ශ්රී ලංකාව කලාප හතරකට බෙදා උදේ 7.00 සිට දහවල් 12.30 දක්වාද පස්වරු 6 - 8 දක්වාද , දහවල් 12.30 සිට පස්වරු 6 දක්වාද පස්වරු 8 - 10 දක්වාද යළි දැනුම් දෙන තුරු විදුලිය කපන බව විදුලිබල මණ්ඩලය කියයි.
මේ අතර අද (15) නොරොච්චෝලේ විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ බදාදා (16) සවස හෝ බ්‍රහස්පතින්දා (17) පෙරවරුව වන විට විදුලි කප්පාදුව නතර කිරීමට පියවර ගන්නා බවයි.
විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ විදුලිය කැපෙන වේලාවන් හා අදාළ ප්‍රදේශ දැක්වෙන සටහන මෙසේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2005 ට කලින් ඔහොම කරන්ට් ගියා. එත් ඊට පස්සේ ඔහොම කරන්ට් එක ගියේ නැහැ ... (ර)
පොඩි දෝෂයකින් මුළු ක්‍රියාවලියම අඩපණවෙනවා (නි)
ගෙයක් ප්‍රදර්ශනයට දාලා ගජරාමෙට ලයිට් කපනවා. ඡන්දෙ ගන්නකොට කිව්වේ නම් කොහොමද.? (ර)
ලලිත්ලා වගේ බලන්න ඡන්දෙ දීල තමයි ජනවාරි 8 වෙනිදා ඇනගෙන තියෙන්නේ. තවත් කියනවා බලන්න ඡන්දෙ දෙන්න කියල.(බ)
මහින්ද සෞදි ගේ සින්දු කෑල්ල නම් මරු (බ)
මේ හිටියා වගේ තව දවස් දෙකතුනක් ඉඳිමු. ඊටපස්සේ හැමදා විදුලිය ලැබෙයි (නි)
මිනිපේ කියන විදිහට එහෙම ව්‍යාපෘති පටන් අරන් තියෙනවද? (බ)
විජිත් කියන ඒ සුන්දර ලෝකය පිහිටා තිබෙන්නේ ලංකාවේ ඇතුලේ වෙන්න ඇති නේද? ඒ අඳුරු ලෝකය මොන තරම් නම් සුන්දරද නේද? තියන දේ හරි හැටි කළමනාකරණය කර ගන්න දන්නේ නැති වැඩ බැරි ටාසන්ලගේ වැඩ කොහොමත් ඔහොම තමයි. (ර)
කලින් අය හදාපු ටිකවත් හරියට නඩත්තු කරගන්න යහපාලකයින්ට බැරිද? (නි)
අමිල, රටේ ගොඩගැසෙන රුපියල් කෝටි ගණනක් වටිනා කුණු කසල ටික රටට ප්‍රයෝජනවත් ලෙස උපයෝගී කරගන්නට, හරියට කළමනාකරණය කරගන්නට බැරි මිනිසුන් සිටින රටක, "ඩිසාස්ටර් රිකවරි ප්ලෑන් " බලාපොරොත්තු වෙන්න පුලුවන්ද...? මේවාට තමයි කියන්නේ රටේ අවාසනාව කියලා. (නි)
බලාගාර හදනකොට උඩපනිනවා. වැස්ස නැත්නම් ජල විදුලියෙන් මොකුත් කරන්න බැහැ. (නි)
එතකොට කැළණි තිස්ස බලාගාරයත් වහලද ? දන්නේ නැති නිසයි අහන්නේ. නොරෙච්චෝලේ මහින්දගේ කාලයේ කැඩිලා ම නේ තිබුනේ එතකොට විදුලිය දුන්නේ කොහොමද? (බ)
මේවා කාර්මික දෝෂ. ඒ නිසා කාටවත් බොරුවට බැනලා වැඩක් නෑ (බ)
අපි ගෙනාපු ආණ්ඩුව වැටෙනවා දකින්න අපි කැමති නැහැ. නමුත් ඇමතිවරු දෙන්නම වැඩේදි අසාර්ථකයි. නිදහසට කරුණු කියන්නේ නැතිව ඉල්ලා අස්වෙන්න ගිය සභාපතිතුමා දෙන්න ගිය ආදර්ශය පවා නැති කළා. එහෙම කරනකොට අනිත් රාජ්‍ය නිලධාරීන් පවා වගකීම ගන්නවා. (ර)
