සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් වයඹට හා මධ්‍යම පළාතට තරඟ කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ නෑයන් 23 දෙනකුගෙන් 19 දෙනකුම තේරී පත්ව සිටිති.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාරන තෙන්නකොන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර මාතලේ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය. ඇමැතිගේ ඥාති පුත් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී ඇත.
නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකගේ පුත් චින්තන ඒකනායක මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරීපත්වී සිටී. ඒකනායකගේ සොයුරු හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහනුවර දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට මනාප ලබා සිටී.
අගමැති දීමු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා සිටී.
නියෝජ්‍ය ඇමැති ජයරත්න හේරත්ගේ පුත් පියුමාල් හේරත්, වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රණාන්දුගේ පුත් ජොහාන් ප්‍රානාන්දු, දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක බිරිය මංජුලා දිසානායක හා ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගේ සොයුරු චන්දන යාපා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් තේරී පත්ව සිටිති.
නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායකගේ සොයුරු පරාක්‍රම දිසානායක මාතලේ දිස්ත්‍රික්කයෙන් ද, ඇමැති දයාශ්‍රිත තිසේරාගේ බෑණා වන සුමල් තිසේරා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධනගේ පියා වන එදිරිවීර වීරවර්ධන මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ජයගත්හ.
ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති සොයුරු ආනන්ද අලුත්ගමගේ මහනුවරින් පරාද විය. නමුත් ඇමැතිගේ මස්සිනා වන ආනන්ද වීරසිංහ මහනුවරින් ජය ගත්තේය.
නවගත්තේගම ගුරුවරියක දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාරගේ බෑණා ද පරාද විය.
ඝාතනයට ලක්වූ ඇමැති ද මු දසනායකගේ වැන්දඹු බිරිය ඉන්ද්‍රාණි පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ජය ගත්තාය.
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් අසංක පෙරේරා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේගේ සහෝදර රංජිත් අලුවිහාරේ මාතලෙන් ද, ඇමැති නවීන් දිසානායක මහතාගේ සොයුරු මයන්ත දිසානායක මහනුවර දිස්ත්‍රික්කයෙන් ද තේරී පත්වී සිටිති.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝංගහගේ මහතාගේ බිරිය හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්ති කෝංගහගේ මධ්‍යම පළාතට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පරාජය විය.
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාගේ සොයුරු සාලිය බණ්ඩාර දිසානායක නුවර එළියෙන් පරාජය විය. ඔහුගේ සොයුරු ජයලත් බණ්ඩාර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය ජය ගත්තේය.
හිටපු ජනාධිපති ඩී බී විජේතුංග මහතාගේ බෑණා ලකී ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර මහනුවර දිස්ත්‍රික්කය ජය ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ හොඳ සැපට ඉන්න නම් එක්කෝ දේශපාලකයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නළුවෙක් හෝ නිලියක් වෙන්න ඕනේ. අපේ රටට ගිය කල. (ස)
