උතුරේ හමුඳා කඳවරු ඉවත් කරමින් යන බවට පැතිර යන කතා අසත්‍ය යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා කියයි.
ඔහු එලෙස කීවේ ලංකාදීප ‘එසැණ‘ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
වාහන සහ ආරාක්ෂකයන් පිරිවරාගෙන ජනජීවිතයට අවහිර වන පරිදි ඇමැතිවරුන් පාරවල්වල ගිය කාලය අවසන් බවත්, තමා කිසි විටික එලෙස කටයුතු නොකරන බවත්, මේ වන තෙක් නිල වාහනයක් හෝ නිල නිවාසයක් ලබාගෙන නැති බවත්, ඉදිරියේ ද ඒවා ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් විජයවර්ධන මහතා පවසයි.
වත්මන් රජය කිසිම විටක අධිකරණයට හා පොලිසියට බලපෑම් නොකරන බව ද ඔහු සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ යෝෂිත රාජපක්ෂ ගැන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
(වීඩියෝ සනත් ඩෙස්මන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි අවස්ථා වල නගර පිරිසුදු කිරීම හමුදාව සහය කර ගැනීම සාමාන්‍ය දෙයක් .බටහිර රටවල කණු සුද්ධ කරන අය දොස්තර ලට වගේම සෙලකුම් ලබනවා ආදයම් ලබන අයත් ඉන්නවා. අපි තවම ඉන්නේ වැඩවසම් යුගයේ (නදී)
මෛත්‍රී පාලනයකට ජය වේවා! (නි)
සහතික ඇත්ත.(හේ)
ඇත්ත ඇත්ත දැනටමත් එලියට බහින්න බෑ.(හේ)