IMG-LOGO

දෙවැනි සතියේදීත් අංක එකට One Dance

2016-06-24-ent-109
 

2016-06-24-ent-108ජනප්‍රිය කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක්ගේ නවතම සංගීත ඇල්බමය වන Views හි ඇතුළත් ගීතයක් වන One Dance පසුගිය සතියේදීත් බිල්බෝර්ඩ් දර්ශකයේ අංක එකේ ගීතය බවට පත්විය. නයිජීරියානු ගායක විස්කිඩ් සහ බ්‍රිතාන්‍ය ගායක කයිලාද ගායන දායකත්වය ලබාදෙන මෙම ගීතය පිළිබඳ අදහසක් ලැබී ඇත්තේ 2008 වසරේදී ක්‍රේසි කසින්ස් සහ කයිලා ගායනා කරනු ලබන බ්‍රිතාන්‍ය ගීතයක් වන %Do You Mind ?^ නිර්මාණය ඇසුරිනි.

Nineteen 85, DJ Maphorisa 40,Wizkid සහ Sarz නිෂ්පාදනය කළ මෙම ගීතයේ ගී පද රචනය ඩ්‍රේක්, Noah "40" Shebib, Wizkid, කයිලා ස්මිත්, එරල් රෙයිඩ් සහ ලුක් රෙයිඩ්ගෙනි. පොප් ගායන ශෛලියේ රිද්මයක් සහිත මෙහි නිකුත්වීම සිදු වූයේ පසුගිය අප්‍රේල් 05 වැනිදාය. පසුගිය අප්‍රේල් 12 වැනිදා ගුවන් විදුලියට නිකුත් වූ මෙම ගීතය ඇමෙරිකාවේ සහ කැනඩාවේ අංක එකට පත් ඩ්‍රේක්ගේ පළමු ගීතය වන අතර, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, නෙදර්ලන්තය, නවසීලන්තය යන රටවලද අංක එකට පත් වූයේ ඩ්‍රේක්ගේ පළමු ගීතය වන අතර, ඇමෙරිකාවේ සහ කැනඩාවේ එකම ගායකයෙක් ගීත දර්ශකයේ පළමු ස්ථානය දිනූ පළමු අවස්ථාව ලෙසද සැලකෙයි. එසේම මෙම ගීතය එංගලන්තයේදී ඩ්‍රේක්ගේ නිර්මාණයක් අංක එකට පත් පළමු අවස්ථාව ලෙසද සැලකෙයි. මේ අනුව මෙම ගීතය ඇමෙරිකාවේ පමණක් දැනට අලෙවි වී ඇති පිටපත් සංඛ්‍යාව මිලියනය ඉක්මවන්නේය. එසේම මෙය එංගලන්තයේ පිටපත් 600,000ක්ද, කැනඩාවේ පිටපත් 80,000ක්ද, ඔස්ට්‍රේලියාවේ පිටපත් 70,000ක්ද ආදී වශයෙන් මේ වනවිට බොහෝ රටවල අලෙවිවෙමින් පවතී.

මෙහි ගීත ගායනයෙන් දායක වන කයිලාගේ හඬ පිළිබඳ බොහෝ විචාරකයන් ප්‍රශංසා මුඛයෙන් කතාබහ කළ අතර, මෙහි වාදනය වන පියානෝ වාදනය මෙන්ම ගී පද රචනයෙන් කියැවෙන අරුතද ඇගයුමට ලක්වෙමින් පවතී. විශේෂයෙන්ම සමාජ ශාලාවක සිටින දෙදෙනෙකුට තම තමන්ව අහිමි වන ආකාරය පිළිබඳ වෙනස්ම අරුතක් සපයන මෙහි සංකල්පනාවේ සංකේත භාවිතය යම් ප්‍රශංසනීයය මට්ටමක පවතින බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

 

මාලන් විදානපතිරණ

 

2016-06-24-ent-107



අදහස් (0)

දෙවැනි සතියේදීත් අංක එකට One Dance

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site