පරිසර ඇමැති හා ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරිය අවසරය දුන්නැයි කියමින් බලපත් රහිතව බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපු බලවතකු ආම්පන්න ද සමග අත්අඩංගුවට ගත් බව අධිකාරියේ වැටලීම් අංශය කියයි.
රත්නපුර දිස්ත්‍රික් බැකෝ රථ හිමියන්ගේ සංගමයේ සභාපති හා හිටපු ඇමැතිවරයකුගේ සහෝදරයකු බව කියමින් ඔහු වැටලීම් කණ්ඩායමට රාජකාරී කිරීමට බාධා කර ඇතැයි ද කියති.
බැකෝවෙන් හැරීම නිසා මහා ජලාශ සෑදී පරිසරය වැනසී ඇතැයි ද වැටලිම් නිලධරයෝ කියති.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යේෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ තිලක් කුලනන්ද මහතාගේ උදෙස් මත වැටලීම් සිදු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලනයක් ඇතිකරන්න පුළුවන් කෙනෙක් නැද්ද ඔය සිය ගානක් ඉන්න දේශ පාලුවෝ අතරේ? මේගොල්ලෝ අඩුකරන්නැයි එකතුවෙලා වැඩකරන්න ඕනේ අපි .. (ස)
මටත් වෙලාවකට හිතෙනවා සමීර සාලින්ද කියන එක හරි කියලා. හැබැයි අර ආණ්ඩුවට පැනපු කෙනා නැතුව. (නදී)
මිනිසුනේ ඇස් අැරපල්ලා.එහෙම ගියොත් රටක් ඉතුරු වෙයිද? නීතිය ක්‍රියාත්මක කල නිලදාරින්ට ප්‍රණාමය. සියලුම බැකෝ යන්ත්‍ර රාජසන්තක කර විසාල දඩ මුදලක් අය කර වලවල් වආ දැමිය යුතුයි. (ස)
"සියලුම බැකෝ යන්ත්‍ර රාජසන්තක කර විශාල දඩ මුදලක් අය කර වලවල් වසා දැමිය යුතුයි" අන්න අන්න නොකෙරෙන දේවල් ගැන කියනවා. දැනටමත් මිනිහ නිලධාරීන්ව මාරු කොරන්න කටයුතු කරල ඇති . (ස)
ජනතා විමුක්ති පෙරමුණ එන්න ඕනි (ස)
ඊළඟ ඡන්දෙදි බලාගන්න පුලුවන් හොරුන්ට යන කල!! (නි)
මෙහෙම අපරාධ කරන මිනිසුන්ට නම් ෂරියා නීතිය හොඳයි. වසන්තිගේ හීනය හරි ලස්සනයි හැබෑවෙනවා නම්. මහා පවු වැඩ මෙහෙම වනාන්තර විනාශ කරන එක.මේවා එයාලගේ බූදලය නෙමෙයිනේ. (නි)
ඕක මොකක්ද? දැන් කෙරෙන්නේ දේශපාලන බලය පෙන්වා මුළු රටම කපන එකනේ. බලන්න කරලා තිබෙන විනාශය. (නි)
බලයට පත් වෙන්න පොර කනවා මිසක මේ රට බේරා ගන්න කවුරුවත් නැහැ.සිංහල බෞද්ධයාට හිමි තැන මේ සුන්දර රට තව වැඩිකල් පවතින්නේ නැහැ.මේ විදිහට ගියොත්. (අ)
ඇත්තටම මේ දේශ පාලනයට එන සෑම පුද්ගලයෙකුටම ඔහුට අයිති බලය සීමා කරන්න ඕනේ ?ඒ වගේම මාසික පඩිය උපාධි ගුරුපඩියට සීමා කරන්න ඕනේ ? එවිට මේ පවතින මැර රැල්ල අඩුවෙනවා. ඒ අය හැම දේම පරදුවට තියල එන්නේ රට වැසියට සේවය කරන්නනේ ! එසේනම් ඒ හැම දේම ස්වශක්තියට ඉඩ දීල ක්‍රියාකරන්න ජන තාවට සෙත සලසන්න මේ මහජන දේපල විනාශ කරන එකම යුද්ධය නවත් වන්න ඕනේ ..? බලන්න කරලා තියන මහජන සේවයේ විශාල අගාධය, මහා පොලව පහුරු ගාල, මෙයාලට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ? මේ පුද්ගලයන්ගේ නිල තල සියල්ල අහෝසි කරන්න ඕනේ? (අ)
දෙවියනේ, මෙහෙම අය තුන් හතර දෙනෙක් හිටියොත් රටම හාරයිනේ. හිටපු ඇමතිලගේ සහෝදරයින්ට මෙච්චර දේවල් පුළුවන් නම්, අනේ මන්ද..(අ)
පාදඩයින්ට රට ගිහිල්ල. (ස)
මේවා කළ අයත් උන්ට පාර කැපුූ අයත් සහතිකවම කර්මය පළදී මේ වගේ වළකටම යත්වා! (නි)