දේශන සඳහා සහභාගිත්වය 80% සැලකීම නිසා තමනට විභාග සඳහා සහභාගීවීමට නොහැකිවන බව කියමින් ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ සිසුහු විරෝධයක නිරත වූහ.
මේ සම්බන්ධයෙන් ආචාර්ය සංගමය පවසන්නේ ගුණාත්මක භාවයකින් යුත් උපාධි යන් සඳහා පිළිගත් සම්මුතීන් අනුව දේශන සහභාගිත්වය අනිවාර්ය බවයි. සිසුන් පීඨාධිපතිවරයාට සහ ආචාර්යවරුන්ට තර්ජනය කර ඇති බව හා ඒ හේතුවෙන් ආචාර්යවරුන්ට ස්වාධීනව සිය කටයුතු සිදුකිරීමට නොහැකි වාතාවරණයක් උදාවී ඇති බැවින් තමන් අධ්‍යන හා පරිපාලන කටයුතු වලින් ඉවත්වීමට පියවරගෙන ඇති බව ආචාර්ය සංගමය දන්වා සිටියි.
මේ අතර විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මගින් කළමනාකරණ පීඨයේ සියලූම වසරවල සිසුන්ට අද (8) පස්වරු පහට පෙර නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දන්වා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්‍රමගේ කතාවට මම 100ක් එකඟයි. (නි)
මේ ළමයින්ට මොනවා වෙලාද මන්දා? (නි)
දේශනවලට සහභාගි නොවෙන්නේ බොහොම ටික දෙනයි. නමුත් ඒ ටික දෙනා තමයි මුලු විශ්ව විද්‍යාලයම මෙහෙයවන්නේ. කොහොම වුණත් එස් බී උසස් අධ්‍යාපන ඇමතිකාලේ ටිකක් හරි පාලනය වෙලා තිබුණා මේවා. (නි)
මෙතන අදහස් දාන කවුරුත් මෙතන සත්‍ය තත්වය දන්නේ නැහැ. (නි)
ශෝකනීය තත්වයක්. පැමිණීම අත්‍යවශ්‍ය සාධකයක් සෑම කටයුත්තකදීම. උද්ඝෝෂණ කරන එක දැන් පුරුද්දක් වෙලා. ඔබ සැමට සුබ අනාගතයක්! (නි)
ඔය සමහර ආචාර්යවරු සතියට එක දවසක් ඇවිල්ලා සතියෙම දේශන එක දවසේ කරනවා රෑ වෙනකල්. ඒකත් වැරදියි. ඔය ළමයි ඉගෙන ගන්න එකට වඩා පිකට්,යුනියන් වැඩ වලට මූලිකත්වය දෙනවා.ඒකත් වැරදියි. ඔය ළමයෙක් පීඨාධිපතිට තර්ජනය කරලා, ඒකයි පීඨය වහන්නේ. (කෞ)
නොමිලේ දෙනකොට අධ්‍යාපනයේ වුණත් අගයක් නැහැ මොවුන්ට. (නි)
අනේ ලංකාවේ අධ්‍යාපනය! (නි)
අපේ සල්ලි වලින් ඉගෙනගන්නවා නම් දේශන වලට යන්න බැරි මොකද? බාගෙට ඉගෙනගෙන උපධිය අරන් රස්සා නැහැ කිය කියා බෙරිහන් දෙන්නේ නැතුව හරියට දේශන වලට ගිහින්, රස්සාවකට සුදුසුකම් හදාගන්න (නි)
විශ්ව විද්‍යාල වහලා දාලා ඔය දේශක මහත්තුරුත් වෙන මොනවාහරි රස්සාවල් හොයාගන්න. මේ අයට ඉගෙනගන්න ඕනෑ නැත්නම් වෙන මොනවා කරන්නද? (නි)
හැමදේම නිකන් දෙන එකේ ප්‍රතිඵල තමයි මේ. විශ්ව විද්‍යාල වල වාර විභාග වල විතරක් නෙමෙයි අපොස සා පෙළ විභාග වලටත් ලියන්න පැමිණීම බලනවා 80%. ඒක ලැබෙන අධාපනයේ ගුණාත්මක බව පවත්වාගන්න අනිවාර්යයෙන්ම ඕනෑ. (නි)
මුන්ට පාරවල් ගානේ විරෝධතා කරන්න ඕන තරම් කාලේ තියනවා. විශ්ව විද්‍යාලවල මුදල් අය කරලා උගන්නන්න පටන් ගත්තොත් ඔය ලෙඩ සේරම සනීප වෙනවා. (බ)
මේ ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ මොන තරම් බරපතල සත්‍යයක්ද? ගුණාත්මක භාවයකින් යුත් උපාධි සඳහා පිළිගත් සම්මුතීන් අනුව දේශන සහභාගිත්වය අනිවාර්ය බව හැබැයි, මේ ළමයි පෞදගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධව පෙළපාලි යන්නේ නම් ගුණාත්මක නොවන අධ්‍යාපනයක් දෙන කඩ වලට එරෙහිවයි. දැන් මේ ගොල්ල කොහෙන්ද එතකොට ඔය කියන ගුණාත්මක අධ්‍යාපනය ලබන්නේ? (බ)
දේශන වලට ගිහින් කොහොමද, රටේ ප්‍රශ්න විසඳන්න පාරට බහින්න ඕනෑනේ. රටේ මුදල් නාස්තිවෙන එක ප්‍රධාන මාර්ගයක් තමයි මේ නිදහස් අධ්‍යාපනය. එ්කෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති රටට බර පුද්ගලයෝ. (නි).
විශ්ව විද්‍යාල වලින් පිටවෙන උගතුන් ගැන ඉතාම හොඳ සහතිකයක්. (නි)
දේශන වලට එන්නේ නැතිව විබාගෙට ලියන්නේ මොනවාද? යුනිවසිටි වලටත් ටියුෂන් තියෙනවද? මෙහෙම අයටද උපාධි දෙන්නේ. අනෙක උසස් පෙළ ලියන්නත් 80% තියෙන්න ඕන. මෙයාල උසස් පෙළ ලියුවේ එ්කත් නැතිව වෙන්න ඇති. එතන නම් ටියුෂන් තියෙනවා.එතෙන්දීම කඩන්න තිබුණු ප්‍රශ්නයක් මේ. (බ)
මෙයාල මාලඹේ සිසුන්ට විරුද්ධව පාරේ උද්ඝෝෂණ වල. මාලඹේ සිසුන් 100% ඉගෙනීමේ වැඩවල. මේ දෙගොල්ලන්ගේ ඉදිරි රාජකාරි කටයුතුත් මෙහෙමම තමා. (නි)