රුපියල් කෝටි 4814500ක් වියදමින් මොරගහකන්ද කළු ගඟ ජලාශයයක් ඉදි කිරීමට තවත් සංවර්ණමය පියවරක් අද ඇරැඹිණි. මහවැලියෙන් පසුව ඉදි කළ මෙම ව්‍යාපෘතියට 2007 ජනවාරි 25 වැනි දා මුල් ගල තැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රනිල් වික්‍රමසිංහ අගමැති ද කළු වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයට සහභාගී වූහ.
ඇලහැරදී අඹන්ගඟ හරස් කර මොරගහ කන්ද ජලාශය ඉදි කරයි. මොරගහකන්ද පිහිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ය. මොරගහකන්ද ජලාශය සහ කළු ගඟ ජලාශය අතර දුර ප්‍රමාණය කිලෝමීටර 10කි.
ගොවිතැනට හා විදුලිය නිපදවීම එහි අරමුණයි.
මොරගහකන්ද වේල්ලේ උස මීටර 213කි.
මෙම ජලාශ අතර කළු ගඟ ජලාශය උමඟකින් මොරගහකන්ද ජලාශයට සම්බන්ධ වන අතර මෙම ජලාශ දෙක අතර සෑදල වේල්ලක් ද ඉදි කැරෙයි. හෙක්ටයාර 82000කට ආසන්න කුඹුරු වගා කිරීමටත්, එමගින් වී නිශ්පාදනය සියයට 81 දක්වා ඉහළ නැංවීමටත් රජය බලාපොරොත්තු වේ.
මොරගහකන්ද ජලාශයෙන් මෙගාවොඩ් 25ක ජල විදුලිය නිපැදවෙන අතර කළු ගඟ ජලාශය මාතලේ, අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුවට 2032 වන විට පානීය හා කර්මාන්ත සඳහා ජලය සැපයීමට ද යයි.
සෙත් පිරිත් සජ්ජායනා හා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම නිදන් වස්තු තැන්පත් කිරීම සිදු විය.
නූතන යුගයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය මගින් උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නියමිතය.
මේ යටතේ ඉදිකෙරෙන මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති අතර එම ජලාශයට ජලය පිරවීම මෙම වසරේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල වැසි සමයේදී සිදුකෙරෙන අතර දෙසැම්බර් මාසයේ දී එය විවෘත කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටියදී 2007 වසරේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය තුළින් මෙගා වොට් 25ක විදුලි ධාරිතාවයක් නිෂ්පාදනය කෙරෙන අතර ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මාතලේ, අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක රැසක කුඹුරු හෙක්ටයාර් 82,000කට ජලය ද සැපයේ.
මෙමගින් ජාතික නිෂ්පාදිතයට ඇමෙරිකා ඩොලර් මිලියන 30ක ආදායමක් අපේක්ෂා කෙරෙන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකි.
චීන ණය ආධාර යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 1300ක වියදමින් ඉදිකරන මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක් හා කළුගග ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් පමණ විශාල වේ.
කළුගග ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා කිලෝ මීටර් 9ක උමං මාර්ගයක් ඔස්සේ ගෙන ගොස් එතැන් සිට කිලෝ මීටර් 67ක් දුරින් පිහිටි හුරුළු වැව දක්වා ගෙනයනු ලබන අතර එහිදීද කිලෝමිටර් 26ක උමං මාර්ගයක් ඉදිකෙරේ.
මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ බෝවතැන්න හරහා වයඹ පළාතට ද ජලය ගෙනයාම සිදුවේ.
මෙම ව්‍යාපෘතියේ කළුගග ජලාශය ඉදිකිරීම 2018 වසරේදී අවසන් කෙරෙන අතර සම්පූර්ණ ව්‍යාපෘතිය 2020 වසරේ දී නිම කිරීමට නියමිතය.
මෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වී සිටියහ.
චීන රජය සතු සයිනෝ යහිඩ්‍රෝ සමාගම ඉදි කිරීම බාරව සිටියි.
