IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දේශපාලන බලය පෙන්වා පතල් කපලා

පරිසර ඇමැති හා ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරිය අවසරය දුන්නැයි කියමින් බලපත් රහිතව බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපු බලවතකු  ආම්පන්න ද සමග අත්අඩංගුවට ගත් බව අධිකාරියේ  වැටලීම් අංශය කියයි.

රත්නපුර දිස්ත්‍රික් බැකෝ රථ හිමියන්ගේ සංගමයේ සභාපති  හා හිටපු ඇමැතිවරයකුගේ සහෝදරයකු බව කියමින් ඔහු වැටලීම් කණ්ඩායමට රාජකාරී කිරීමට බාධා කර ඇතැයි ද කියති.

බැකෝවෙන් හැරීම නිසා මහා ජලාශ සෑදී  පරිසරය වැනසී ඇතැයි ද වැටලිම් නිලධරයෝ කියති.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යේෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ  තිලක්  කුලනන්ද මහතාගේ  උදෙස් මත  වැටලීම් සිදු විය.

102-010 102-011 102-012 102-013



අදහස් (0)

දේශපාලන බලය පෙන්වා පතල් කපලා

චතු Friday, 03 October 2014 09:33 AM

පාලනයක් ඇතිකරන්න පුළුවන් කෙනෙක් නැද්ද ඔය සිය ගානක් ඉන්න දේශ පාලුවෝ අතරේ? මේගොල්ලෝ අඩුකරන්නැයි එකතුවෙලා වැඩකරන්න ඕනේ අපි .. (ස)

:       0       0

රෝහණ Saturday, 04 October 2014 08:03 AM

මටත් වෙලාවකට හිතෙනවා සමීර සාලින්ද කියන එක හරි කියලා. හැබැයි අර ආණ්ඩුවට පැනපු කෙනා නැතුව. (නදී)

:       0       0

වසන්ති Friday, 03 October 2014 10:01 AM

මිනිසුනේ ඇස් අැරපල්ලා.එහෙම ගියොත් රටක් ඉතුරු වෙයිද? නීතිය ක්‍රියාත්මක කල නිලදාරින්ට ප්‍රණාමය. සියලුම බැකෝ යන්ත්‍ර රාජසන්තක කර විසාල දඩ මුදලක් අය කර වලවල් වආ දැමිය යුතුයි. (ස)

:       0       0

බමුණු Friday, 03 October 2014 11:31 AM

"සියලුම බැකෝ යන්ත්‍ර රාජසන්තක කර විශාල දඩ මුදලක් අය කර වලවල් වසා දැමිය යුතුයි" අන්න අන්න නොකෙරෙන දේවල් ගැන කියනවා. දැනටමත් මිනිහ නිලධාරීන්ව මාරු කොරන්න කට‍යුතු කරල ඇති . (ස)

:       0       0

සමීර සාලින්ද Friday, 03 October 2014 11:49 AM

ජනතා විමුක්ති පෙරමුණ එන්න ඕනි (ස)

:       0       0

අමිල Friday, 03 October 2014 11:59 AM

ඊළඟ ඡන්දෙදි බලාගන්න පුලුවන් හොරුන්ට යන කල!! (නි)

:       0       0

වීරසිංහ Friday, 03 October 2014 12:06 PM

මෙහෙම අපරාධ කරන මිනිසුන්ට නම් ෂරියා නීතිය හොඳයි. වසන්තිගේ හීනය හරි ලස්සනයි හැබෑවෙනවා නම්. මහා පවු වැඩ මෙහෙම වනාන්තර විනාශ කරන එක.මේවා එයාලගේ බූදලය නෙමෙයිනේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 03 October 2014 05:35 AM

ඕක මොකක්ද? දැන් කෙරෙන්නේ දේශපාලන බලය පෙන්වා මුළු රටම කපන එකනේ. බලන්න කරලා තිබෙන විනාශය. (නි)

:       0       0

පිටිගල Friday, 03 October 2014 05:46 AM

බලයට පත් වෙන්න පොර කනවා මිසක මේ රට බේරා ගන්න කවුරුවත් නැහැ.සිංහල බෞද්ධයාට හිමි තැන මේ සුන්දර රට තව වැඩිකල් පවතින්නේ නැහැ.මේ විදිහට ගියොත්. (අ)

:       0       0

රූපවති Friday, 03 October 2014 06:09 AM

ඇත්තටම මේ දේශ පාලනයට එන සෑම පුද්ගලයෙකුටම ඔහුට අයිති බලය සීමා කරන්න ඕනේ ?ඒ වගේම මාසික පඩිය උපාධි ගුරුපඩියට සීමා කරන්න ඕනේ ? එවිට මේ පවතින මැර රැල්ල අඩුවෙනවා. ඒ අය හැම දේම පරදුවට තියල එන්නේ රට වැසියට සේවය කරන්නනේ ! එසේනම් ඒ හැම දේම ස්වශක්තියට ඉඩ දීල ක්‍රියාකරන්න ජන තාවට සෙත සලසන්න මේ මහජන දේපල විනාශ කරන එකම යුද්ධය නවත් වන්න ඕනේ ..? බලන්න කරලා තියන මහජන සේවයේ විශාල අගාධය, මහා පොලව පහුරු ගාල, මෙයාලට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ? මේ පුද්ගලයන්ගේ නිල තල සියල්ල අහෝසි කරන්න ඕනේ? (අ)

:       0       0

උපාලි Friday, 03 October 2014 06:10 AM

දෙවියනේ, මෙහෙම අය තුන් හතර දෙනෙක් හිටියොත් රටම හාරයිනේ. හිටපු ඇමතිලගේ සහෝදරයින්ට මෙච්චර දේවල් පුළුවන් නම්, අනේ මන්ද..(අ)

:       0       0

බමුණු Friday, 03 October 2014 07:48 AM

පාදඩයින්ට රට ගිහිල්ල. (ස)

:       0       0

රන්ජිත් Friday, 03 October 2014 08:07 AM

මේවා කළ අයත් උන්ට පාර කැපුූ අයත් සහතිකවම කර්මය පළදී මේ වගේ වළකටම යත්වා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site