පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී භාරයට ගැනීමට යන බවට ලද තොරතුරක් අනුව එහි ගිය මාධ්‍යවේදීනට පන්සල අසල සිටි පිරිසක් පහර දුන්හ.
එක් මාද්‍යවේදියකුගේ හිසට තුවාල වී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය.
මීරිගම කන්ඩලම වලව්වේ දී වනජීවී නිලධරයන් විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම ඇත් පැටවා අනවසරයෙන් රඳවා ගත්තැයි නඩුවක් පවරා ඇත. ඇත්පැටවා මහේස්ත්‍රාත් තීරණය අනුව පන්නිපිටියේ දෙව්රම් වෙහෙරට භාර කැරිණි.
වනජීවී නිලධරයන් මහාධිකරණයට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇත් පැටවා නඩු භාණ්ඩයක් ලෙස වනජීවී නිලධාරීන් භාරයේ තැබීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියෝග කළාය.
පැටවා රැගෙන යෑමට වනජීවී නිලධරයන් එන බවට ලැබුණු තොරතුරු අනුව මාධ්‍යවේදීහු එහි ගොස් සිටියහ.
පොලිසි තුනකින් ආරක්ෂාවට කැඳවා ඇති අතර වනජීවී නිලධරයන් කියනුයේ එහි අලි පැටවුන් තිදෙනකු පමණ සිටින බවයි. ඔවුන් තබා ගැනීමට බලපත්‍ර ඇත්දැයි පරීක්ෂා කරන බව වනජීවී නිලධරයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් ආශ්‍රිතව සිද්ධවෙන සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරුයි (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ. ඉස්සර වැඩිපුර ශීතකරණ නැති කාලේ සමහරු ගෙවල් වල ශීතකරණය හැමෝටම පෙනෙන්න ප්‍රදර්ශනයට වගේ සාලෙන් තියාගෙන හිටියා කියලා මම අහලා තිබෙනවා. දැන් බලනකොට පන්සලේ උසස් බවේ ප්‍රදර්ශන භාණ්ඩය අලි ඇතුන්ද කොහෙද? කාන්ති මහත්මිය කිව්වා වගේ මේක නාගරික පෙදෙසක සීමිත ඉඩක් තිබෙන පන්සලක් (නි)
අලින්ටයි මාධ්‍යවේදීන්ටයි අබ සරණයි. (නදී)
අලි විතරද හිටියේ? (නි)
මාධ්‍යවේදී මහතා ගැන කණගාටුයි. ඉක්මන් සුව ලැබේවා! (නි)
පොලිසි තුනක් කැඳවා තිබියදිත් මැර ප්‍රහාර වෙන්නේ යම් ලොකු බලසම්පන්න අනුහසකින් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ නීතිය ගැන දුක හිතෙනවා... (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
දෙව්රම් වෙහෙර කියන්නේ අති පූජනීය පාරිශුද්ධ සිද්ධස්ථානයක්. (නි)
තව කොච්චර නම් මේ වගේ අහිංසක වන සතුන් හිරකරගෙන ඉන්නවද දන්නෙ නැහැ (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
`අති පූජනීය පාරිශුද්ධ ස්ථානයේ` ආරක්ෂාවට වෙන්න ඇති ගණන්කාරයෝ මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ! (නි)
මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකිමු (නි)
මේ සතුන් කැලෑවට යැවිය යුතු නේද? මේ රටේ මාධ්‍ය වේදීන් මේ තරම් කරදර මැද කරන සේවයට මගේ උපහාරය. (අ)
අලින්ට දක්වන විරෝධය ඇයි අනෙක් සතුන්ට නොදක්වන්නේ? මොන සතාට වුණත් හිංසා කරන එක හොඳ නැහැ (නි)
ඇත්තටම ධර්ම සංගායනාවක් ඉතා ඉක්මනින් අවශ්‍යයි නිර්මල බුදු දහම රැකගන්න නම්. (නි)
අපිට දැන් ඉස්සරහට බණ වෙනුවට අහන්න ලැබෙන්නේ "අලියට කිතුල් කැපුවද බොල ?" වගේ. (නදී)