විදුලිය නැතිවීම නඩත්තුවේ වරදක්ද පරිපාලනයේ වරදක්ද නැතිනම් කඩකප්පල්කාරී වැඩක්ද කියා සොයා බලා තීරණයක් ගන්න ඕනේ. ඊට කලින් වරද රජය පිට පැටවීම සුදුසු නෑ (බ)
විජිත්, ඔයා හරිවෙන්න පුළුවන්. නමුත් සමහරක්ට ඕවා තේරෙන්නේ නැහැ. හැම දෙයකටම ආණ්ඩුවට අපහාස කරන්න බලාගෙන ඉන්නේ. (නි)
නාලක, දවසට පැය 7 ගණනේ විදුලිය දවස් 3 හෝ 4 කපලා රට ගොඩනගන්න බැහැ. (නි)
ලලිත්,ඔයාගේ දේශපාලනයෙන් මේකට වැඩක් නැහැ.මේක තාක්ෂණික ප්‍රශ්නයක්.ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඉගෙනගන්න.දේශපාලන කන්නාඩියෙන් හැමදෙයම බලන්න එපා.ඔයා කාට ඡන්දය දුන්නත් අපිට වැඩක් නැහැ.(කෞ)
මේ වගේ දේවල් සාමාන්‍යයයි. ආණ්ඩුව පළි නැහැ මේවට (නි)
පව්! බණ්ඩා වගේ සමහරු නම් හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ, සැප වැඩිවෙලා (නි)
ගොඩක් අයට උවමනා වෙලා තිබ්බේ කොහොම හරි මොනම විදියකින් හරි මගඩි වැඩක් කරලා ආණ්ඩුවට මඩ ගහන්න. (ම)
කවුරු ආණ්ඩු කළත් හදිසි කාර්මික දෝෂ එනවා. වැරැද්ද නම් හරිහැටි පාලනයක් පෙර සිට නොතිබීමයි. දැන් තියෙන්නේ පෙර වැරදි නොවෙන්න මහජන මුදල් හොරකම් කරන අය හා රැකියාව පැහැරහැරි අයට දඬුවම් දී රට හොඳ මඟට ගැනීමයි (නි)
දවසකට සිදුවෙන අලාබය කෝටි 6000 ඉක්මවනවා. අලුත් ලංකාවකට ඉඩදෙමුද? (නි)
අලුතින් හදපු නොරෝච්චෝලෙනුත් කොමිස් ගසා වැඩේ බාගෙට කළනිසා එය තත්වයෙන් බාලයි. නිතරම ක්‍රියාවිරහිත වෙනවා (නි)
නාලක වගේ මිනිස්සු හින්දා තමා රට ගොඩයන්නේ නැත්තේ. බියගම ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යෑම සැකසහිතයි. බල තණ්හාවට සමහරු නොකරන දෙයක් නැහැ. අලුත් දේ වෙනුවට චීනයේ අයින් කරන කුණු ගොඩක් ගෙන්නලා නොරොච්චෝලේ විදුලි බලාගාරය හදලා කොමිස් ගහපු උදවිය කිව්වේ ඉන්දියාවටත් විදුලිය දෙන්න පුලුවන් කියලා. හැබැයි හදපු දවසේ ඉඳලා කැඩෙනවා. දැනුත් ගැටලුව ඒකයි. (නි)
රට ණයකරලා හදපු කබල් අඟුරු බලාගාරය නිසා තමා මේ ඔක්කොම කරදර. මේ මාසවල තිබෙන අධික විදුලි ඉල්ලුම ජාල විදුලියෙන් පිරිමහන්න බැහැ. අර කබලත් හැමදාම ලෙඩ. (නි)
හැමදාම නෙමෙයිනේ. මේවා ඒතරම් ගණන් ගන්න දේවල් නෙමෙයි (නි)
ඔබට සතුටුයිද දැන්..? ඉල්ලූ වෙනස ලැබුනාද? (නි)
අපේ රටේ විදුලියත් හසුරුවන්නේ චීන්නු. පේනවනේ තව ටිකක් කල් ගියානම්. (ර)
ඇමති මණ්ඩලයත් හතෙන් එකකට අඩු කරන්න ඕන අනවශ්‍ය සන්තොස කිරීම් නවතා ඒ මුදල් රටට යොදවන්න (හේ)
