අනවසරයෙන් කපා ට්‍රැක්ටයකින් රැගෙන යමින් සිටි තේක්ක කඳන් තොගයක් දේශපාලනඥයකුගේ බිරියකගේ මැදිහත්වීමෙන් බේරාගෙන ඇතැයි එප්පාවල පොලිස් ආරංචි පවසයි.
තේක්ක හා ට්‍රැක්ටරය තම භාරයට ගත් එම කාන්තාව වැටලීම කළ පොලීසියේ දෙන්නා ගේ රාජකාරියට බාධා කැර ඇතැයි ද කියයි.
බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා මෙසේ කියයි.
‘ඔය කියන දවසේ මා හිටියේ ගලෙන්බිදුණුවැව.එහෙම සිද්ධියක් මට ආරංචි වුණා.ඔය ලී තොගය ගැන මගේ නෝනාගේ වත් මගේවත් කිසිම සම්බන්දයක් නෑ.මම කිසිවකුට බලපෑම් කළෙත් නෑ.පොලීසියට බලපෑම් කළෙත් නෑ.ඒ චෝදනා සියල්ලම මා ප්‍රතික්ෂේප කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැඩේ නේද ? (නදී)
සම්බන්ධයක් නැත්නම් ඇමතිතුමා මොකට කලබල වෙනවද? අතට ගන්න නීතියක් අද තිබෙනවද? (නි)
එප්පාවල පොලිස් නිලධාරීන්ගේ වාහන ගින්න වගේ ස්වභාවික ආපදා වලින් ප්‍රවේශම් කරගන්න කල්පනාකාරී වෙන්න. (නි)
දේශපාලක බිරිය නීතිය අතට ගනී ඇත්ත නේන්නම් නොගෙන හිටියා නම් තමා පුදුමේ (නදී)
මේක තමයි ආස්චර්ය (නදී)
මේක එංගලන්තයේ වුණ සිදුවීමක් වාගේ . මොකද අපේ දේශපාලකයන් වාගේ අවංක නීති ගරුක , රටට ආදරය දක්වන කොටසක් ලෝකයේ කොහෙවත් නැහැ . මඩ ගෙසිමක් හෝ වැරදීමක් (අ)
පොලීසිය හරියට වැඩ කළා නම් මේ මුකුත් නැහැනේ. ඕනෑම නම් මාරුවක් ලැබෙයි. ඒත් ඉතින් ඉන්දියාවට නෙමෙයිනෙ (නි)
ලංකාවේ ඉපදීම ගැන මටත් දුකයි (නි)
ඒ ගමන කාන්තාවනුත් පටන්ගත්තද? (නි)
මෙන්න ගෑණු (අ0
මතු කිසිම භවයක මා ශ්‍රී ලාංකිකයකු වී නොඉපදේවා! මෙවැනි අය යටතේ ජීවත්වන්නට තරම් අවාසනාවන්ත වූයේ කිමද මා? (නි)
අපි දැක්කම වාහනේක ගියත් පොලිසිය දඩ කොලේ ලියාගෙන බලාගෙන ඉන්නවා දෙන්න. මෙතන වරද අපේද පොලිසියේ ද (නදී)
මේ වගේ අය නිසා නිතිය බල්ලට යනවා. (නදී)
ඔය චෝදනා වලින් වැඩක් නැහැ. ඇයි පොලීසිය රාජකාරියට බාධා කළා කියා අත්අඩංගුවට නොගත්තේ. එයාලා නීතිය නොදැන වැඩ කරනවා ද ? නැතිනම් නීතිය පුංචි දුප්පත් එකාලට විතරද ? (ස)
බබා (ස)
මෙහෙමත් වැඩ! (නි)
මෙහෙමත් ගැහැණු ඉන්නවනේ! (නි)
මොකටද ඕවා දිග්ගස්සා ගස්සා යන්නේ. කෙලින්ම උසාවියට ඉදිරිපත් කලා නම් හරිනේ ඇඹරෙන්නේ නැතුව. (නදී)
ඕක තමයි මම කිිව්වේ. පොලිසියට බැහැ කිව්වේ (නදී)
ඇමති තුමාගේ කතාව දැක්කම මට පේන්නේ හොරාට ඉස්සෙල්ල කෙසෙල් කන වැට පැනලා ඇති බවයි. (ස)
මේ උදවිය ඔක්කොම හතර පෝයට සිල් ගන්න උපාසක උපාසිකාවෝ ..කවුරුත් මොනවත් කියන්න එපා ඔන්න. (ස)
ඇයි දන්නෑ පොලිසියෙන් වෙඩි නොතිබ්බෙ? (ස)
