දැවයෙන් සාදන ලද අටවිසි බුදුධ ප්‍රතිමා වහන්සේලා සවස හතරට පමණ අහුංගල්ල අභිනවාරාම විහාරස්ථානයේ සිට මරදාන වළේකෝවිල පුලිනතලාරාමය දක්වා පෙරහරකින් වැඩම කළහ.
මෙම පිළිම වහන්සේලා අමරපුර චුලගන්ධ නිකායේ අනුනායක වැලිතර අමරනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලකට පිළිවෙලකට එන්න දන්නේ නැති අයත් ඉන්නවා (ස)
කොඩිතුවක්කු, බෞද්ධාගම කිසිම ආකාරයක බෙදීමක් නැති ධර්මයක්. එය අප හැමෝටම පොදුයි. සිදුහත් කුමරා ඉපදුනේ අම්මගේ කුසෙන්. ඒ වගේම මම ඔයා ඉපදුනෙත් අම්මගේ කුසෙන් කියන එක අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.(නදී)
මෙය පිළිම නෙලූ මහතුන් හට දිරිය ලැබේවා, නිදුක් වේවා නිරෝගී වේවා ඔවුන්ගේ දෙමා පියන් හට, දරුවන්ට බුදු සරණ ලැබේවා ! (නදී)
සීල, ඇත්ත වශයෙන්ම මේව කලා කෘති. බුදු පිළිමයෙන් පෙන්වන්නේ මනස සහ කය සමතුලිතව තිබෙන හැටි . අනේ අපට මනස කය සමග සමතුලිතව හැම මොහොතකම තියාගන්න පුලුවන් නම් කොපමණ සතුටු වෙන්න පුලුවන්ද (අ)
මේවට කියන්නේ කලා කෘති කියල. අපට අවශ්‍ය වන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මය අනිකුත් අයට අවබෝද කරදීමට. (ස)
මේ පිළිම නෙලූ දෑත් වලට බුදු සරණයි දෙවි පිහිටයි (දී)