එක්සත් ජනතා නිදහස් සන්ධානය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ද ,එක්සත් ජාතික පක්ෂය රවී කරුණානායක මහතාගේ කණ්ඩායම් නායකත්වයෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන්ද කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (13) පෙරවරුවේ නාම යෝජනා බාර දුන්හ.
ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, බොදු ජන පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ද්‍රවිඩ එක්සත් පෙරමුණ ආදී පක්ෂ ගණනාවක්ද ස්වාධීන කණ්ඩායම්ද අද නාම යෝජනා බාර දීමට පැමිණ සිටියහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
එජාපය ගාල්ලට නම් දෙයි
එක්සත් ජාතික පක්ෂය මින් මද වේලාවකට පෙර ගාල්ල දිස්ත්‍රික්කය සදහා නාම යෝජාන බාරදුන්නේ. කණ්ඩායම් නායක වජිර අබේවර්ධන හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්වරු ඒ සඳහා පැමිණ සිටියහ.
ඡායාරූපය - සජීව විජේවීර
දිගාමඩුල්ලට එජාප/ජවිපෙ/සන්ධාන නාම යෝජනා දෙයි
අම්පාර දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මින් මදවේලාවකට පෙර නාම යෝජනා බාරදුන් බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි පවසයි.
එජාප කණ්ඩායම් නායක දයා ගමගේ හා ජවිපෙ කණ්ඩායම් නායක වසන්ත පියතිස්ස,එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායක එල්.එල්.එම්.අතාඋල්ලා යන මහත්වරුන් සමඟ අපේක්ෂක පිරිසක් නාම යෝජනා බාරදීමට පැමිණ සිටියහ.
ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයේ නාම යෝජනාව සහ ස්වාධින කණ්ඩායම් හතරක නාම යෝජනා ප්‍රතික්ෂේප වු බව අම්පාර තේරිම්භාර නිළධාරි තුසිත පි වනිගසිංහ මහතා පැවසුවේය.
දේශපාලන පක්ෂ 14 ක් සහ ස්වාධින පක්ෂ 17 ක් මෙවර මැතිවරණය සඳහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින අතර මුලු අපේක්ෂකන් සංඛ්‍යාව 310 කි.
ජායාරූප - වසන්ත චන්ද්‍රපාල
හරීන් එජාප නාම යෝජනා අරන් බදුල්ලේ
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා බාර දීමට ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.
ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි
ජවිපෙ බදුල්ලට නම් දෙයි
ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද (13) දවල් නාමයෝජනා බාර දුන්නේය.
එහි කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට පැමිණ සිටියහ.
ඡායාරූපය - ප්‍රසන්න පද්මසිරි
පියසේන ගමගේ තනියම නාම යෝජනා දෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා පත්‍ර බාරදුන්නේය. කණ්ඩායම් නායක අමාත්‍ය පියසේන ගමගේ මහතා නාමයෝජනා පත්‍ර රැගෙන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලටය පැමිණ හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැමිණෙන තුරු මදවේලාවක් සිටිය ද විරක්කොඩි මහතා පැමිණියේ නැත. එහෙත් ඔහු නාමයොජනා පත්‍රයේ දෙවැනියට අත්සන් කැර ඇතැයි අමාත්‍යවරයා කීයේය. අමාත්‍යවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ක්‍රියාකාරිකයකු වන නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා නාම යෝජනා පත්‍ර බාර දුන්හ.
ඡායාරූපය - සජීව විජේවීර
ජවිපෙ හම්බන්තොටට නම් දෙයි
1 ගලප්පත්ති ආරච්චිගේ නිහාල්
2 වාහල තන්ත්‍රිගේ සිසිර කුමාර
3 අතුල වෙළදගොඩ හේවගේ
4 ප්‍රභා රුවන් සෙනරත්
5 හේවා ලොකුගේ ජයසිරි
6 මුතුමාල පටබැදිගේ නිමල් ජයන්ත මුතුමාල
7 ලියන ආරච්චිගේ චන්ද්‍රදාස
8 ලොකු හැන්නදිගේ කුමුදු සුජීව ප්‍රියන්ත
9 හේවා අඹේපිටියගේ මහේෂ් තරංග ඉඳුනිල්
10 අරවින්ද සෙනරත් විතාරණ
ජායාරූපය - සනත් ගමගේ
(මහේෂ් කිර්තිරත්න)
මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයයේ නාම යෝජනා පත්‍ර කණ්ඩායම් නායක මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාතලේ තේරිම්භාර නිලධාරි නිල් ද අල්විස් මහතා වෙත බාර දුන්නේය.
මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යේ නාම යෝජනා පත්‍ර කණ්ඩායම් නායක පළාත් සභා හා ප්‍රදේශීය සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා මාතලේ තේරිම්භාර නිලධාරි නිල් ද අල්විස් මහතා වෙත බාර දුන්නේය.
මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා පත්‍ර කණ්ඩායම් නායක ගමගෙදර දිසානායක මහතා මාතලේ තේරිම්භාර නිලධාරි නිල් ද අල්විස් මහතා වෙත බාර දුන්නේය
හිරාන් ප්‍රියංකර ජයසිංහ
මෙවර මහ මැතිවරණය සදහා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම පුත්තලම තේරිම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාට නාමයෝජනා බාර දුන්නේය.
ජායාරූපය - හිරාන් ප්‍රියංකර
පුත්තලමට එජාපය නම් දෙයි
මෙවර මහ මැතිවරණය සදහා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම පුත්තලම තේරිම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාට නාමයෝජනා බාර දුන්නේය.