ඉතාමත්ම දියුණු රටවල මේ ක්‍රියාවලිය ඉටුකිරීමට අතිසංවේදී ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික් සින්ක්රෝනයිසර් භාවිතා කරනවා. ඒවා ඉතාම ඉක්මනින්, ඒ කියන්නේ සමහර අවස්ථාවල ඇසිපිය හෙළන මොහොතකින් පද්ධති එකිනෙක සම්බන්ධ කර, සමබරකර විදුලිය සැපයුම ලබාදෙනවා. ඉතින් මම නම් හිතන්නේ මෙතන තමයි ගැටලුව තියෙන්නේ. අර මම කිවූ නවීන උපකරණ මිලෙන් ඉතාමත්ම අධිකයි. අප වැනි දුප්පත් රටකට "ලබාගෙනත් බැරි " " නොගෙනත් බැරි " මේ උපකරණ අපේ රටේ විදුලි සැපයුමේ ස්ථිර බව තීරණය කරාවි. (නි)
යහපාලනය පෙරට, රට ආපස්සට. මෙහෙම විදුලිය කැපුවොත් කර්මාන්ත ව්‍යාපාර බිද වැටෙනවා. අයිටී නංවන්න යන්නේ විදුලිය කපලද? (හේ)
මට පෙනෙන්නේ මේක ළඟදීම ඉන්දියාවෙන් න්‍යාෂ්ටික විදුලිබලාගාර ගන්න හදන වෑයමක් කියලා. ඉන්දියාව කැමති නැහැ අප ඒවා චීනයෙන් අරගෙන න්‍යාෂ්ටික බලය පිළිබඳව දැනුම වැඩි කරගන්නවාට. (ම)
හවසට යහපාලනයේ වෙනසේ සුවය ඡන්දදායකයන්ට දැනෙනවා ඇති (නි)
බන්ඩි, හිතන් ඉන්නේ ගෙදර වතුර මෝටරේ හැදුව වගේ ජාතික විදුලි බල ප්‍රශ්නෙත් විසදන්න පුළුවන් කියලා. (ර)
විදුලිය බිදවැටීම ලෝකයේ ඕනෑම තැනක සිදුවිය හැකි සාමාන්ය දෙයක්. ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලින් උත්පාදනය කරගන්න විදුලිය වෝල්ට් 220 000 සහ වෝල්ට් 132 000 වශයෙන් " ග්රිඩ් " උපපොලවලට ගෙනවිත් විවිධ ප්රදේශවලින් එන විදුලි රැහැන් එකට එකතු කිරීමේ " සුවිශේෂ " ක්රියාවලියක් තියෙනවා. ඒ ක්රියාවලියේදී විදුලිය තව තවත් බලගැන්වී ( අප මෙගා වොට් හෝ ගිගා වොට් වලින් හඳුන්වන්නේ මේ කියන විදුලි බලයි ) තමයි නොයෙක් බෙදා හැරීමේ මධ්යස්තානවෙත සපයන්නේ. මම අර කලින් කියපු ක්රියාවලියට කියන්නේ " සින්ක්රෝනයිස් "කරනවා කියලයි. අපිට හිතු හිතු වෙලාවට අධිබල විදුලි රැහැන් එකට " අමුණන්න " බැහැ. ඒ සඳහා සැපිරිය යුතු සාධක කිහිපයක් තියෙනවා. මේ සම්බන්ධකිරීමට අප සින්ක්රෝනයිසර්ස් නම් විශේෂ උපකරණ පද්ධතියක් භාවිතා කරනවා. දැනට අප භාවිතා කරන මේ උපකරණ අවුරුදු 15 පමණ පැරණි ඒවා.මේ වසර 15 තුල බොහෝ අලුත් විදුලි ජනක වලින් පැමිණෙන විදුලිය " ජාතික විදුලි ජාලයට " සම්බන්ධ කර තියෙනවා. තව තවත් සම්බන්ධ කරනවා. ඉදිරියටත් එහෙමයි.. නමුත් අර සින්ක්රෝනයිස් කරන උපකරණ පද්ධතිය තවමත් එහෙමමයි. එවිට ඒවායේ සම්බන්ධකිරීමේ ධාරිතාව ටිකෙන් ටික අඩුවෙමින් යනවා. කිසියම් මොහොතක යම් ප්රදේශයක සිට ග්රිඩ් උපපොලක් වෙත ගෙන එන විදුලිය බිද වැටුනහොත් මුළු විදුලි පද්ධතියේම "සමබර තාවය " හෙවත් ස්ථායිබව නැතිවෙලා යනවා. එවිට අර සින්ක්රෝනයිසර්ස් ස්වයංක්රීයව ක්රියා කොට පද්ධතිය සමබර කර ගන්නවා.