පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේව්‘ අලියා (45) අද අලුයම මියගියේය.
බඩේ හා කටේ තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිටි මේ අලියා දින කිහිපයකට පෙර නිර්වින්දනය කළ බවත් ඉන් පසු සිහි නොලැබූ බවත් තතු දන්නෝ කියති.
වනජීවී පශුවෛද්‍ය කණ්ඩායමක් අද පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට නියමිතය.
මේ අලියා මද කිපී පංසල අසල බැඳ සිටිය දී දම්වැල සොරකම් කර ඇතැයි ද, අලියාත් තමාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද සුමංගල හිමියෝ පසුගිය අගෝස්තු මාසයේ පොලිසියට පැමිණිලි කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දන්නේ නැති නිසයි අහන්නේ ඇයි මේ කට්ටිය අලියට වඳින්නේ. ඌ දෙවි කෙනෙක් වත් පිදිය යුත්තෙක් වත් නෙවෙයිනේ. තිරිසන් සතෙක්නේ. සත්ව කරුණාව යහපත් දෙයක්. නමුත් සත්ව භක්තිය මිත්‍යාවක් වගේ නේ නිකන්. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (නදී)
ඔබ මතු සංසාරේ මෙවැනි නපුරු මිනිසුන් අතරේ නොයිපදේවා. මෙවැනි අකල් මරණයකට මන් සැලසු ඒ නපුරු මිනිසාට ස්වභාව ධර්මය දඩුවන් කරන්නේ එකදු සැතපුමක් වත් දිවිමගේ පසු කරන්න ඉඩ නොතබාමයි. ඔබට නිවන් සුව ලැබේවා (නදී)
මැරුනා නෙමෙියි මරාගත්තා (නදී)
මේ මොනවද? සතෙකුට ආගමික වතාවත් (නදී)
අක්රම්, සමහරු ආගමික වතාවත් කරන්නේ සත්තු මරලානේ, වෙනස තේරෙනවද? (ස)
ලෝකයේ හොඳම රඟපෑම් තියෙන්නේ ලංකාවේ බව පේනවා. ලැබූ කබල් යට යන ගල් පර්වත වතුරේ පාවෙන සිහිනය මතක් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය නියම ලෙස මර්කට් කරන්න හරිම දක්ෂයෝ . (ස)
මාත් බුදුබණ ටිකක් ඉගෙනගෙන තියෙනවා බෞද්ධයෙක් හැටියට. මට කවුරු හරි කියලා දෙනවද කැලේ ඉන්න සත්තු පන්සල්වලට ගෙනල්ලා දම්වැල් දාලා හදන්න බුදුපියාණන් වහන්සේ අනුදැන වදාලාද කියලා. මේවා අපේ බුදුදහමට ලෝකය ඉදිරියේ නිගාදෙන වැඩ.(නදී)
6 වෙනි ෆොටෝ එකේ පිටු පසින් ඉන්න අලියටත් දෙවියන්ගේම පිහිටයි . (ස)
උපුල්."මැරුනා නෙමෙයි මරාගත්තා"......ඒ අසරණ සතාට කැලේට වෙලා ඉන්න දුන්න නම් ඒ සතා තවමත් ජීවතුන් අතර .ඕව කව්රු කලත් මහා අපරාද. (ස)
මාධ්‍යවේදීන්ට අවසර නැත්නම් මේ පොටෝ, වීඩියෝ ගත්තේ කවුද ? (ස)
පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ පන්සල් භූමියේ විශාලත්වය දන්නා අය පමණක් මේ ගැන අදහස් පල කරනවානම් වඩාත් සුදුසුය ... (ස)
කැලේ ඉන්න අලි එහෙන් මරනවා. හීල අලි එහෙන් මීය යනවා. අනේ මන්දා? අපේ පන්සලට අසුභ නිමිත්තක් වද් ද? (ස)
