පුෂ්පකුමාර මල්ලවාරච්චි
දිවුලපිටිය නගරයේ ඔර්ලෝසු කණුව වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි අද 12 රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නකින් කඩ කාමර අටකින් යුත් ඉහල මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ අතර රාති‍්‍ර 9.00 පමණ වනවිට ගින්න පහල මාලය කරා පැතිරෙමින් තිබිණි.
රාති‍්‍ර 8.00 ට පමණ මෙම ගින්න හට ගෙන තිබුණේ ඉහල මාලයෙන් බව පොලිසිය කිය. රෙදිපිලි , සපත්තු, විදුලි බඩු හා සිල්ලර වෙළෙදසැලක් මෙන්ම සන්නිවේදන ආයතනයක්ද මෙහි පිහිටා ඇත. ගින්න හට ගැනීමත් සමග පොලිසිය හා ජනතාව එක්ව රෙදිපිලි හා සපත්තු වෙළෙදසැල්වල පහල මාලයේ තිබූ දේපල රැසක් ඉවතට ගැනීමට කටයුතු කරනු ලැබ තිබිනි.
එම වෙළෙදසැල්වලටද ගින්න පැතිර යමින් පැවති අතර අනෙක් වෙළෙද සැල්් ඉබි යතුරු දමා වසා තිබූ නිසා ඒවාට සිදුවූ අලාභයන් දැන ගැනීමට නොහැකිවිය. ගින්නට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කෙරෙන අතර රාති‍්‍ර 8.25 වනවිට ප්‍රදේශයේ විදුලි සැපයුම කපා හැරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ලැබීය.
ඉහල මාලයේ පැතිරෙන ගින්න නිසා මාර්ගය අයිනේ පිහිටි විදුලි කණුවල රැහැන් පද්ධතිද හානියට ලක්වූ බව පෙනෙන්නට තිබිනි. පිටතට ගත් දේපල ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට කටයුතු පියවර ගනු ලැබීය.
මෙම ගින්න නිසා සිදුවූ අලාභය රුපියල් කොට් ගණනක් විය හැකි බව ව්‍යාපාරිකයෙක් පැවසීය. නගරයේ රථවාහන පාලනය කිරීම සදහා දිවුලපිටිය පොලිසිය පියවර ගන්නා ලදී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවෙහි ගිනි ආරක්ෂාව සම්බන්දයෙන් ඇති පෙර සූදානම සහ දැනුවත්වීම ප්‍රමාණවත් නොවේ. බොහෝවිට ගින්නක් ඇතිවීමට අවිධිමත් සහ අනාරක්ෂිත ලෙස සවිකර තිබෙන විද්‍යුත් මෙවලම්, වයරින් බලපායි. ඉතා මහන්සියෙන් ගොඩනගන ලද ව්‍යාපාර මේ අයුරින් ගින්නට බිලිවීම කෙතරම් කනගාටුදායකද? අප රටේ ජනතාව මේ ගැන වඩා සිතිය යුතු කාලය එළඹ ඇත. අපගේ ආයතන මනා ලෙස ගින්නෙන් අවරණය කල යුතුය. එවිට මෙවැනි විනාශයන් අවම කරගත හැකිවනු ඇත.