පැරණි, එමෙන්ම ධාරිතාවය අඩු සින්ක්රෝනයිසර්ස් වලට සමහරවිට මෙය කරගැනීමට අපහසු වෙනවා.එවිට මේ ක්රියාවලිය මිනිස් බලයට හෙවත් විදුලි ඉංජිනේරුවන් අතින් සිදුකරනවා. ඇත්තටම ඒ අවස්ථාවට මුහුණදෙන ඉන්ජිනේරුවෙකුගේ මානසික තත්වය " යකාගේ කම්මලක් " වැනියි. ඒ තරම් දේවල් සොයා බලා ක්ෂණිකව කරන්න වෙනවා. සමහරවිට එක මිලි තත්පරයක පමාවකින්,හෝ ඉක්මන් වීමකින් මුළු පද්ධතියම අක්රිය වෙනවා. මෙය ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක්. (ර)
ශශික, ඔයාගේ කතාව හරියටම හරි. මේ ආණ්ඩුවෙන් නම් මේ රටට කිසිම වැඩක් වෙන්නේ නැහැ (නි)
අලුත් ලංකාවට ඉඩදෙමු නේද, කරුවලේ හරි ඉඳලා. (නි)
මොනා කරන්නද ඉවසලා ඉන්න වෙනවා. (ර)
ආසියානු කුසලානය බලා ගන්න බැරි උනා පෙන්නේ නැති නාලිකාවකට දීලා.... දැන් ඉතින් ලෝකකුසලනය බලන්න වෙන එකකුත් නෑ. (ර)
දෙවියන්ගේ පිහිටෙන් අපිට නම් ලයිට් කැපුවේ නැහැ තවම ලංකාව වටේම කපනවා කීවත්. (ර)
මාර රස්නයක් තියෙන්නේ මේ දවස්වල් ඉන්න අමාරුයි ෆෑන් නැතිව. (ර)
කිසිම දෙයක නිසි කළමනාකරණයක් නැති අඩුව කාටත් පෙනෙනවාෙ (නි)
වජිත්ගේ අදහස් දැක්වීම කදිමයි අපි නොදන්නා කරුණු ගොන්නක් ඔහු සතු බැව් පෙනේ ඔබට තුති (හේ)
මේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද මේක කාර්මික දෝෂයක් කියලා. මේ අදහස් දාන මිනිසුන් ගැන දුකයි (නි)
විජිත, මේ කතාව කියලා දුන්නට ගොඩක් පින්! නැත්නම් අපේ මිනිස්සු මේවට දේශපාලනය මුල්කරගෙන වෛර පිරිමහන්න හදනවා (නි)
පහුගිය රජය කාලේ මෙහෙම දේවලු වුනේ නෑනේ - ඒකාලේ විදුලිය දුන්න කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඊට කලින්නම් මේ විදියට විදුලිය කැපුවා (ඔබ 90 ගණන්වල, 2000 මුල ගණන්වල ලංකාවේ හිටියනම් මතක ඇති), දැන් අයෙත් විදුලිය කපන්න බිඳ වැටෙන්න පටන් අරන්. කොහොමද එහෙම වෙන්නේ?(කෞ)
දවසම කැපුවත් අපිට නම් කමක් නැහැ. අපි පටි තදකර ගත්තා (නි)
මෙහෙම ප්‍රශ්න වලදී අපි කලබලනොවී ඉවසීමෙන් කටයුතු කිරීමයි වැදගත් (නි)
දැන් කළයුත්තේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමයි (නි)
එය එකවිට වන්නක් නොවේ. එය සම්පූර්ණයෙන්ම ඔටෝ වෙන්නේ. මෙය ජාලයේ වැරැද්දක් (බ)