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස
ඡායාරූප - ශාන්ත රත්නායක
(වීඩියෝ ශාන්ත රත්නායක)














COMMENTS
බෙනට් මහතා මේ මහා ව්‍යපෘතිය ගැන අවබෝධයකින් තොරව ඉදිරිපත් කළ අදහස් ගැන කණගාටු වෙනවා. ඩොලර් මිලියන 1300 යනු චීන ණය ආධාර ක්‍රමය යටතේ ඉදිවෙන මොරගහකන්ද ජලාශයේ වියදමයි. උතුරු හා උතුරුමැද නියඟය අඩුවීම, පානීය ජලය ලැබීම, ගංවතුර පාලනය, මින්නේරිය හා වස්ගමුව අභයභූමි සංවර්ධනය වීම නිසා සංචාරක අංශයෙන් ලැබෙන ආදායම් කොපමණද? මෙය ඔබ තේරුම් ගත්තාට වඩා ඉතා විශාල සංවර්ධන ව්‍යපෘතියක් බවත් කිවයුතුයි (නි)
මෙහෙම දේවල් දකින්නත් ආසයි (නි)
මගේ රට දියුණු වෙනවා නම් අපිට ඕනෑ එච්චරයි (නි)
මහින්ද ගැන අඩුම තරමින් මතක් කිරීමක්වත් කළයුතුයි නේද? දෙසැම්බර් විවෘත කරන්න හදන්නේ විශ්වකර්ම වැඩක් වගේ වෙන්න ඇති (නි)
රාජපක්ෂ රජයෙන් මේකට සල්ලි දුන්නේ නැහැ කියලා කියනවා නම්, එතකොට මේතරම් දෙයක් කළේ මේ අවුරුදු එකහමාරටද? රටේ මිනිස්සු මෝඩ නැහැ. (නි)
හරිම සතුටුදායක ආරංචියක් (නි)
අරවින්ද මහතාගේ අදහස මම ඉතා අගය කරමි. (නි)
යමක් වරදින හැම විටදීම එහි වරද හිටපු ජනාධිපති තුමා පිට පටවන වත්මන් පාලකයන් එතුමා කළ මහා ව්‍යාපෘති විවෘත කිරීමේදී එතුමාගේ නමක් වත් සදහන් නොකර තමන් කළ ආකාරයට හුවා දැක්වීම ඉතා නිර්ලජ්ජිතයි. ජයරත්න හරියටම හරි.(අ)
මට හිතෙන්නේ දැනට ලංකාවේ සහල් නිෂ්පාදනය වැඩයි කියලා ඇමතිවරු කියන්නේ කුඹුරු ගොඩකරලා වෙනත් බෝග හරි කර්මාන්ත ශාලා හරි අරඹන්න කියලා. එහෙම නම් කුබුරු අක්කර 82000 වතුර දෙන්න ඕකක් හදන්නේ අහවල් එකටද.(අ)
මෙහි ගෞරවය හිමිවිය යුත්තේ හිටපු සහ වර්තමාන ජනාදිපති තුමන්ලාට (අ)
වෙන රටවල්වල මෙහෙම ලකුණු දාගන්න වැඩ නොමැත පවතින රජයක් නිසි ක්‍රමයට වැඩ නිමකළොත් එක තමා පැසසුම් කරන්න ඕනේ නැතිව මහින්ද මෛත්‍රී රනිල් නොවේ,එතකොට මේකට මහන්සි වුණ ජනතාව, යහමෙට හොරකම් කළත් නම් ටික දාගන්න තියරිය,මේවා දැන්වත් නවත්වන්න ඕන (අ)
හරි හරි කෑගහන්න එපා. මේ සියලු වැඩසටහන් කළේ අපේ හිටපු ජනාධිපති. ඔබට සතුටුයිද දැන්? මහපොළත් පටන්ගත්තේ එතුමා තමා. හරිද දැන්? (නි)
දැන් මහින්ද මේ රටට වැඩක් කරලම නැද්ද මිනිසුනේ? ඔක්කොම කළේ මේ රජයද? කෑගගහා හිටියට ඖෂධ පනත ගෙන්නන්න දුන්නේ නැහැ කියලා දැන් ගෙනල්ලා මිනිසුන්ට මොනවද ලැබුනේ? (නි)
අපි කව්රුත් මේ වගේ වැඩ වලට ප්‍රසංසා කල යුතුයි. (ර)
හොද වැඩක් ඔහොම යමු දිගටම. (ර)
