අද සිටින දේශපාලකයින්ගෙන් බහුතරයක් ඇසුරු කිරීමට නුසුදුසු පුද්ගලයින් බවත් හොඳ දේශපාලකයින් සිටින්නේ සියයට දහයක් පමණ සුළු ප්‍රමාණයක් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.
එතුමිය මේ බව සඳහන් කලේ අද දින ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රික් තෛයිපොංගල් උත්සවය අමතමිනි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යංශය හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම උත්සවය දකුණු පළාතේ පාසැල් සිසුන් සඳහා සංවිධානය කැර තිබිණි. එහිදී පාසැල් සිසු දරු දැරියන් විසින් ආගමික හා සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කරණු ලැබූහ. පාසැල් සිසුන් අතර සමගිය හා සංහිඳියාව වර්ධනය කිරීම උත්සවයේ ප්‍රධාන අරමුණ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති වෙලා හිටපු කාලේ කොරන්න බෑරිවෙලා දැන් එනව බණ කියන්න (බ)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතිලුනේ (නි)
අද දේශනය යක්ෂ නිකායේ චන්ද්‍රිකා උපාසිකාවගෙනි. අසනු කැමැත්තෝ කන් වසාගනිත්වා. (බ)
සහතික ඇත්ත .මෙයා අයත්වෙන්නේ කිවුවා වගේම 90% ගොඩට.(කෞ)
ඔබට දැන් ඇත්තේ විවේකීව සිටීමටයි (නි)
අලියා දන්නේ නැතිලුනේ තමන්ගේ ප්‍රමාණය! (නි)
එ් නුසුදුසු ගොඩේ පළවැනියා මෙයා. (බ)
ඇසුරු කිරීමට සුදුසු කට්ටිය සහ ඇසුරු කිරීමට නුසුදුසු කට්ටිය කියන දෙපිලට අමතරව ජනතාව ඇසුරු කිරීමට අකමැති දේශපාලකයින් කියල තව කට්ටියකුත් ඉන්නා බව දීල තියෙන අදහස් සියල්ල කියෙව්වහම තේරෙනවා (බ)
මෙතුමියට වැරදිලා මෙතුමිය කොහෙත්ම දේශපාලන ඇසුරට සුදුසු නැහැ (බ)
එහෙනම් ඇයි ඔබතුමිය මේ දේශපාලනේ කරන්නේ? (අ)
ඒක නම් ඇත්ත. කවුරුත් එකයි අපිට නම් (නි)
මෙතුමියව ඇසුරට සුදුසු කෙනෙක්ද නුසුදුසු කෙනෙක්ද? (අ)
අනේ ඇයි ඔයත් ඒ 10% ඇතුලට දාල කතා කරන්නේ. (අ)
මේ කාන්තාව ජනපතිනි වෙලා ඉන්න කාලේ ඉඳලම තමයි අපිට ඕක තේරුනේ.(අ)
එයත් එක්කෙනෙක් , පාසල් වලට ගිහිල්ලත් ළමයින්ට දේසපාලනය ගැන පිස්සු නැත්නම් ෂෝක්.(අ)
මොන පාපයක්ද මේ ඉවරයක් නැති ? (බ)
ඉස්සර පාසලකට ගිහින් ළමයින්ට මුහුණ ඇද කරලා, හිටපු එක්සත් ජාතික පක්ෂ ඇමති කෙනෙකුට අපහාස කර කර පෙන්නුව කෙනෙක් ගැන මට මේ වෙලාවේ මතක්වුණා (නි)
එතකොට ඔබතුමිය මොන ගොඩටද අයිති වෙන්නේ? (නි)
ඉතින් අපි මෙයාට ආශ්‍රය කරන්න කිව්වයි. මෙයමනේ පැනගෙන ගියේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව (අ)
ඇයි ඒ? ඒ අය මොකුත් වැරදි කරනවද? නැත්නම් ඔබට වැරැද්දක් වුණාද? මම නම් එක දේශපාලකයෙක්වත් පස්සෙන් ගිහින් රස්සා ඉල්ලුවේ එහෙම නැහැ. හැබැයි අපිට නම් ඔය කොයි කාගෙනුත් කැපිලි තිබුනා. ඒත් මම අදටත් ගරුකරන නායකයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි දෙන්නම 1950 ගණන් වල යූඑන්පීකාරයෝ දෙන්නෙක්. (නි)
කව්රුත් එකතු වෙලා මෙයාව ඇසුරු කරන්න.පව්. (බ)
අපිට වැදි බණ එපා (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මුළු ලංකාවම දන්නවා මෙයාගේ කෙරුවාව පක්ෂ බේදයෙන් තොරව ඒක නිසා අපි වචන නාස්ති කරන ඒක අපරාදේ (කෞ)
ඉතින් අපේ ලොකු අක්කා අන්දෘගේ මාලිගාව ගත්ත දහ දෙන අතරට පැන්න අපේ ලොකු අක්කා (අ)
දැන් වෙරි හිඳිලා වගේ මැරෙන්න හදනකොට රට මතක් වෙලා අර ලන්ඩන් වල මාලිගාව ගත්තේ කොහොමද දන්නේ නැහැ මුන්ට යන එන මං නැතිවෙනවා (බ)
අතීතය අපිට අමතක නෑ. වෝටර්ස් එජ් අමතකද ? (බ)
නිකම් බලාගෙන ඉන්නේ නැතුව අර බණ්ඩක්ක මැතිතුමාගේ කන හරි මිරිකලා ඡන්ද කාලේ පොරුන්දු ඉටු කරවල දුන්නනම් නේද හොද ? (බ)
මාර කෙනෙක් කතාව කියල තියෙන්නේ. අහවල් තැනිනුත් හිනා යනවා(කෞ)
අපිට ඔබතුමියගේ පාලන සමයේම ඒ බව තේරුම් ගියා. අනුන්නට එක් ඇගිල්ලක් දික් කරනවිට තමන්ට ඉතිරි අැගිලි සියල්ල දික් වී ඇති බව සිහියේ තබාගන්න. (බ)
අනේ මොකටද මගේ කට! (නි)
මම මේකට මොකුත් ලියන්නේ නැහැ. නිකන් පව් පුරවාගන්න අපි කැමති නැහැ (නි)
සහතික ඇත්ත. තමන්ට බලයට ඒමට මඟ හෙළිකළ පක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහි වෛරයෙන් හා ක්‍රෝධයෙන් පසමිතුරු පක්ෂ සමග අත්වැල් බැඳගන්නා දේශපාලනඥයින් කිසිවිටෙකත් ඇසුරු නොකරන්න. (නි)
මේක මෙයාට දැන්ද වැටහුනේ? බලයේ සිටි කාලයේ ඕවා වැටහුනේ නැද්ද? කරපු කියපු දේවල් අමතකද? කෙසේ වුණත් කියමන සැබෑවකි (නි)
ඔබතුමිය ආශ්‍රය කළාට කමක් නැද්ද? (නි)
බටකොළ ආච්චි මතක් වෙනවා. (බ)
යක්ෂ පෙනුම එනකොට යක්ෂ අදහසුත් එනව. (බ)
අතීතය අපිට අමතක නැහැ (නි)