(අංජුල මහික වීරරත්න)
උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි චෛත්‍ය 25 ක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය.
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වැනි ජන්ම දිනය සිහිපත් කරමින් මෙම වැඩසටහන ආරම්භ කරන බව කී අමාත්‍යවරයා වැවයිල දා ගැබයිල ගමයිල පන්සලයි සංකල්පය අනුව දා ගැබ කේන්ද්‍ර කරගනිමින් ගම ස්වයංපෝෂිත කරන වැඩසටහනක් අරඹන බවද කීය.
ඒ අනුව පළමු චෛත්‍ය ඉදිකිරීම් ලබන ජුනි 23 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කර වසර වසරක් ඇතුළත රටපුරා දිස්ත්‍රික් 25 තුළම චෛත්‍ය 25 ක් ඉදිකිරීමට නියමිත බවද පැවසීය.
සෙත්සිරිපායල බත්තරමුල්ල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේදි මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චෛත්‍ය 25 හැදුවහම, රටේ මිනිස්සු ධාර්මික වේවි. දේශපාලකයෝ රජයේ නිලධාරී කොමිස් පගා ගැහීම නතර කරාවී රට දියුණු වේවි. මේක තමා අපට තිබෙන ලොකුම අඩුව, හදන්න ඉක්මනට.
මොකටද ඒ ? ඒ සල්ලි වලින් ෆ්ලැට් හදල ගෙවල් නැති මිනිස්සුන්ට දෙන්න, පින් ඕනනම්.
ජනතාවගේ සල්ලි වලින් කරන්න ඕන තරම් වැඩ තියෙද්දි මොනාද මේ කරන වැඩ.
තවත් ඉදිකරේ නැතිවට කමක් නෑ........පුලුවන්නම් තියෙන ටික ආරක්ෂා කරලා දෙන්න..
කලොත් කරන්නේ මේ වගේ හොද වැඩමයි. දැන් රටට හොදටෝම හොදවෙයි.
හැමෝම ඔය වගේ චෛත්‍යන් හදාගන හදාගන ගියොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ මහා මුහුදේ! අනේ මහත්තයෝ බොරු බයිලා නැතුව මිනිසුන්ගේ මේ ආත්මේ ජීවිතේ යහතින් ගතකොරන්න පුළුවන් වෙන විදිහේ යමක් කොරන්න. අනිත් ආත්මේ කටයුතුතු මිනිස්සු තම තමන් බලා ගනීවි.
මෙවැනි දේවල් තම තමන්ගේ මුදලින් හදන්න ජනතාවට. ගෙවල් හදන්න මුදල් වෙන් කරගෙන මේවා කරලා හරියනවද මිනිස්සු කන්න, බොන්න, බෙහෙත්, නැතිව දුක් විදිනවා මෙහෙ රට වටේ චෛත්‍ය හදනවා ගම ඇතුලට යන්න මිනිසාගේ දුක බලන්න.
ඉතා හොඳ වැඩක්. මග ඉන්න බල්ලෝ බිරුවට ගමන නතර කරන්න එපා.
තාත්තාගේ ලෙඩේ පුතාටත් බෝවෙලා වගේ. දවස් පතාම හැම මාධ්‍යයකම නමත් පින්තුරයත් තිබුනේ නැත්නම් නින්දයන්නේ නැති අසනීපය බෝවෙලවත්ද?
ඒවා නම් බොරු වැඩ...
තාත්තාට පින්පිණිස මහජන මුදලින් චෛත්‍ය 25 ක්... මෙන්න රටේ රැකියාවල් නිෂ්පාදන ඇතිකරන සංවර්ධනය. රටේ නායකත්වය ලැබිය යුතුයි කියා මිනිසුන් කියන පුද්ගලයා නියමයි නේද?
කරන්නම දෙයක් නැත්නම් ගස් සෙවනක බිම හිඳගෙන අකුරු කරන දිලින්දන්ගේ ' ළඟම පාසල හොඳම පාසලක් තෝරා ගෙන පිළිසකර කරදෙන්න.
ජීවන් උන්නැහේ. ඔහේගේ ඉඩමත් දෙන්න වෙහෙරවල් හදන්න.! නැත් නම් ඉඩම විකුණලා මුදල් දෙන්න ඔය වැඩේට! ඉක්මනට නිවන් යන්න පුළුවන් වේවි!
කලණි,එහෙම කරලා ළමයි විශ්ව විද්‍යාලේ ගියයි කියමුකෝ.ඒත් ඔයාගේ රතු කට්ටිය ඒ අයව පාර දිගේ ගෙනිහින් අරගල කරවයි නේද ? ඊට වැඩිය හොඳයි පොඩි එවුන් ටික ගමේම හිටපුදෙන්.පොඩි කට්ටිය ස්ට්‍රයික් කරන්න ගිහිල්ලා "අඳ බාලයන්" වෙන්නේ මොකටද නේද ?