තිබුන රජයට පින් දෙන්න ඕනෑ 75%ක්ම කරලා අවසන් කළාට. පවතින රජයටත් පින් ඉතුරු 25% ඉවරකර දෙන්න උත්සාහ ගන්නා එකට. (නි)
හරිම සතුටුයි. ඔබට ස්තූතියි ජනාධිපතිතුමනි! (නි)
විශිෂ්ට කාර්යයක්. සුබ පැතුම්! (නි)
රජ වැඩක්! සුබ පැතුම්! (නි)
අැසළ, හරියට දැනගෙන කතා කරන්න. පහුගිය ආණ්ඩුව මේ ව්‍යාපෘතියට සල්ලි දෙන එක නවත්තලා තිබුනේ. මහින්ද මහත්තයා හිටියා නම් තාමත් මේ වැඩේ අතරමඟ. (නි)
මේක මහවැලි ව්‍යාපාරයේ අවසාන සංවර්ධන යෝජනා ක්‍රමයයි. මෙතරම් පමා වී හෝ ආරම්භ කිරීම ගැන ජාතියේ උපහාරය පිදිය යුතුයි. (නි)
ඇසළ, ඔය මොනවා දැනගෙනද කතා කරන්නේ? මේ ව්‍යාපෘතිය නවත්තලා තිබුනේ පහුගිය ආණ්ඩුවෙන්. (නි)
මහින්ද ඕකට සල්ලි නොදුන්නා නම් අද මොරගහකන්ද 75% ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ රජය අාවා කියලා මහලොකු වේගයක් ඔය වැඩේට අාවෙත් නැහැ (නි)
මහින්ද ප්‍රමුඛ එවකට රජය 2007දී ආරම්භ කරලා මේ වනවිට 75%ක් වැඩ අවසන් කළ මේ ව්‍යාපෘතියට එතුමන්ට ආරාධනා කරන්න තිබුනා මහත්මා ගතිය එයයි. කව්රුහරි හිතනවානම් මෙතරම් දැවැන්ත ව්‍යාපෘතියක් අවුරුද්දකින් මේ රජය කළා කියා අනිවාර්යෙන්ම ඔහු සිටිය යුත්තේ අංගොඩයි. (බ)
ඇසළ, ඔයාලා හොඳයි මුහුණු පොතේ අදහස් ලියන අයට නම්... (නි)
කවුරු කළත් මේ ණය ගෙවන්නේ මහජනතාව. නමුත් මේ හැමදේකින්ම දේශපාලන වාසි ගන්නේ දේශපාලඥයෝ. කොහෙම වුණත් මේ වැඩේ ඉතාම වටිනා වැඩක්. සම්බන්ධ වූ හැමෝටම ගොඩක් ස්තූතියි. (නි)
ඔබතුමාට ස්තුතියි. මෙම වැව් ටික අවසන් වූ පසුව නිසි ජල කළමනාකරණයක් කරන්න. ගොවි මහතුන්ගේ ගොයම පිදීගෙන එනවිට දැන් ජලය තියෙන්නේ කුඹුරෙන් බාගයකට දෙන්න විතරයි කියන අකාරුණික වදන් මින් ඉදිරියටවත් නවතිනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු (නි)
කරපු අයට තුති පුදනවා වගේම මේවා නොකරන දේශපාලුවෝ එලවන්නත් මහජනතාව පෙළගැසිය යුතු කාලයකි මේ. (බ)
මොහාන්, සුදත් මේ ව්‍යාපෘතිය 25 ජනවාරි 2007 පටන් ගත්තේ කවුද කියල නොදන්නවාද (බ)
මහත්වරුනි සංවර්දනය කියන්නේ තවත් රටකින් ණය අර ගෙන පම්පොරි ගහල ඉදිකරන මහාමාර්ග අැල්වේලි වලට නෙවේ අප රටේ දේශීය ආදායමෙන් කරන ව්‍යාපෘති වලට පමණි නියම සංවර්දනය කියන්නේ එහෙම නැතුව හරියට දුප්පත් කෙනෙක් ණය අරගෙන මගුල් කල ඊට පසුව ණය බේරණ තුරු ගෙදර කට්ටියට කිරිහොදි සමග බත් කන්න දෙන එක නෙවේ පසුගිය සහ දැන් ආණ්ඩු කරන්නේ මේක තමා ඔන්න ඕක තේරුම් ගත්තා නම් . (අ)
කරුණාකරලා දැන්වත් දේශපාලකයන්ට කඩේ යන එක නවතලා රටේ සංවර්ධනයට වචනයකින්වත් උදවු කරන්න ඔය කවුරු කරන්නෙත් මහජන මුදල් වලින් මේවගේ ණය ගෙවන්නේ මහජනතාව (බ)