මේක එක සිදුවීක් පමණි. මේ වගේ මීට සමාන සිද්ධි පහුගිය දවස්වල මොනතරම් වුණාද? කෝ එකකටවත් එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණාද මන්දා? මුළු රටේම තියෙන්නේ අවනීතිය. හොඳට ඇස් ඇරලා බලන්න මම කියන්නේ බොරුද කියලා (නි)
කවුරුහරි දන්නවා නම් කියන්නකෝ මේ තුමාලා කාටහරි, උගත්කමක්, වැදගත්කමක් සමාජයේ අනෙක් කාන්තාවන්ට පුර්වාදර්ශයක් දෙන්න පුළුවන් බිරියක් ඉන්න එක්‌කෙනෙක් හරි. (නි)
පොලීසිය හරියට වැඩ කලාම මාරු වීම් ලැබෙනවා (නදී)
හරි! දැන් අපට දිගටම දේශපාලන බිරියන්ගේ ප්‍රවෘත්ති අහන්න පුළුවන්. (ස)
මෙන්න පිස්සියන්ගේ පිස්සු වැඩක්. (නදී)
"නීතිය අතට ගන්නට පැමිණි දේශපාලන බිරියට,පොලිසිය විසින් නීතිය බන්දේසියක තබා දී ඇත." (නදී)
පොලිසිය දන්නවනේ මෙයා කවුද කියල. නියෝජ්‍ය ඇමැති සම්බන්ධ නැත්නම් මොකද උසාවියට දාන්න බැරි. (නදී)
ෂුවර් එකටම පලා බබෙක්ගේ බිරිදක් වෙන්න ඇති. ලොකු දේශපාලනඥයකුගේ බඩු නම් අත් ට්‍රැක්ටරයකින් ගෙනියන්නේ නැහැ. පලා බබත් ඉන්නවා අැත්තේ බිරියගේ නිතිය යටතේ වෙන්න ඇති. මේ පලා බබ්බු නිසා පොලිසිය විතරක් නෙමෙයි දැන් රටම බලු වෙලා. (නදී)
සමහර විට මෙයාගේ නීත්‍යානුකූල බිරිඳ නොවෙයි වෙන්න ඇති මේ බලපෑම කරන්න ඇත්තේ. (නදී)
වරදක් වංචාවක් කල කිසි කෙනෙකු තමා එය කළා කියන්නේ නැහැ. විශේෂයෙන් දේශපාලකයන්. අද රටේ ගස් කොලන් කපන්නේ , වැලි හාරලා අදින්නේ. ගංජා ප්‍රවාහනය කිරීම කරන්නේ මෙම තුට්ටු දෙකේ දේශපාලකයන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් හෝ ලඟම නෑයන් සහ යහළුවන් (නදී)
ලේසිම පිළිතුර තමා ඒ චෝදනා සියල්ලම මා ප්‍රතික්ෂේප කරනවා. මේක දේශපාලන මඩ ගැසීමක් (නදී)
මම දන්නෙත් නැහැ මට මතකත් නැහැ මගේ නෝනා දන්නෙත් නැහැ, එයාට මතකත් නැහැ. (නදී)
රටේ සිද්දවෙන නරක වැඩ බොහොමයකට දේශපාලකයෝ හරි එයාලගේ ලඟම නෑදෑයෝ සම්බන්ධයි. (ස)
මේක වෙන්න බැහැ. අපේ මව් බිමේ දේශපාලකයෝ අවංක නීති ගරුක අය. මේ උතුමන්ලා දේශපාලනයට එන්නේ වෙන කරන්න රස්සාවක් නැතිකම නිසා නොවෙයි, රට ජාතිය ගැන තියෙන කැක්කුමටයි. කරුණාකර ඔය බොරු චෝදනා වලට ඇහුන්කන් දෙන්න එපා. (ස)
මෙයාල තමයි රට කන්නේ. (ස)
අනේ මන්ද මේ රට යන දිසාව කොහෙද කියල ? දැන් බිරින්දෙවරුනුත් පොල්ල අතට අරන් වගේ එහෙනම් ? ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති මේ වගේ අසරණ උන පොලිසියක් (අ)
උෟව ජනතාවට මේ වෙනුවෙන් ප්‍රතිචාර දැක් විය හැකිය කතිරෙන්. (නදී)
පුදුමාකාර දේවල් තමයි අහන්න දකින්න ලැබෙන්නේ (නි)