නීති විරෝධී අලි ඇල්ලිල්ලට මේ දවස්වල වනජීවී කස්ටිය හරියට මහන්සි වෙනවා. ඒ කටයුතු වලට නීතියෙනුත් අවසර ලැබිල...ඉතින් පසුගිය දවසක මේ විදියට නීතිවිරෝධීව ඉන්න බව කියන අලියෙක් ගැන හොයන්න ලංකාවෙ සුප්‍රකට බොහෝම අනුහස් තියන රැහුණේ දේවාලයකට වනජීවී කස්ටිය ආරක්ෂක කස්ටියත් එක්ක ගියයි කියමුකො...
එහෙට ගියාම මේ සුප්‍රකට දේවාලෙ කපු මහත්තුරැ හා නිලමෙල කිව්වෙ අපූරැ කතාවක්ලු. අලිය අපෙ භාරේ ඉන්නව. හැබැයි ඒ සතා ගිය ආණ්ඩුව පූජ කළේ මේ දේවාලෙට අධිපති මහා බලසම්පන්න දෙවියන් වහන්සේටයි. ඒ හින්ද අලියගෙ භාරකාරත්වය තියෙන්නෙ දෙවියන් වහන්සෙගෙ අතෙයි. අලිය දේවාලෙ ඉන්වැන්ට්‍රියටත් දාලයි තියෙන්නෙ.
ඒ නිසා මහත්තයලට ඕන නම් අලිය ගෙනියන්න ඊට පස්සෙ දෙවියන්ට පූජ කරපු මේ සතා ඔහේල ගෙනිච්චය කියල අපි දෙවියන්ට වාර්තා කරනව... කියල දේවාලෙ භාර නිලමෙ දැනුම් දුන්නලු. ඒ කතාව අහපු නිලධාරි දෙවිකෙනෙක්ගෙ අලියෙක් නම් අපි මීට කලින් අත්අඩංගුවට අරන් නැහැ.. මේ ගැන වැඩිදුරටත් උපදෙස් ගන්නෙ නැතුව මොකුත් කරන්න බැහැ කියල ආපහු යන්න හැරෙන කොට නිලමෙල නැවත කීවලු.
"මහත්තයලගෙ රාජකාරිය, මහත්තයලා කරන එකට අපෙන් බාධාවක් නැහැ. හැබැයි දෙයියන් සතු වස්තුව අරන් ගියාම වෙනදේ ගැන දෙපාරක් හිතුවොත් හොඳයි... කියලත්.
2025 දෙසැම්බර් මස 18
669
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවියන්ගෙ අලියා