දිවිනැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර්ථ නිරූපනයක් ඉල්ලා අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අයදුම්පත සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම බලන 22 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම අයදුම්පත අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, කේ ශ්‍රීපවන්, චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (1 5 ) කැඳවූ අතර අයදුම්පත වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණයක් බැවින් පස්දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසයි. දිවි නැඟුම කෙටුම්පතට උතුරු පලාත් ආණ්ඩුකාරවරයා නිසින් අනුමැතිය ප්‍රමාණවත්ද නැද්ද ගැන තීරණයක් පතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අබියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.