
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට සහ කලාපයේ සියලුම රටවලට විශාල ප්‍රශ්නයක් එල්ල කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕමානයේ ඉන්දියන් සාගර සමුළුව අමතමින් පැවසීය.
එක්සත් ජනපදය පැරිස් දේශගුණික විපර්යාස ගිවිසුමෙන් ඉවත් වූ නමුත් ඉන්දියන් සාගරයේ සිටින ලංකාව ඇතුළු රටවලටත් ඇන්ටාක්ටිකාව දක්වාම දේශගුණික විපර්යාසවල වගකීම බාර ගත යුතු වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඕමානයේ මස්කට් නුවර මෙම ඉන්දියා සාගර සමුළුව පැවැත්වුණු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
"ඕමානය සහ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ශිෂ්ටාචාරයේ කොටසක් වනවා. ඕමාන නාවික හමුදාව පෘතුගීසි නාවික හමුදාව පරාජය කළා.ඇත්තෙන්ම ලංකාවට එදා නාවික හමුදාවක් තිබුණේ නැහැ. අප ඔවුන් ගොඩබිමේදී පරාජය කළා.අපට සන්නද්ධ බලකායක් තිබුණා. සම් සන්නාහ පැළඳ සිටින ඇතුන්, තුවක්කු කරුවන් සහ කාලතුවක්කු ඉන්දියාවෙන් පැමිණි අතර රාජ්පුත් රණශූරයන් ද සිටියා. ඔවුන් වෙනුවෙන් කෝවිලක් ද හැදුවා.ඒ බැරැන්ඩි කෝවිලයි.පැරණි ඉන්දියන් සාගර ශිෂ්ටාචාරය ක්‍රියාත්මක වූයේ එලෙසයි"
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශගුණික විපර්යාස ගැන ඔබතුමා දක්වන උනන්දුවට කවදාහරි ඔබට ලෝක සම්මානයක් හම්බ වේවි...!
හැබැයි ලංකාවට තියන විශාලම ගැටලුව මේ දේශගුණික විපර්යාසේ නෙමෙයි , ඇති කරලා තියන "ආර්ථික අර්බුදය" , එකට මූලික වශයෙන් වගකියන්න ඕනේ මේ මනුස්සයයි මහින්ද රාජපක්ෂයි පවුලයි.
දේශගුණික විපර්යාසවලයි, පෘතුගීසි හමුදාව පරාජය කරපු ඉතිහාසේ තිබිච්ච ශිෂ්ටාචාරවලයි මොකක්ද තියෙන සම්බන්ධය?
දේශගුණික විපර්‍යාස නම් මොනවාද? ලන්කාවේ දූෂිත දේශපාලුවෝ කරපු විනාසේ මුලු රටටම සාපයක්...!
ත්‍රයිලෝක විජයපත්‍ර ඇටපිටින් ගහලද කොහෙද?
මූ හිතන් ඉන්නේ මූ තවම පිනා කියලද ?
අපේ බදු සල්ලි කෝටි ගණන් දේශපාලුවන්ට බෙදුවා.