ධ කකුලුවන්ටත් අදාළද (බ)
බන්දුල, ඔයාද ඒ විරුදාවලිය දුන්නේ? (නි)
මේ වග මුලින් දැන උන්නානම් පාරවල් හදන්න ඉස්සර හිර ගෙවල් ටික සුපිරියට හදලම යන්න තිබුන මේවා කාටත් හොඳ පාඩම්. (බ)
නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න එවිට යහපාලනය ඉබේම ගොඩ නැගේවි. (බ)
නුවන් මහා බැංකුවේ වංචාවක් වෙලා නම් අල්ලස් දුෂණ කොමිසමට අදම ගිහිල්ල පැමිණිල්ලක් කරන්න. එහෙම කළා කියල සුදු වෑන් වලින් ගිහින් ඔයාට මිනි මෝරුන්ගේ බඩට යන්න වෙන්නේ නැහැ. ඒ හින්ද බය නැතුව පැමිණිලි කරන්න.(නදී)
කියපු විදියට වෙන්න ඕන (බ)
රනිල් මහත්තයෝ හොරු ටික නම් අල්ලන ඕනේ. නැත්නම් ජනවාරි 8 පුස්සක් වෙයි (බ)