විදුලිය දවසෙම කැපුවත් මහින්දගේ අයට නම් ආයෙත් ඡන්දය දෙන්නෙ නැහැ. නමුත් මේ ගොල්ලන්ටත් පාඩමක් උගන්වන්න ඡන්දය දෙන්න වෙන අළුත් රටට ආදරය ඇති බලවේගයක් නැති එක ගැන නම් දුකයි. ජවිපෙත් මොනවා කරනවද මන්දා? රටේ විද්වත්තු ටික එකතුවෙලා වෙනමම එකක් හැදුවා නම් බලන්නත් එක්ක අපි ඡන්දය දෙනවා. (නි)
යුද්ද කාලේ ජේ.වී පෙ. හා එල් ටි ටි සංවිධානයේ කලබල කාල වල ආණ්ඩු කල එජාප ප්‍රේමදාස හා මහින්ද ඇතුළු නායකයෝ රටේම ලයිට් කපන්න දුන්නේ නැහැ නේද? අනේ රටට ගිය කලක් (බ)
හිතාගන්නවත් බැරි වෙනසක් අපි දැන් විඳිනවා. ස්තූතියි! (නි)
විදුලිය කපන්නෙ බලාගාර නැවත ක්‍රියාත්මක කරනතුරු විතරයි. තව තියෙන්නෙ නොරොච්චෝලේ බලාගාරය විතරයි. ඒක අනිත් එ්වා වගේ නෙමෙයි, තාප බලාගාරයක්. හදිසි නැවතීමකදි නැවත ක්‍රියාත්මත කරන්න දින තුනක් යනවා. (නි)
යහපාලනයේ සුව රෑ වෙද්දී ඉහින් කනින් බේරෙනවා. (ර)
මට දැනගන්න ලැබුන විදිහට නොරොච්චෝලේ කැඩුන එක තමයි මෙහෙ වැරැද්ද, ජපන්නු හරි යුරෝපයෙන් ගෙනවානම් මේ කරදර නෑ, (හේ)
මගේ තාත්තට තියෙන්නේ වැල්ඩින් වැඩපොළක් . අපි ඉගන ගන්නෙත් ඒ අදායමෙන් . විදුලිය නැති උනාම අපිට ජිවත් වෙන්න අමාරු වෙනවා . (ර)
වතුර නැත්නම් කොහෙන් දෙන්නද විදුලිය. මහින්දගේ කාලේ වතුර විදුලිය කැපුවේ නැද්ද අනේ. කෝ අර හදපු බලාගාර අනේ අනිච්චන් කීවලු. (ර)
විජිත් වගේ කාගේත් දැනුම වැඩි වෙන විදිහට කරුණු දක්වන්න.(හේ)
ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කිව්වා නේද? (ර)
ගිය රෙජීමයෙන් විදුලි බල පද්ධතිය හරියට නඩත්තු කරලා නැතිව ඇති (හේ)
මේක යහපාලනයේ හෝ වෙනයම් පාලනයක වරදක් නොවේ මහින්දගේ කලෙත් මේවා වුනා මේවා කාර්මික දෝස ඒවා නඩත්තු කලාම හරි මේ ලෝකේ පළමු වතාවට අපේ රටේ විතරක් වුන දෙයක් නොවේ (හේ)
මහින්දගේ පාතාලයෝ පවතින රජය බිදදැමිමට වැඩ පටන්ගෙන අැත. (බ)
දැනෙන වෙනසක්,අපමණ අගයක් ජයවේවා.(හේ)
මහින්දට හොරා හොරා කිව්වා.අන්තිමේ අපමණ අගයක් සහිත යහපාලනෙට හොරා හදපුවා නඩත්තු කරගන්නවත් බැහැ (බ)
ෂා නියමයිනේ.මෙන්න යහපාලනය.(හේ)
බදු වැඩි කරපු එකට විතරක් නෙමෙයි මන්ත්රීලගේ වරප්‍රසාද විශාල ලෙස ඉහල ගියාට ජනතාව තදින් අමනාප වෙලා ඉන්නේ. ඒ මදිවට මේ විදුලි ප්‍රශ්න. මේකනම් ඉතින් ආණ්ඩුවේ වරද්දක්ම කියන්න බැහැ. (ර)
අද දිනට මහජනයාට බලපාන ගැටළු වලට මැදිහත්වී එයට විසදුමක් ලබාදීම රජයේ සියලුම බලධාරීන් විසින් එක් වී කටයුතු කළ යුතුයි. අධිවේග මාර්ග හා දිර්ඝ කාලින ව්‍යාපෘති දැනට පමණක් කල් දමන්න. (බ)
මට හෙට අනුරාධපුරට කරන්ට් යන වෙලාවල් කියන්න පුලුවන්ද .... මේක තෙරුම් ගන්න අමාරුයි (බ)
බලමු මොකද වෙන්නේ කියලා....(ම)
