පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් හමුවීමට ගිය තමාගේ දුරකථනයද විසන්ධි කර ධර්ම ශාලාවේ සිර කර ගත් බවට සිරස මාධ්‍යවේදි ජානක ගෝමස් මහරගම පොලිසියට පැමිණිලි කළේය.
පසුගිය දිනක දෙව්රම් වෙහෙර විහාරස්ථානයට පැමිණි බස් රථයකට යාමට නොදී ප‍්‍රදේශවාසීන් හිරි හැර කර ඇති බවට කොළොන්නාවේ සුමංගල හිමියෝද සුමංගල හිමියන් තම නිවසටම පැමිණ තමන්ට තර්ජනය කළැයි ක‍්‍රිෂාන්ති පුංචි මහත්මිය මහරගම පොලිසියට පැමිණිලි කළහ. විහාරස්ථානයට නිතරම ලොකු බස් රථ පැමිණෙන බවත් එය තමන්ට හිරිහැරයක් බවත් එම මාර්ගයේ ජීවත්වන පිරිස පවසයි. මෙම සිදුවීම පිළිබඳව ප‍්‍රදේශවාසින්ගේ අදහස් විමසා විහාරාධිපති හිමියන්ගේද අදහස් විමසීම සඳහා සිරස එහි ගියේය.
විහාරයේ සිටි දහයක පහළොවක පමණ පිරිසක් හාමුදුරුවෝ හමුවීමට නොහැකි බවත් පවසා ඇත.
සිරස මාධ්‍යවේදී ජානක ගෝමස් මහතා මෙසේ කියයි.
‘‘මම සුමංගල හාමුදුරුවන්ගේ ප‍්‍රකාශයක් ගන්න පස්සලට ගියාම මා පරීක්ෂා කළ පන්සලේ සිටි පිරිසක් මගේ හැඳුනම්පත ඉල්ලා සිටියා. මට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තවෙන් ලබාදුන් හැඳුනුම්පත කල් ඉකුත්ව තිබුණත් ආයතනයෙන් දුන් හැඳුනම්පත තිබුණා. නමුත් ඒ අයට රජයේ හැඳුනුම්පතම අවශ්‍ය බව කිව්වා. හාමුදුරුවන් පැය භාගයකට පමණ පසුව පැමිණෙන තෙක් ඔවුන් ධර්ම ශාලාවේ රඳවා ගත්තා.‘‘
විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියෝ මෙසේ කීහ.
‘‘මේ අය පන්සලට එන විට මා හිටියේ නැහැ. ආපු මහත්තයාගේ මාධ්‍ය හැඳුනම්පතත් කල් ඉකුත් වෙලා.ඒ අතර මාධ්‍ය හැසිරිම පිළිබඳව දෙගොල්ල අතර පොඩි කතා බහක් ඇති වී තියෙනවා. සිර කර ගෙන නැහැ. මා එනතුරු රැස්වීම් ශාලාවට අරන් ගිහින් විතරයි. එතන රැස්වීමක් තිබුණ නිසා දුරකතනය ක‍්‍රියා විරහිත කරගන්න කියලා කියා තිබුණා. ඒක අපේ ක‍්‍රමයක්. මෙයා මාධ්‍යවේදියෙක් කියන එක ගැන අර පිරිස එතරම් දුරට හිතා තිබුණේ නැහැ. මා පැමිණි පසු මගේ ප‍්‍රකාශයත් ලබාදී ඒ මහතා පිටත් කර හැරියා. පොලිසියෙන්ද පැමිණ අපෙන් කට උත්තර ලබාගත්තා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! මාධ්‍යයට අතතියන එක නම් ඒ තරම් ගුණ නැහැ. (නි)
ගිහිල්ලම බලන්න. එතකොට බලාගන්න පුළුවන් මේක මොන වගේ තැනක්ද කියලා (නි)
තමන්ගේ නිල හැඳුනුම්පත පෙන්වා යම් තැනකට ඇතුළුවෙන්න මාධ්‍යවේදියාට අයිතියක් තිබෙනවා වගේම ඒක වලංගු එකක්ද කියලා බලන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. මේ මිනිසුන්ට අවශ්‍ය වුණේ රජයේ හැඳුනුම්පත නම් ඒක පෙන්වන්න ඕනෑ කියලයි මම හිතන්නේ. මහජනතාව ඉස්සර තරම් මෝඩ නැහැ දැන්. (නි)
බුදුදහමෙන් ඔබ්බට ගොස් කරන මෙවන් කටයුතු අපි හෙළාදකිමු (නි)
මේ පන්සලේ අයාලේ ඇවිදින ගෝනුන් ,අලි ,බල්ලන් නැහැ . ඕනනම් වනජීවී එකෙන් ඇවිත් බලන්න . (නදී)
මේ පන්සල තියෙන්නේ අධි ආරක්‍ෂිත කලාපයකද? (නි)
මේ වගේ දේවල් වලට ඉක්මනටම මොනවාහරි කරන්න වේවි (නි)
මේ තරම් බය මොකද දන්නෙ නැහැ (නි)
කව්ද අද මේ රටේ ප්‍රධාන රාජ්‍ය මාධ්‍යයට අත තියන්න තරම් චන්ඩි ඉන්නේ. සුමංගල හාමදුරුවන්ට පිවිතුරු හෙටක් යහපාලනයෙන් නොවරදවාම ලැබේවි. (නදී)
හැම දෙයක්ම ධර්මනුකූල වියයුතුය. කවුරු කිව්වත් තමාගේ සිත දෙස බලමින් නිවැරදි වන්න. කවුරු හරිද අපි දන්නේ නැත. කෙසේවෙතත් ලංකාවේ හැමතැනම ප්‍රශ්න. මොකද කියලා නම් තේරෙන්නේ නැහැ. (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (නි)