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ. (ස)
වරුණට මොකුත් කියන එපා... හරිද? (ස)
මේකත් හරියට ඉතාලි යනවා වාගේ වැඩක්. එක් කෙනෙක් ගිහිල්ලා පවුලේ අනෙක් අය ගෙන්වා ගන්නවා. (ස)
පරම් පරාවම ගොඩ ගියේ මේකෙන් නේ..ඉතින් මේකට ඉදිරිපත් නොවී බෑනේ. (ස)
මෙයින් පැහැදිලි වෙන්නේ දේශපාලන 'මාෆියාවක්' බිහිවෙන වග නොවේද? ලංකාවේ ඡන්දදායකයෝ සෑම විටම ඉල්ලන් කන ජාතියකි. බඩු මිල ඉහළ ගියත් අපි නම් ආයෙත් ලංකාවේ මිනිස්සු ගැන කතා කරන්නේ නැත. (නි)
හැබැයි අලුත් පරම්පරාව බුද්ධිමත්.හරි දේ තෝරන්නේ.මගේ අදහස ලංකාවට පළාත් සබා අනවශ්‍යයයි. (නි)
අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසාකන අයට නම් හරියන්න එපා (නි)
දැන් මේ සමහර අදහස් දාන අයගේ හැටියට මේ රට පාලනය කරන්න ආයෙත් සුද්දට දෙන්න කියලද කියන්නේ?දේශපාලනය කියන්නේ කියන්නේ මේකට තමා.කාට හරි කියන්න පුලුවන්ද මේකට වෙන විකල්පයක් (නි)
මේවට වගකියන්න ඕනෑ ඉතින් කතිරය ගහපු මිනිස්සු (නි)
කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මහ ජනනතාවමයි මේ අයට ඡන්දය දීලා තියෙන්නේ. (නි)
නෑදෑයෝ ටික එකතු වුණාමවත් ගහගන්නේ නැතුව මරා ගන්නේ නැතුව, චන්ඩි දාලා අසරණයන් පෙළන්නේ නැතුව, විරුද්ධකාරයින්ගේ පස්සේ සුදු වෑන් එවන්නේ නැතුව, සමගියෙන් ඉන්නවා නම් රටේ සම්පත් වලට හානි වුණත් කමක් නැහැ. (නි)
පළාත් සබා ක්‍රමය අපේ වගේ පොඩි රටකට අවශ්‍ය නැත. නෑකම් ගැන කතා කොලොත්, ඇමරිකාවෙත් බුෂ්,ක්ලින්ටන් සහ තව දේශපාලනයේ යෙදී සිටින්නාගේ නෑයෝ ඡන්දෙ ඉල්ලනවා. සේනානායක,බණ්ඩාරනායක සහ ප්‍රේමදාස සහ දැන් පවතින රජයේ නෑ සම්බන්ද්කන් ගැන අපි හැමෝම දන්නවා. දැන් ඔබ කියාවී ෆොන්සේකා මහත්තයාගේ අය දේශපාලනයේ නෑ කියලා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ, ඒක ලගදීම බලාගන්න පුලූවන්.(නදී)
ලංකාවේ පළාත් සබාවල තිබෙන නොගැළපෙන බව තේරුම් ගන්න තව උදාහරණ අවශ්‍ය නැහැ.මේකෙන්ම පේනවා අපේ රටේ දේශපාලකයෝ මේ රටට කොච්චර ආදරේද කියලා. (නි)
මම ඉස්සර කාලේ ඉදන්ම ලංකාදීප පාඨකයෙක්. අපේ ගෙදරට හැමදාම ගේනවා ලංකාදීප පත්තරෙත්. හැමදාම අපි මෙම වැදගත් පුවත් බලන්න ආවම වරුණගේ මෝඩ අදහස් දැකලා හරිම කණගාටුවක් දැනෙනවා. (නි)
මේ අය පත් කරන්නේ ජනතාව නම් රජකාලේ වගේ පුතාට යන්න ක්‍රමයක් හදන්නේ ඇයි? එහෙම නම් රජවරු වගේ සටන් කරලා දිනලා බලය ගන්න ඕනෑ. (නි)
ඉන්දියාව දිහා බලන්න. බලා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පමණක් පළපුරුදු දේශපාලනඥයන් පමණක් ඉතා උගත් අය පමණක් මැතිවරණයට ඉදිරිපත්වෙන්න. (නි)
මට හිතෙනවා නුදුරු අනාගතයේදී ඔය තත්ත්වය වෙනස් වෙයි. ජෙනරාල් තුමා ඉදිරියට ගේන්න ඕනෑ. (නි)
අපේ අතීතයේ සිිට වැදගත් අන්දමට හැසිරුණු, තමන් පත්කළ ජනතාවට අවංකව ආදරයෙන් සේවය කළ මහත්මා ගුණෝ ඇති මැතිදුන්ලා සේ වැඩ කළොත් අපේ ලක් මාතාව දියුණු මට්ටමකට යාවි. (නි)
හැමෝම නෑයෝ නිසා ඔවුන් එක පවුලක් වගේ ඉදිවී. ඔවුන්ගේම යහපතට තීරණ ගනීවි. (නි)
වරුණ, අපි ඔයාගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ පුවතටත් මෝඩ අදහසක් දාන්න එපා.... (නි)
අනාගතයේදී හොඳ හොඳ දේවල් අහන්න පුලුවන් වේවි, මේ දේශපාලන ක්‍රමය කවදාද ඉවර වන්නේ? (ස)
අපි ජාතියක් හැටියට මුලින්ම පරාජය කළ යුත්තේ පුද්ගලයන් නොව මෙම රටේ මුදල් කාබාසීනියා කරන පළාත් සභා ක්‍රමයයි. නිර්ලජ්ජිත ලාංකිකයා 'හුරේ' දමා ගොස් ඡන්දය දී ඇති බවයි දක්නට ලැබෙන්නේ. දැන් ඉතින් මේවට යන වියදම් ගෙවන්නත් ලෑස්ති වෙන්න. (නි)
