IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘දේශපාලකයන් හා වෘත්තිකයන් අතර පරතරය අවම විය යුතුයි‘

දේශපාලකයන් හා වෘත්තිකයන් අතර මනා සබඳතාවයක් නොමැතිවීම රටේ සංවර්ධනයට විශාල බාධාවකැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළඹ සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි.

දේශපාලකයන් හා වෘත්තිකයන් අතර පරතරය අවමවීම රටේ සංවර්ධනය වේගවත් වීම කෙරෙහි බලපාන බවත්, සංවර්ධන සැලසුම්, සාකච්ඡා, හමුවීම්වලදී නිලධාරීන් හා දේශපාලනඥයන් හැසිරෙන්නේ ආරාධිත අමුත්තන් ලෙසින් බවත් ජනපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ කථා නොකිරීම මේ දුරස්ථ භාවය නිසා සිදුවන බවත් සබඳතාව මිත්‍රශීලී බව හා විශ්වාසය දෙපිරිස තුළ ඇතිවීමෙන් රටට ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් ජනපති එහිදී කීවේය.

සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ විධායක ලේකම් පී. සමරසිංහ මහත්මිය හා එහි භාරකාර හා සංවිධාන කටයුතු සිදුකළ චිත්‍රා බොතේජු මහත්මියද ආචාර්ය, මහාචාර්ය වරු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

IMG_5064 IMG_5076 IMG_5092 IMG_5131

 



අදහස් (0)

‘දේශපාලකයන් හා වෘත්තිකයන් අතර පරතරය අවම විය යුතුයි‘

දුරන්ගෝ Sunday, 26 July 2015 12:21 PM

පරතරය නැතිවෙන්න උගතුනනට තැන දෙන්න! පරතරය වැඩිවෙන්න පබාට ආසන සංවිධායක කමට අමතරව ඉංජිනේරු ඇමැතිකමත් පුද දෙන්න! ඔයා හ‍රි බබා. (බ)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 01:22 PM

කතාව නම් ඇත්ත. නමුත් කරමින් සිටි සංවර්දනය නතර කර වාචික සංදර්ශන කිරීමෙන් පලක් නැත (නදී)

:       0       0

හේවා සරත් Sunday, 26 July 2015 09:30 AM

ඔබ නැති රට අදුරුයි අප්පච්චි පර ගැත්තන් ගෙන එනවා නස්පැත්ති මගේ මව් බිම රැක දුන් අපේ අප්පච්චි තෙරුවන් සරණයි අපේ ආදර අප්පච්චි (බ)

:       0       0

සේන Sunday, 26 July 2015 09:30 AM

ඔය පරතරය ඇතිවෙන්නේ නුගතුන් ඇමති මණ්ඩලයට පත්වීම නිසා උදාහරණයක් හැටියට, ඉංජිනේරු සංස්ථාව පාලනය කරන්න 9 ය පන්තියට විතරක් ඉගනගත්ත ඇමතිවරයෙක් දැම්මාම, ඉංජිනේරුවෝ ලියන ලියුම් කියන දේවල් ඇමතිට තේරෙනවාද? ඇමැතිට තේරෙන භාෂාවෙන් වැඩ කරන්න ඉංජිනේරුවන්ට පුලුවන්ද? ඉතින් පරතරයක් ඇතිවෙන්නේ නැද්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site