තමා එක්සත් ජාතික පක්ෂ සංවිධායකත්වයෙන් හා පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වන බව බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතා කොස්ගොඩදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (28) පැවසීය.
බලපිටියේ දේශපාලන වේදිකාව යහපාලන වේදිකාවක් නොවන බවත් බලපිටියේ යහපාලනය විනාශ කළ පුද්ගලයා එජාපය සමග එකතුවූ බවත් එජාපය ජයග්‍රහණය කළහොත් නැවත බලය යන්නේ මංකොල්ලකරුවන්ට, මිනීමරුවන්ට, පාතාලයන්ට බවත් යුක්තිගරුක දේශපාලනඥයකු ලෙස තමාට මෙය බලා සිටිය නොහැකි බවත් කියමින් සොයිසා මහතා තනතුරුවලින් ඉල්ලා අස්වන බව කීවේය.
‘බලය නැති වෙලාවේ දුෂ්කර කාලයේදී බලපිටිය රැක ගත්තා. දේශපාලන ගණිකාවන්ට එජාපය විනාශ කරන්න දෙන්න බෑ‘ යැයි කී ඒ මහතා බලපිටිය හිටපු ප්‍රාදේශීය සභා සභාපති දයාරත්න ද සිල්වා එජාපයට එක් කරගැනීමට විරෝධය පළ කරමින් එසේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
වීඩියෝ - දීපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පනින්න පටන් ගත්තා විතරයි (බ)
මෝඩයි සංවිධායක කමත් දීලම යනවනේ (බ)
අනේ ලොකු දෙයක් ගෙදර ඡන්ද ටික විතරක් තියෙන මෙයාට අාසන සංවිධායක කම දුන්නද ,මෙය යහපාලනේට ගැලපෙන්නේ නැහැ ,අපි දැක්කනේ එදා සචින් වාස් එක්ක අැරගන්න ගිය විදිය (බ)
ඔය පේන්නේ පෙර නිමිති 29 වරටත් (බ)
ඡන්දෙන් ගොඩ එන්න බැහැ මෙයා නිසා එක අලුත් ඡන්දයක් යූඇන්පී එකට ලැබෙන්නේ නැහැ ,අලුත් කෙනෙකුට බලපිටිය දෙන්න ,සංජීව කරුණාතිලක වැනි අලුත් කෙනෙක් දැම්මොත් තරුණ පරපුර තව තවත් එජාපෙ එක්ක එකතු වේවි (බ)
දේශපාලනය බලයට එනකන් යහ ආවට පස්සේ වහ (ම)
කඩාගන්න (දිනන්න බැරි බව දන්නා නිසා )බැරි වුණාම මිදී තිත්තයි කිව්වලු. (ම)
ඔබතුමාට මහින්ද මහත්තය පරදිනවට හිතට අමාරු වෙලා වගේ..(ම)
පව් අසරණයා. (අ)
නටන්න බැරි වුණාම පොලොව ඇදයි කිව්වාලු. කවුරු ආවත් මොකද තමන් ජනතාව අතර ඉන්නවා නම්. මෙයා ගැන මොනවත් නොදන්නා කෙනෙක් වුණත් සහන් ගේ කතාව මමත් අනුමත කරනවා. (අ)
දැන් යන්න,ගිහිං මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න. යන එකමයි හොඳ.. නැද්ද මං කියන්නෙ? (බ)
මැරවරයන්ට හොරුන්ට බලපිටියේ බලය නොදිය යුතුය , (හේ)
මෙයා කොහොමද මේවා කතා කරන්නේ (බ)
දේශපාලනේ ගණිකා මඩම ඉන්නේ කළුතරනේ (බ)
තව විනාශය වෙන්නේ මොනවාද ? ඉවරෙටම ඉවරයි |!!! (ම)
ඔක්කොම එකයි වැඩ නැත... සද්දේ විතරයි... ලොකු එකාගේ ඉඳල පොඩි එකාට යනකල්ම.. (බ)
යුක්තිගරුක දේශපාලකයා ඊළගට නවතින්නේ පිරිසිඳු තැනකද කියා අපි බලාසිටිමු.(ම)