සත්සරනිලා,වාගිශ්වරලා,අවිෂ්කලා,අරුනිලා වගේ නුවණක්කාරයෝ තමයි මේ වගේ පවුල් දේශපාලනය වෙනුවෙන් හුරේ දාලා කතිරේ ගහන්නේ (නි)
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ ...මුළු ලංකාවේම නෑදෑයෝ.මටත් ඕනෑ රජෙක් වෙන්න. ඒත් අපේ කාටවත් බැරි වුණා ඒක.මොනවා කරන්නද. අපිත් වෙනම පක්ෂයක් හදමු. (නි)
ෆරීඩ්, ඉන්දියාව දිහා බලල තමයි මෙහෙම කලේ. අපි බැලුව අගමැති නේරු දිහා, එයාගේ දුව අගමැතිනි ඉන්දිරා දිහා, එයාගේ පුතා අගමැති රජීව් දිහා, එයාගේ නෝනා පක්ෂ නායිකා සෝනියා දිහා...තව බලමු නේද? (නදී)
මගේ අදහස නම් දුදරුවෝ, නැත්නම් සහෝදර සහෝදරියෝ, උනාට කමක් නැහැ. ඒගොල්ලන් තරුණ, උගත්, බුද්ධිමත් සහ අවංක ජනතා සේවකයෝ වෙන්න ඕනේ.ජනතාවගේ දුක සතුට හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. (ස)
මේක ඉතින් ලංකාවේ ස්වභායනේ. ඔය අදහස් දමන අය උනත් ඔය තැන වලට ගියහම නෑයන්ට යාලුවන්ට සලකන එක පුදුමයක් නෙමේ. අපි ඔක්කොම රජවරු ඔක්කොම නෑදෑයෝ නේ? (ස)
අනේ දණ ගස්සපු මාමගේ පුතා පැරදුනා නේද? මේවා විය යුතු දේවල් නොවේ. වයඹ ජනතාවට පවුල් දේශපාලනය තේරුම් ගැනීමේ හැකියාව මදි නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉදිරියේදී මෙම දුර්වලතාවය ඉවත් කර ගැනීමට උනන්දු විය යුතුයි. (ස)
මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්! සන්ධානයේ ඥාති සංග්‍රහය 20% යි. එජාපයේ ඥාති සංග්‍රහය 18% යි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරි බල මහිමය. ජයවේවා!!!. (නි)
වරුණ ඔයා වගේ කෙනෙකුට උපදෙස් දෙන්න නාස්ති කරන වචන අපරාදේ... ඔයාම ටිකක් හිතලා බලන්න ගොඩාක් අය ඔයාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නෙ ඇයි කියලා....ඔයාට වෙන වැඩක් ඇත්තෙම නැත්ද කරන්න....?වරුණ වගේ නිකන් කාලෙ කකා ඉන්න අය නිසා ඉහලින්ම වැජඹෙන පත්තරේකට පාඨකයො අඩු වෙන එක විතරයි වෙන්නෙ.... (ස)
ශ්‍රී ලංකා වාසින් වන අප කොතරම් වාසනාවන්තද මෙපමණ ලංකාව දියුණු කල අප දේශපාලකතුමන්ලාගේ දෙවැනි පරපුරෙනුත් සේවය ලබාගැනීමට හැකිවීම. (ස)
එක් අයෙකුගෙන් ලැබුන ආදර්ශය දිගටම ගෙනියනවා. බොහොම හොදයි. ඔහොම යමු ඔහොම යමු (නි)
අපේ රටේ මිනිස්සු ආවට ගියාට ඡන්දය දෙන්නේ නැහැ. කම්කරුවාගේ සිට ඉහළම බුද්ධිමතුන් දක්වා ඡන්දය පාවිච්චි කරන්නේ තේරුමක් ඇතුවයි. දේශපාලනය කරන්න දැනුම වගේම මුදලුත් තිබිය යුතුයි. (නි)
මහජන මතයට අපි ගරු කල යුතුයි. (ස)
මොන පැත්ත පෙරලුනත් හොඳයි.නැත්නම් පක්ෂය මාරු කළත් හරිනේ. (නි)
මේ සැමෝම පොර කාගෙන දිනලා පැරදිලා ඉන්නේ දේශයටත්, ජනතාවටත් ඇති කැක්කුම නිසා නෙමෙයිද?දැන් අවුරුදු 50ක් විතර රට නගන්නේ,ඔය ක්‍රමයට තමයි.වෙනස,එදාට වඩා අද පරම්පරාව ටිකක් ලොකුයි,නෑයෝ සහෝදරයෝ වැඩියි.නමුත් අද ජනතාව සුඛිත මුදිත වෙලා ඉන්නේ,ඒ නිසා නේද ඔය හැම පක්ෂයකම ඉන්න නෑයෝ ටිකට ජනතාව කිසි පැකිලීමක් නැතුවම කතිරෙත් ගහලා,ඔවුන් දිනුවට පස්සේ එයාලගේ සෑම කටයුත්තක්ම පුළුවන් විදිහට ඉවසලා මොන ආර්ථික අමාරුකම් ආවත් ගෙදර ගැහැනිව පිටරටට බැලමෙහෙවරකම් වලට යවලා හරි තමුන්ගේ අතේ සොච්චම,ඉහළ ගිය අත්‍යවශ්‍ය භාණ්ඩවලට නොපැකිලව වියදම් කරලා,ලෙඩක් දුකක්,උත්සවයක් ආවම කණකර හරි උගස් තියලා,දේශපාලකයා අතින් සිදුවෙන දුෂණ වංචා සැම ඉවසාගෙන දේශපාලකයන්ට කිසි කරදරයක් පීඩාවක් නොකර ජීවිතේ ගැට ගහගෙන ඔය අපුරුවට ජීවත් වෙන්නේ! (නි)