දේශපාලකයන් හා වෘත්තිකයන් අතර මනා සබඳතාවයක් නොමැතිවීම රටේ සංවර්ධනයට විශාල බාධාවකැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළඹ සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි.
දේශපාලකයන් හා වෘත්තිකයන් අතර පරතරය අවමවීම රටේ සංවර්ධනය වේගවත් වීම කෙරෙහි බලපාන බවත්, සංවර්ධන සැලසුම්, සාකච්ඡා, හමුවීම්වලදී නිලධාරීන් හා දේශපාලනඥයන් හැසිරෙන්නේ ආරාධිත අමුත්තන් ලෙසින් බවත් ජනපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ කථා නොකිරීම මේ දුරස්ථ භාවය නිසා සිදුවන බවත් සබඳතාව මිත්‍රශීලී බව හා විශ්වාසය දෙපිරිස තුළ ඇතිවීමෙන් රටට ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් ජනපති එහිදී කීවේය.
සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ විධායක ලේකම් පී. සමරසිංහ මහත්මිය හා එහි භාරකාර හා සංවිධාන කටයුතු සිදුකළ චිත්‍රා බොතේජු මහත්මියද ආචාර්ය, මහාචාර්ය වරු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරතරය නැතිවෙන්න උගතුනනට තැන දෙන්න! පරතරය වැඩිවෙන්න පබාට ආසන සංවිධායක කමට අමතරව ඉංජිනේරු ඇමැතිකමත් පුද දෙන්න! ඔයා හරි බබා. (බ)
කතාව නම් ඇත්ත. නමුත් කරමින් සිටි සංවර්දනය නතර කර වාචික සංදර්ශන කිරීමෙන් පලක් නැත (නදී)
ඔබ නැති රට අදුරුයි අප්පච්චි පර ගැත්තන් ගෙන එනවා නස්පැත්ති මගේ මව් බිම රැක දුන් අපේ අප්පච්චි තෙරුවන් සරණයි අපේ ආදර අප්පච්චි (බ)
ඔය පරතරය ඇතිවෙන්නේ නුගතුන් ඇමති මණ්ඩලයට පත්වීම නිසා උදාහරණයක් හැටියට, ඉංජිනේරු සංස්ථාව පාලනය කරන්න 9 ය පන්තියට විතරක් ඉගනගත්ත ඇමතිවරයෙක් දැම්මාම, ඉංජිනේරුවෝ ලියන ලියුම් කියන දේවල් ඇමතිට තේරෙනවාද? ඇමැතිට තේරෙන භාෂාවෙන් වැඩ කරන්න ඉංජිනේරුවන්ට පුලුවන්ද? ඉතින් පරතරයක් ඇතිවෙන්නේ නැද්ද? (බ)