(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ දී අද (23) පස්වරුවේ විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් අතර ඇතුළු වු වෙඩි හුවමාරුවකින් පතාල සාමාජිකයකු බව කියන අලුතපොළ කුරේ නැමැත්තා මිය ගොස් තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතර බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරයෙක් ද සිටින බව පොලිසිය කියයි.
මෙම පිරිස කිසියම් අපරාධයක් සඳහා යමින් සිටියදී විශේෂ කාර්ය බළකායට කොටු වී ඇති බවත් මොවුන් විශේෂ තැබීමත් සමඟ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.
සැකකරුවන් සතුව මිලිමිටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, අත්බෝම්බයක් සහ ප්ලාස්ටික් පිස්තෝල දෙකක් සොයා ගෙන ඇත. සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා දිවුලපිටිය පොලිසිට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනි! පක්ෂ දේශපාලනය මේ රටට ගැලපෙනවද?
ගැලපෙනවා
විශ්ව පිස්සුද? මේ අය ලංකාවේ ලොකුම නිධානයක් ගන්න ගිහින්
මිනිසුනි රටට ගැලපෙනවද?
කොළඹට කිරි ගමට කැකිරි වගේ ගිනි අවි බෙදුවේ කොළඹට විතරද? ඔක්කම පත්තු වන්නේ බස්නාහිර පළාත් සභාවේ.
අපරාධකාරයට දේශපාලන අනුග්රහයක් නැතුව පැවැත්මක් නොමැත