මෙතන ප්‍රශ්නය පන්සල් භුමියේ විශාලත්වය නෙවෙයි, පන්සලක අලි ඇති කිරීම.(හේ)
පන්සල් වල ඉන්න අලි තරම් දුක්විඳින්නේ නැහැ කැලේ ඉන්න අලි. මොන හේතුවකටද පන්සල වල අලි තියාගෙන ඉන්නේ. එහෙම ඉන්නවා නම් ඒ සතුන්ට කන්න බොන්න දීලා ඉන්න අරින්න ඕනෑ, වැඩ ගන්නේ නැතුව. (නි)
සුරන්, බුදු හාමුදුරුවෝ මොන බනේද දේශනාකරලා කරලා තියෙන්නේ අලි ඇතුන්ට වද දී පන්සල්වල තියාගන්නයි පෙරහැරවල් වල ගෙනියන්නයි කියාලා. (නදී)
මේ සත්තුන්ට කරන හිංසාව ගැන වගකිව යුතු අයගේ අවධානය යොමු කරන්න.(හේ)
සුරන්, බුද්දාගම මෙහේ පටන්ගත්ත එකක් නොවෙයිනේ. සුද්දා ගෙනාව වගේම ඒකත් පිටින්. (නධී)
ලංකාවේ තරම් සත්තුන්ට වද දෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති.(හේ)
6 වෙනි ෆොටෝ එකේ ඉන්න අලියත් කල්පනා කරනවා ඇති,අනේ මේ විදිහට මටත් පින් අනුමෝදම් කරාවි නේද කියල. (අ)
මෙවැනි සතුන් මෙලෙස මිය යාම සාසනේට මහා පවක්. ඇතෙකු හෝ ඕනෑම සතෙකු හදනවා නම් තමාගේ ගෞරවය පිණිස නොව සතාගේ ගෞරවය බලන්න ඕනේ. හාමුදුරුවන්ට නිකන් බන කියලා විතරක් බැහැ. බුදු සාදු කවදත් ඇතුන් පිට වැඩියේ නැහැ ආඩම්බරේට. ඇත්තු හදන්නන් වාලේ හදලා බැහැ. උන්ගේ සිතැගි ගැනත් සිතන්න ඕනේ. සත්ව ඝාතනයට වග කියන්න ඕනේ. මෙලෙස සතුන්ව හරියට හොයා බලන්නේ නැතිව මැරෙන්න දාල ඉන්න බලවතුන්ට කුමන නිවනක්ද (නදී)
ඒකෙන් මේකෙන් කොහොම හරි අලි ඇතුන් වඳ වෙලා ගිහින් දවසක කරඬුව වඩම්මන්නත් අර අප්‍රිකාවේ කන් ලොකු කැත අලි ආනයනය කරන්න වේවි. (අ)
ඒ අලි ඉන්ජෙක්ෂන් එක ගැහුවේ බන්දුලද දන්නේ නැහැ. මිනිහාට අලි ඇතුන් පේන්න බැහැ. (අ)
අලියා මැරිලා ඉවරයි හැබැයි ජිවත් වෙන අය එකීනෙආ මරා ගන්න හදනවා මැරිච්ච අලියෙක් නිසා (අ)
දිලාන් කිව්වා වගේ බන්දුල පෙරේරා වෙන්න ඇති.අලි මරල දාන්න ඕනේ කියපු මිනිහනේ. (අ)
පිස්සු වැටුණු ඇතින්නලු . ඇතින්නියන්ට පිස්සුවට්ටන එකම ස්ථානය මෙතන. (නදී)
අක්රම්, සමහරු කරන්නේ ආගමික වතාවත් කරලා මිනිස්සුන්ගේ බෙලි කපන එකනේ. (නදී)
දෙව්රම වෙහෙර පන්සලක් හැටියට මම නම් දකින්නේ නැහැ. එ්ක ව්‍යාපාරික ස්ථානයක්. මුදල් ගරා ගන්න තැනක්. නියම පන්සලක් දකින්න නම් ගල්දූව ආරන්‍යට යන්න. (නදී)
පර සුද්දා සිංහලයා බෙදන්න දීලා ගිය ආගම් සුද්දාටත් වඩා හොදින් අදහගෙන යන කලු සුද්දෝ මේකේ ලියලා තියෙන දේවල් දැක්කම සිංහල රටේ අනාගතය පේනවා. අලි පංසල් වල ඉන්න එක අනුමත කරන්න බෑ. ඒකට බෞද්ධාගම පලි නෑ. ඒත් පංසල් වල අලි ඉන්නේ වැඩ ගන්න කොටන් අදින්න නෙමෙයි. එ්ක දන්නේ නැති උන් නොදන්න දේවල් ලියන්නේ නැතුව දන්න කෙනෙක් ගෙන් ඇහුවානම් තමයි හරි (අ)
