IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දිවිනැගුම අර්ථ නිරූපය පූර්ණ විනිසුරු මඬුල්ලකට?

දිවිනැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර්ථ නිරූපනයක් ඉල්ලා අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අයදුම්පත සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම බලන 22 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම අයදුම්පත අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, කේ ශ්‍රීපවන්, චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (1 5 ) කැඳවූ අතර අයදුම්පත වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණයක් බැවින් පස්දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසයි. දිවි නැඟුම කෙටුම්පතට උතුරු පලාත් ආණ්ඩුකාරවරයා නිසින් අනුමැතිය ප්‍රමාණවත්ද නැද්ද ගැන තීරණයක් පතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අබියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.



අදහස් (0)

දිවිනැගුම අර්ථ නිරූපය පූර්ණ විනිසුරු මඬුල්ලකට?

ඉන්ද්‍රජිත් Tuesday, 16 October 2012 09:08 AM

අධිකරණයට විතරයි තවම 'ඩොලර්' ගැන චෝදනා කලේ නැත්තේ. මේකට විරුද්ධවෙන පාර්ශව වලට ඩොලර් සහ බෙදුම්වාදය මතක් කරලා චෝදනා නගන පිටුවක දැන්වීමක් ඉරිදා පත්තරවල දැක්කා. රජයේ මතිමතාන්තර වලට විරුද්ධ හැමදෙනාටම ඔය කියන තරම් ඩොලර් හම්බවෙනවා නම් අද වෙනකොට රටේ විදේශ සංචිත ඉතා හොඳ මට්ටමක තියෙන්න ඕන. (ස)

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 02:57 PM

දිවි මැරුම ...... කොහොමද ඒ නම (ස).

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 06:06 PM

අර්ථ නිරූපනය කරන්න විදියක් නැතුවද හැමතැනම ස්ථීර කරන්නේ (ස)

:       0       0

සුමිත් Tuesday, 16 October 2012 10:39 AM

අනේ ඉන්ද්‍රජිත්, විදේශ සංචිත ඉහළ යන්න නම් ඔව ලැබෙන ඩොලර් හරි පාරෙන් එන්න ඕන.. බාගෙට දැන ගත්තම ඔය විදිය තමයි.!(නු)

:       0       0

රකිත Tuesday, 16 October 2012 10:42 AM

ඔය මොන විදියට අර්ථ නිරුපනය කලත් වැඩක් තියෙනවද ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.(නු)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 October 2012 08:31 PM

තව තව අය ගුටි කන්න සූදානම් වෙන්න(සැ.යු. දුරකතන සහ අවු කණ්ණාඩි නිවෙස්වල තබා යන්න ) (නි)

:       0       0

බමුණුගම Tuesday, 16 October 2012 12:08 PM

දිවිනැගුම පටන්ගත්ත අය එය කරලා තියෙන්නේ ඒකේ තේරුමවත් නොදැනද ? දෙයියෝ සාක්කි (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 16 October 2012 05:12 AM

යන විදියට නම් ටිකක් සැක සහිතයි. ඒත් බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

නිලන්ත Tuesday, 16 October 2012 08:28 AM

මේ මිනිස්සුන්ගේ විකාර අසහස් , මටනම් මේකේ වැරැද්දක් පේන්න නෑ.. මේකෙන් කට්ටිය විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site