කුමාර ඔය තරම් අමන විදියේ කතා කියන්න පෙර ටිකක් හිතන්න , මේකට යොදවලා තියෙන්නේ මහින්ද උන්නැහේගේ පුද්ගලික ධනය නෙමෙයි . මේකට මුදල් ප්‍රතිපාධන ලැබුනේ චීන නය ආධාර යටතේ . ඒ කියන්නේ මේ ණය ගෙවීමට ඔබත් මමත් ඇතුළු මේ රටේ සමස්ත ජනතාවම දායක වෙනවා . රජයේ වගකීම වෙන්නේ ණය වෙලා කරන සංවර්ධන කටයුතුවලදී නිවැරදි තීරණ ගැනීමයි , මහින්ද උන්නැහේගේ පාලන කාලයේ ආරම්භ කරපු සාධරනීය සංවර්ධන කටයුතු වගේම නාස්තිකාර ව්‍යපෘති බොහොමයක් තියෙනවා . මත්තල ගුවන් තොටුපොල , සුරියවැව ක්‍රිකට් ක්‍රීඩා පිටිය , හම්බන්තොට වරාය එවැනි නාස්තිකාර සහ රටට ආදායමක් නොලැබෙන ඒවා අතර මොරගහකන්ද ඉතා වැදගත් ව්‍යපෘතියක් .(හේ)
මහින්ද හිටියනම් මේ වෙනකොට මොරගහ කන්ද ජලාශයෙන් දියවර නිකුත් කරලා ,ඇසළ කිවේ නිවැරදි දෙයක් , මම 2014 මොරගහකන්ද ව්‍යාපෘතියට ගියා . එ්කාලෙත් ඒ වැඩ කරගෙන ගියා එහෙත් යහපාල ආණ්ඩුවනම් තිබුනේ නැහැ (බ)
ඔය කයිවාරු ගහන මහත්වරුන්ට තාම බැරිවුණා කඩවතින් නතරවුණ අධිවේගී මාර්ගය කටුනායකට සම්බන්ධ කරන්න , හැමදාම මහින්දට බනිනවා.මහින්ද නතරකරපු වැඩක් වත් සම්පුර්ණ කරන්න තාම බැරිවුණා (බ)
මම 1973 වර්ෂයේ මොරගහකන්ද ව්‍යාපෘතියට අදාලව මිනුම් කටයුතු කරලා තියෙනවා. 1970 පෙබරවාරී 28 වැනිදා ඩඩ්ලි සේනානායක අගමැති පොල්ගොල්ල පටන්ගත්ත .1970 රජය පරාද වුනාට පස්සේ මෛත්‍රීපාල සේනානායක අදියර දෙකට තිබුණු මොරගහකන්ද නතර කළා. ගාමිණී දිසානායක අදියර 1 හා 3 එකටම පටන්ගත්තා. ප්‍රේමදාස මහවැලිය උදාසීන කළා.මහින්ද කිසිම උදව්වක්කළේ නැහැ (බ)
අවුරුදු ගාණක් යනවා මේකේ අදායමෙන් ගත්ත ණය ගෙවන්න (හේ)
මහින්දටත් ස්තුති (ම)
කෙලෙහිගුනයක් තියෙනකම් මහින්ද ඇතුළු රජයට ස්තුති කෙසේ වෙතත් , අඩුම තරමින් මතක් කිරීමක් වත් කළ යුතුව තිබුණා නේද? (ම)
සමහර මිනිස්සු මේ තරම් කුහක ඇයි? එක තැන පල් වෙච්ච යුද්දෙන් බැට කාපු රට යම් තැනක තිබ්බේ මහින්ද නෙමේද? නව වරාය නගර සංකල්පය අධිවේගී මාර්ග විදුලි බලාගාර ගුවන් තොටුපොළ මත්තල වරාය හදල ලංකාවට නව අගයක් එක්කළේ මහින්ද නෙමේද? දැන් රනිල් ඇතුළු පිරිස මුල ඉඳල පටන් ගන්න ගියානම් තව අවුරුදු 10යක් වත් නැද්ද ? (බ)
ඇසළ මහතාණෙනි, ණය ලබා දී ඇත්තේ චීනයෙනි. පොළිය සමඟ ණය වාරිකය ගෙවන්නේ ජනතාවය. එක වේලක් කාලා ණය වාරිකය ගෙවීමට දායක වෙන ජනතාවට අඩුම තරමින් 1% ක වත් පිනක් ලබා දීමට ඔබේ හිතට නොදැනුනේ දේශපාලකයන් කර මතින් බිම නොතැබීම නිසාද? (බ)