1. නානායක්කාර වර්ණකුල පටබැදිගේ නිරෝෂන් අර්ඩිල් ප්‍රියන්ත පෙරේරා
2. ආර්.බී. පාලිත රංගේ බණ්ඩාර
3. අබේසේකර වලිමුණි මැන්ඩිස් ප්‍රියන්ජිත් හේමන්ත සිසිර කුමාර
4. අප්පුහාමි මාකාවිට ආරච්චිගේ දොන් හයිජිනස් හෙක්ටර්
5. අශෝක වඩිගමංගාව
6. අශෝක ප්‍රියන්ත ආර්.ඩී
7. මොහොමඩ් නිසාර් මොහොමඩ් නස්මි
8. ඇලෙක්සස් හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු වර්ණකුලසූරිය
9. මොහොමඩ් හනිෆා මොහොමඩ් නවාවි
10. අබ්දුල් හමීදු පයිරුස්
11. වෛරයියා කමලක් කන්තන්
ජායාරූපය - හිරාන් ප්‍රියංකර
පුත්තලමින් බොදු ජන පෙරමුණ එයි
කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමියන් ඇතුළු කණ්ඩායම මෙවර මහ මැතිවරණය සදහා බොදු ජන පෙරමුණ නියෝජණය කරමින් තරග වැදීම සදහා දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරි එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඉදිරියේ නාමයෝජනා භාර දුන්නේය.
1. පූජ්‍ය බැදිවැව දියසේන හිමි
2. එම්.ඒ. රසික ප්‍රේමසිරි
3. කෝවින්නේ ධම්මාලංකාර හිමි
4. ආර්.ඒ.චන්දන රණසිංහ
5. දඹුල්ල ධම්මාලංකාර හිමි
6. ඩබ්ලිව්.ඒ. ශ්‍රියාන් අනුෂ්ක විජේසිරි
7. ආර්.කේ. දමිතත් විදර්ශන කල්දේරා
8. ඩබ්ලිව්. ඇන්ටනී මැක්සි පීරිස්
9. යටි මාදුර මනස්ලංකාර හිමි
10. අමිත මදුසංඛ සෙනරත්
11. නිමල් රංජිත් ජයසේක හෙට්ටි ආරච්චි.
ජායාරූප - හිරාන් ප්‍රියංකර
සිතුම් චතුරංග
සාම පෙරමුණ වන්නියෙන් එයි
එක්සත් සාම පෙරමුණ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත‍්‍රික්කය යටතේ තරග කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී බාරදුන්නේය.
1 අබ්දුල් ගාෆූර් මොහොමඞ් සිරාජ්
2 අබ්දුල් අසීර් අනීෆ්
3 අබ්දුල් කැන්ඩර් මොහොමඞ් සවීන්
4 මොහොමඞ් අබ්රහිම් මොහොමඩු ඉල්මින්
5 අබ්ඩුල් රහමන් ෆස්ලි
6 අබ්දුල් වඩූත් මොහොමඩු ෆහීන්
7 තේවේන්ත‍්‍රන් රාගවන්
8 තේවගුරු ශ‍්‍රීකරන්
9 මුස්තෆා සහිබුල්ලා
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වන්නියෙන් එයි
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත‍්‍රික්කය යටතේ තරග කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී බාරදුන්නේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආනන්ද සංගරේ මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ‘සුර්‍යයා’ ලකුණ යටතේ තරග කිරීමට නියමිතය.
1 ශිවනාදන් කිශෝර් (කණ්ඩායම් නායක)
2 වේලූපන්නෙයි සින්නායියා රිසාක පෙරුමාල්
3 සන්තිවේලූ සිවකුමාර්
4 කනකසභාපති තෙයිවේන්ද්‍රන්
5 මෝහනදාස් ප‍්‍රියා
6 වීරසිංහම් කෙලෙයිචෙල්වම්
7 ආරුමුගම් උදයසේකරන්
8 නවරත්නම් මාරිසෙබස්තියන් සුකුමාරන්
9 මාර්ක්කන්දු කේතීස්වරනාදන්
ජායාරූපය - සිතුම් චතුරංග
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා වන්නි මැතිවරණ කොට්ඨාශය සඳහා ශ‍්‍රි ලංකා මුස්ලීම් කොංග‍්‍රසය නාමයෝජනා වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී බාර දුන්නේය
1 මුත්තුලීන් බාවා ෆාරුක් (කණ්ඩායම් නායක)
2 සීනි මොහොමඞ් අබ්දුල් නියාස්
3 රූම් බච්චා ඉස්මත්
4 නූර් මොහොමඞ් මොහොමඞීන් ෆාරිස්
5 වාසිම් මොහොමඞ් මොහොමඞීන් යූසින්
6 පන්චිහේවගේ සන්ද්‍යා සුබාසිරි
7 සහුල් හමීඞ් තහහිර්
8 මොහොමඞ් මස්ථාෆ් සපීඞ්
9 නූර්දීන් මොහොමඞ් ෆාර්සන්
ජායාරූපය -සිතුම් මඩුකන්ද
වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවයින පුරා අපේක්ෂකයෝ නම් දෙති
ශිරන්ති Thursday, 16 July 2015 11:08 PM
ආ! ඔය කට්ටිය ඇවිල්ලා ඉන්නේ.. (නි)
තුෂාර Monday, 13 July 2015 05:36 AM
හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට... (නි)