IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දේශපාලන උවමනා මත යෞවන සමාජ නිලධාරීන් පත් කරලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ස්වාධීන යෞවන සමාජ අද දේශපාලනීකරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෑතකදී තරුණ සේවා සභාව නිකුත් කළ 2/11/25/1 දරන චක්‍ර ලේඛනය මගින් 2025 මැයි 23ට පෙර පිහිටුවා තිබු සියලුම යෞවන සමාජවල වලංගු භාවය අහෝසි කර නව යෞවන සමාජ පිහිටුවීමට කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

 සියලුම යෞවන සමාජ දේශපාලනීකරණයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වන බවත් දේශපාලන වුවමනා මත මෙකී යෞවන සමාජවල විධායක නිලධාරීන් පත්කර ඇති බවට චෝදනා එල්ල වන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

මෙය යෞවන සමාජවල ස්වෛරීත්වය කෙරෙහි විශාල බලපෑමක් එල්ල වීමක් බව පැවසූ විපක්ෂ නායකවරයා නව නියෝග මාලාවක් මගින් දේශපාලන හිතවතුන් සදහා වාසි ලබා දීමක් වන බව කීය.

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.



අදහස් (6)

දේශපාලන උවමනා මත යෞවන සමාජ නිලධාරීන් පත් කරලා

ලයන් Tuesday, 05 August 2025 12:30 PM

එහෙම දෙයක් අපට නම් පේන්න නැ ලොක්ක

:       4       6

සෙනෙවිරත්න Tuesday, 05 August 2025 12:52 PM

බලෙන් පත් කලේ නැහැනෙ, චන්දෙන් නේ පත් උනේ. තමුන්නැහැලා පරාද වෙච්ච හැටියට මෙතනත් වෙන්න ඇති.

:       3       6

සෙනෙවිරත්න Tuesday, 05 August 2025 12:54 PM

අර පහුගිය දවස්වල දේශපාලන සංදර්ශන තියල කෝටි ගණන් නාස්ති කරනකොට කට පියාගෙන හිටියෙ තමුන්ගෙ පරන යාලුවො නිසාද?

:       3       5

ගමේ එකාලා Tuesday, 05 August 2025 12:56 PM

දුශිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ තාරුණ්‍යයට හෙටක් කියලා , නිල් බලකාය කරපු හරියත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ

:       3       7

අරවින්ද මොණරවිල Tuesday, 05 August 2025 02:37 PM

සුන්බුන් විපක්ෂ නායකතුමා කෙදිරි ගාන්න එපා, ඔයාගෙයි නාමල්ගෙයි ඒකාබද්ධ සුන්බුන් විපක්ෂ කල්ලියේ තාරුණ්‍යය වර්තමාන තරුණ තරුණියන් විසින් කුණු කූඩයට තල්ලු කරලා දැම්මා.

:       1       4

Perera Wednesday, 06 August 2025 01:15 AM

උස මහත අනුව පත්වීම් දුන්නානම් හරිනේ නේද සජියෝ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 251 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site