මාධ්‍යවේදීන්ට පහරදුන් අය අල්ලන්නේ නැත්තේ ඇයි? (නි)
ඕකේ අයිතිකාරයා අර පාර්ලිමෙන්තුවේ පටලැවිල්ලක් වෙලා නරක තැනකට කරදරයක් කරගත්ත මන්ත්‍රී හාමුදුරුවෝ නේද ? (නදී)
අලි ප්‍රශ්නය දැන්නම් බලියක් ඇරලාවත් විසඳන්න බැරි හැඩයි. (නි)
පිස්සුද දිල්ශාන්, ඒ ප්‍රහාරක උත්තමයින්ට ඔහොම කතා කරන්නේ බලාගෙන. (නි)
අනේ සරත්, මට ඔයා ගැනත් මේ වගේ චණ්ඩි ඉන්න පන්සල් වල දායකයින් ගැනත් හරිම අනුකම්පාවයි. (නි)
මේ පන්සලේ අලි ඇත්තු තියාගන්න ඉඩ තියෙනවාද? කුලප්පු වුණ දවසකට අහළ පහළ මිනිසුන්ට පන්නිපිටිය පාර දිගේ කකුල් දෙකට වැඳගෙන දුවලා, මාදිවෙලින් දියවන්නා ඔයට පනින්න තමා සිද්ධ වෙන්නේ. (නි)
මේ දෙව්රම් වෙහෙරද? ඇත් කඳ වෙහෙරද? (නදී)
වසන් කරන්න දේවල් ඇති. ඒකනේ මාධ්‍ය වේදීන්ට පහර දෙන්නේ. (නදී)
සත්ව හිංසාවෙන් වළකිමු නේද? (නි)
බෞද්ධ ධර්මයේ මුලික හරයවත් දන්නේ නැති අයද දැන් සමහර පන්සල් පාලනය කරන්නේ. (නදී)
අති පූජනීය ස්තානක් වූ දෙව්රම් වෙහෙරේ මේ වගේ දෙයක් සිදුවුවා නම් අනිත් ස්ථාන ගැන කවර කතාද? විශේෂයෙන් මාද්‍යවේදින්ව අපි සැමම ආරක්ෂා කරගත යුතු කාලයක්. ඔවුන්නිසා දූසිත මිනිසුන්ගේ ක්‍රියාවන් රටට එලිවෙනවා නමුත් පන්සලෙත් මේ වගේ දෙයක් සිදු වුවානම් තුස්නිම් බූතව සිටිමු (නදී)
අසරණ සතුන් බලෙන් තියාගෙන ඉන්න එක නම් වැරදියි (නි)
පන්සල් වල මේ වගේ සිද්ධි වෙන එකෙන් හොඳ නැත්තේ ඒ පන්සලටමයි නේද? (නි)
ඉතිහාසයේ සිට ලංකාවේ පන්සල් වල අලි ඇතුන් ඇති කළා. පන්සල් වලට නීත්‍යානුකූලව අලියෙක් ඇතෙක් තබාගැනීමට අවසර දිය යුතුයි.මොකද පන්සල් වල ඉන්න ඇතුන්ට අපි බොහොම ආදරයෙන් සළකනවා. එම අයිතිය පන්සල් වලට තිබිය යුතුයි. (නි)
පිස්සන්ගේ තවත් පිස්සු වැඩක් . තවත් මිට වඩා හොද පිස්සු වැඩ ඉදිරියේදී අහන්නත් දකින්නත් පුළුවන්. (නදී)
එතකොට මෙච්චර කල් දෙව්රම්වෙහෙර හාමුදුරුවෝ කිව්වේ මොන වගේ දේවල්ද? (නදී)
පන්සලක් ළඟ මෙහෙම වෙන එක එච්චර හොඳ නැහැ (නි)
අපේ ගෙවල් ළඟ තමයි මේ පන්සල තියෙන්නේ , අලි විතරක් නෙමෙයි නොයෙක් ජාතියේ සන්තුන්ව හිර කරගෙන තියන් ඉන්නවා , අනිත් සතුන් ගැනත් හොයල බලන්න (අ)
මේ පන්සල පුජනීය ස්ථානයක්. (නි)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මෙහෙම ගියොත් පෙරහරකටවත් අලි නැතිවෙයි (නි)
මට සැවැත් නුවර දෙව්රම් වෙහෙර මතක් වුණා (නි)
මම දන්න දෙව්රම් වෙහෙරක් තියෙනවා තණමල්විලත් ලුණුගම්වෙහෙරත් අතර. ඒ පැත්ත කලින් නම් අලින්ට හුරුපුරුදු පැත්තක් (නි)
මාධ්‍යවේදීන් මීට වඩා කල්පනාකාරී වියයුතුයි. (නි)
මම කිව්වෙත් සැවත් නුවර දෙව්රම් වෙහෙර ගැන. වෙන දෙව්රම් වෙහෙරක් ගැන මම දන්නේ නැහැ.(නදී)
අලි පැටියෙක් මොකටද පන්සලට? (නි)
සිවුවනක් පිරිස වැඩසිටියේ පුරාතන ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩසිටි දෙව්රම් වෙහෙරෙහි නේද? (නි)
නමේ හැටියට මම හිතාගෙන හිටියේ දෙව්රම් වෙහෙර කිව්වහම මේ මිනිසුන්ට බණ දහම් දෙසන ස්ථානයක් කියලා. තව පොඩ්ඩෙන් මමත් දවසක ගුටිකනවා. ඇති ඔයින් බේරුනා. (නි)