ගලේවෙල සිට දඹුල්ල දක්වා මහ පාර මංතීරු හතරකට දක්වා පුළුල් කරන බව කියා මග දෙපස ගෙවල් කැඩු නමුත් දේශපාලන බලපෑම් මත ඇතැම් තැන් මංතීරු දෙකකට සීමා කිරීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය, ගලේවෙල වෙළෙද සංගමය ,ත්‍රිරෝද රථ සංගම් අද(12) උද්ඝෝෂණයක් කළහ.
මහජනයා එහිදී පෙත්සමකටද අත්සන් කළහ.
විරෝධය පෑ අයගේ ඉල්ලීම වුයේ දේශපාලන බලයට යට නොවී මං තීරු හතරම ඉදි කරන ලෙසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා. ලබන ජනවාරියේ ඉඳල රට පුරා ලැම්බෝගිනි යන කොට ඔය මන් තීරු ඉබේම ඕන වේවි. (නදී)
ඕක අද විතරක් නෙමෙයි කවදත් වෙන දෙයක්. කව්ද ඔච්චර ලොකු බලවතා. කියන්න බයවෙන්න එපා. (ර)
මගේ ගමේ , නගරයේ අය මෙහෙම එකමුතුවෙලා වැඩ කිරීම හරිම හොඳයි. හොඳට හිතලා වෙනසක් කරන අදහසක් ගොඩක් අයට නැහැ. දුප්පත් අපට හොද සංවර්ධනයක් ලැබෙනවා වගේම අපේ ගොඩක් සම්පත් පවා මේකෙන් නැතිවෙනවා. අනාගතයේ තවත් ජල ප්‍රශ්න අපිට වැඩිවෙනවා (නි)
ජනාධිපතිතුමා රට හදන්න උත්සාහ කරනකොට අනෙක් අය මොකද මේ කරන්නේ? (නි)
කැළේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. (නදී)
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඔය ඉන්න අය නැවත අනිත් පැත්ත ගහයි (නදී)
නිවැරදි එක මතයකට හොඳට වැඩක් කෙරෙන්නේ කවදාද අප රටේ? (නි)
මේක නිසා තමා "3" එපා කියන්නේ. (නදී)
දෙකට හැදුවොත් කඩපු ගෙවල් වල මිනිස්සුන්ට වෙන්නේ අසාදාරනයක් නේද? (නදී)
අපරාධෙ කඩපු ගෙවල්. (අ)
ඔය දේශපාලනය නිසා තමයි අපි මාදුළුවාවේ හාමුදුරුවන්ට සහයෝගය දෙන්ඩ හිතන්නේ. දැන්වත් හරි මග යමු. (බ)
දේශපාලනය තමයි රටක් විනාශ කරන්නේ. (නදී)
නියම මිනිස්සු...ජය වේවා (බ)