කැලේ නිදහසේ ඉන්න ඕනේ සත්තු ගෙවල්වල පන්සල්වල තනි කරලා තියා ගෙන ඉන්න එක සත්ව හිංසාවක් නේද? ඒක බෞද්ධ කමට ගැලපෙනවද හාමුදුරුවනේ? (නදී)
ඇතුළට යන්න අවසර නැති පන්සල්? අනේ මන්දා....! (නි)
අලි නැත්නම් පෙරහැර යන්නේ හරක්ද ? අලි ඇති කිරීම අපේ සංස්කෘතික අංගයක් (අ)
දැන් ඉතින් හරිම සීදේවි වැඩක් තමයි මේ සිද්ධවෙලා තියෙන්නේ. අලි ඇතුන්ට ජීවත්වෙන්න පුළුවන් තැනුත් තියනවා, බැරි තැනුත් තියනවා. මේ නගරබද ඉඩක් කඩක් නැති පන්සල්වල අලි ඇතිකරන්න ඉඩ තියෙනවද? (නි)
අනේ මන්දා! මේ ආගමික ස්ථාන ඇතුළේ සත්තු කූඩුකරලා ඇතිකරනවා. මේවා හරි වැඩද දන්නේ නැහැ. මම පොඩිකාලේ නොදැනුවත්කමට මාළු පැටවුන් වගයක් බෝතලේක දාලා පාසල් ගිහින් එනකොට තාත්තා මාළු පැටවු ඇළට දාලා. තාත්තාගෙන් කාපු කෑමට ආපසු ජීවිතේට සතුන් ඇතිකළේ නැහැ (නි)
මේ පන්සලේ අලි ගාල් කරන්න ඉඩක් තියනවද ? කුලප්පු වුනොත් අහල පහල මිනිස්සුන්ට මාදිවෙල පාර දිගේ දුවල ගිහින් දියවන්නා ඔයට පනින්න තමයි වෙන්නේ. (ස)
අනේ මන්දා, සියල්ල අනියතයි අපේ හාමුදුරුවනී. (ස)
සීදේවිට නිවන් සැප ! (හේ)
මද කිපිච්ච අලියෙකුගේ දම්වැලක් සොරකම් කිරීම තියා ළඟට කිට්ටු වීම පවා අනතුරු කාර්යයක් .කෙසේ නමුත් දම් වැලක් ගැලවීම මෙවැනි අවස්ථාවක කළ හැක්කේ ඇත් ගොව්වෙකුට මිසක් සාමාන්‍ය කෙනෙකුටනම් නම් කළ නොහැක්කක් ! සීදේවිට නිවන් සැප ! (හේ)
පුදුමාකාර බෞද්ධ රටක් මේක! (නි)
අනේ හාමුදුරුවනේ සියල්ල අනිත්‍ය බව පසක් කරන ඔබ වහන්සේලා මෙසේ වෛරීව වැඩකරන්නේ ඇයි. බුද්ධ පුත්‍රයන් වන්සේලාට සැඟවිය යුතු කිසිවක් නැහැනේද? (ස)
පන්සලක් කියන්නත් ලැජ්ජයි. (ස)
ලෝකෙටම බන කියන මේ හාමුදුරුවන්ට සතර අපායට යන්න මේ පව් හොදටම ඇති. (ස)
ප්‍රථම සිල්පදය කැඩීමට දායක වුන සිලුම දෙනා ලොකු පවකට හවුල්වෙලා (නදී)
මේ සීදෙවිව කුලප්පු කරවල අයිතිකාරයට අනතුරක් කරන්න හැදුව කියල රාවයක් ගියේ පහුගිය දවසක, මේකයි වැඩේ අාශ්චර්යත් එක්ක පන්සලක අලියෙක් නැහැ කියන්නේ දැන් කාලේ පාසලක ස්විමින්ග් පූල් එකක් නැහැ වගේ බලන්නකෝ වැඩේ හැටි නේ.... (ස)
අර අඬ අඬ බන කියන හාමුදුරුවෝ නේද? (ස)
මාධ්‍යවේදීන්ට හා පරිසරවේදීන්ට එහි ඇතුල්වීමට අවසර නැති බවත් කියති. .......පන්නිපිටිය දෙව්රම් වෙහෙරට මගේ පවුලේ අයත් එක්ක යන්න ඕනේ කියල කියද්දී ඒ ප්‍රදේශයේ වැදගත් පවුලක නෝනා කෙනෙක් කිව්වේ,ඔය පන්සලට ගමේ කව්රුවත් යන්නේ නැහැ කියලයි.මට ඒ නෝනා කියපු කතාව මතක් වුණා. (ස)