සියලුම දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලා මඩකලපුවේදී සම අයිති සංගමය අද (12) උද්ඝෝෂණයක් පැවැත්වීය.
සියලුම දේශපාලන රැඳවුම්කරුවන් නිදහස් කරනු, යුද හමුදා කඳවුරු සීමා කර වාසස්ථානවලින් කඳවුරු ඉවත් කරනු, අතුරුදන් වූවන් හා පැහැරගත් අය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණ කරනු ආදී සටන් පාඨ දක්නට ලැබිණි.
සංවිධානයේ සංවිධායක යූට් ප්‍රනාන්දු සහ එම් ඉන්දිරානන්දන් මුහමඩ්සාලි මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
COMMENTS
දේශපාලන සිරකරුවන් කියන්නේ වෙනස් අදහසක් දරනවා කියන නිසා හිරේ දැම්ම අය නේද? කාවද මේ නිදහස් කරන්න කියන්නේ? (නි)
බයවෙන්න දෙයක් නැහැ, ඉක්මනටම දෙන්නම් (නි)
"සියලුම දේශපාලන රැඳවුම්කරුවන් නිදහස් කරලා, යුද හමුදා කඳවුරු සීමා කර වාසස්ථාන වලින් කඳවුරු ඉවත් කරලා, අතුරුදන්වූවන් හා පැහැරගත් අය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණ කරලා" හැමදේම මෙයාලට ඕනෑ විදිහට කළොත් හොඳට තියෙයි (නි)
කරුණාකරලා කියන්න පුලුවන්ද ඔය අය මොනවාගේ දේශපාලන සිරකරුවන්ද කියලා. සාමාන්‍ය ජනතාව කොච්චර නම් මැරුවද ඔය කියන විශේෂ දේශපාලන සිරකරුවන්? නිදහස ඉල්ලන්න කලින් තමන් කළ අහිංසක දේශපාලනය ගැන පැහැදිලි කළොත් හොඳයි ජනතාවට දැනගන්න. (නි)
ඔවු ඔයාලගේ ලොකු අක්කා හෙට ලංකාවට එනවා නේද ?ටිකක් ඉවසල ඉන්න. (බ)