ඒ කාලේ ලයිට් කැපුවේම නැද්ද ? (ර)
මේවා දැක දැකත් තවමත් කඩේ යන කට්ටිය ගේ මොලේ පරික්සා කල යුතයි. (ර)
විජිත් ,ඔය මොන කියුවත් රටේ වැදගත්ම සේවා ආයතනයක් කිසිම "ඩිසාස්ටර් රිකවරි " ප්ලෑන් එකක් නැතුව දුවන්න ඉඩදෙන්නේ කවුද ? මෙවැනි දෙයකට පෙරසුදානමක් නැතුව මෙච්චර දවස් ලොකු ලොක්කෝ මොනවද ලං .වී ,ම එකේ කළේ ? (බ)
දැන් අලුත් ලංකාවක් විදුලිය නැති. (ර)
අපි ඉන්දියාවෙන් දක්ෂ ඉංජිනේරුවෝ ගෙන්වමුද? (නි)
මේව ප්‍රධාන වශයෙන්ම පරිපාලනයේ තිබෙන දුර්වලකම් තමයි (නි)
මුළු රට ඇත දැන් අඩ අඳුරේ,ජනපති,අගමැති සංචාරේ,ගොවි කම්කරුවොත් මහා පාරේ,පව් ගෙවමු අපි සංසාරේ. (බ)
ඉතින් අමාලි තාත්තට කියන්න විදුලිය නැති වෙලාවට නිදාගෙන රෑ වැඩකරලා තියන වැඩ ඉවර කරගන්න කියලා දවල් පැය 5 විතර විදුලිය තියනවනේ මොකද මේක සිල්ලර කඩයක් නෙවේනේ බාර ගත්ත වැඩ ඕනේ වෙලාවක කරන්න පුළුවන්. (ර)
මහින්ද මහත්තය අවුරුදු 10 රට කළා..කෝ විදුලිය කැපුවද? ඒ කාලේ නියගය තිබ්බෙම නැද්ද? නියම වෙනස.. (ර)
අපි දැන් ඉවසන්නම්. එ්ත් මේක ඉස්සරහට වෙන්න බෑ. එච්චරයි. (බ)
රෝහණ කුමාර් මෙන්ඩිස්, පහුගිය ආණ්ඩුව ඉන්න කාලේ කිසිම දවසක විදුලිය විසන්ධි කලේ නැත. එයට හේතුව, ඔවුන් පෞද්ගලික ආයතන වලින් විදුලිය ලබා ගැනීමයි. නමුත් මෙම ආණ්ඩුව පැමිණි ගමන් එම ගිවිසුම් අවසන් කරන ලදී. පැහැදිලි ක්‍රමෝපායක් නොමැති කම මෙම ආණ්ඩුවේ තිබෙන ලොකුම දුර්වලකමයි, එම නිසාම සෑම ක්‍රියාවක්ම ඇන ගනී. (ර)
බණ්ඩා කියන්නකෝ මහින්දගේ කලේ ලයිට් කැපුවේ කවදද කියලා. (ර)
දැන්නම් අපි පුදුම කළකිරීමකින් ඉන්නේ. මදැයි කරගත් මෝඩකම? (නි)
බණ්ඩා. මොකෝ හිතට අමාරුද ? (ර)
විදුලිය උත්පාදනය කරන්නේ ආණ්ඩුවෙන් නොවේ. බලාගාර වලිනි. නොරොච්චෝලේ බලාගාරය නොනවත්වා සේවය සැපයු දින ගණන ඔබ දන්නවාද .යන්ත්‍ර අසමත් විය හැකියි .විදුලි ඉංජිනේරුවන් උපරිම උත්සාහ දරන බවයි වාර්තා වෙන්නේ .ගෙදර වතුර මෝටරය කැඩුනත් ආණ්ඩුවට බනින ඔබලා වැන්නවුන් සමග කුමන දියුණුවක්ද. (ර)
මේක දවස් දෙක තුනක් විතරයි. නොරොච්චෝලේ අායෙත් පටන් ගත්තහම පැය විසිහතරම විදුලිය දෙන්න පුලුවන්. මෙතන වැරැද්ද තිබෙන්නේ හදිසි අවස්ථාවක නොරොච්චෝලේ ක්‍රියාවිරහිත වෙන එක වළක්වන්න පද්ධතියක් නොමැතිවීම. (නි)
දවසට පැය හත හමාරක් ලයිට් කපල රටක් ගොඩ එන්නෙ කොහොමද? මහින්දගේ කාලේ 2012 නියගෙටවත් ලයිට් කැපුවේ නෑ. රටේ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිට තමා.. (ර)
සෞදි මහින්දගේ ගී පද රචනය මරු ..(බ)