ඇසළ ගුණමකු වෙන්න එපා, ජනපතිතුමා සහ අගමැතිතුමා කරන හොඳ වැඩ අගය කරන්න. ඉදිරියට තව හොද වැඩ ගොඩාක් ගොඩාක් ..... තිබේ, (හේ)
අර නුවර අධිවේගේ කරලා ඉවරද (හේ)
මම නම් හිතන්නේ මේවා පත් වෙන හැම රජයකම වගකීම් කියලා . මොකද අපි හැම ආණ්ඩුවකටම බදු ගෙව්වනේ .ගන්න ණය ගෙවන්නෙත් අපිමනේ .(හේ)
මොරගහකන්ද ජලාශය මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කිරීම පමා වුනේ, එයින් එහි පලදායීතාවත් , වියදම සහ ප්‍රතිලාභ අතර පැවතුනු මත ගැටුමකුත් නිසයි. ඒ ව්‍යාපෘතිය මහින්දගේ වත්, මෛත්‍රීපාල ගේ වත් නෙමේ. මහවැලි සංවර්ධන ප්‍රධාන සැලැස්ම යටතේ තිබුණු එකක්. ණය ආධාර නොලැබුණු නිසාත්, දේශපාලන උවමනාව අවම වුන නිසාත් හෙමින් වැඩ සිද්ධ වුනා. (හේ)
යමක් වරදින හැම විටදීම එහි වරද හිටපු ජනාධිපති තුමා පිට පටවන වත්මන් පාලකයන් එතුමා කළ මහා ව්‍යාපෘති විවෘත කිරීමේදී එතුමාගේ නමක් වත් සදහන් නොකර තමන් කළ ආකාරයට හුවා දැක්වීම ඉතා නිර්ලජ්ජිතයි.(හේ)
ඇමරිකන් ඩොලර් මිලියන් 1300 ක නයකින් අපේක්ෂා කරන ආදායම [ ලාබය නොවේ ] මාසයකට ඇමරිකන් ඩොලර් මිලියන 30 යි . එම මුළු මාසික ආදායමම ණය හිලවුවට ගෙවුවත් පොලිය නොමැතිව ගත්ත ණය පමණක් ගෙවන්න අවුරුදු 43 ක් යනවා . පොලිය එකතුවුනාම මම හිතන්නේ අවුරුදු 100 ක විතර ණය වීමක් මෙතන තියෙනවා . නිකන් හරි ව්‍යාපෘතිය අනතුරකට මුණ පෑවොත් මුළු රටටම මේක කරුමයක් වෙනවා .(හේ)
මේ රජයේ නිර්ලජ්ජිත වැඩ අතර තවත් එක් වැඩක් බව විතරයි මට හැගෙන්නේ. මොනව හොඳ වුනත් මිනිහෙකුට මුල අමතක වුණදාට ඒ මිනිහට වගතුවක් නැති ඉවත් මතක් කරනවා. යමක් වරදින හැම විටදීම එහි වරද හිටපු ජනාධිපති තුමා පිට පටවන වත්මන් පාලකයන් එතුමා කළ මහා ව්‍යාපෘති විවෘත කිරීමේදී එතුමාගේ නමක් වත් සදහන් නොකර තමන් කළ ආකාරයට හුවා දැක්වීම ඉතා නිර්ලජ්ජිතයි. (බ)
මොනවා වුනත් රටට වැදගත්ම දෙයක් (හේ)
ලාල්ට පොඩ්ඩක් වැරදුනා. අද කුඹුරක් කොටන්න කෙනෙක් හොයාගන්න බැහැ. ඔක්කොම ත්‍රීවීල් උඩ නැගලා හන්දි ගානේ. මොරගහ කඳු දහසක් හැදුවත් වැඩක් නැහැ. මොනවා වුණත් පටන්ගත් සහ ඉවරකරන උදවිය ඔක්කොම අගය කරමු (නි)
අනාගතය ගැන සිතා අතීතයේ ඇරඹි වැඩක් (නි)
ඔය මොනවා කිවුවත්, ඔය කියන ප්‍රතිඵල ලැබෙනවද කියලා පස්සේ තමයි බලන්න වෙන්නේ. මහවැලිය කරන කාලෙත් කිවුවේ, අතිරික්ත විදුලිය වෙනත් රටවලට දෙනවා කියලා. එ්ත් දැන් කෝ ඒ ප්‍රතිඵල? මොනවා වුණත් දේශපාලුවන්ට නම් හොඳයි. (නි)
හැමදේම හොඳයි. නමුත් චීන සමාගමේ වැඩ ගැන නම් ප්‍රශ්නයක් තිබෙනවා. ගල්ඔය ජලාශය ඉදිකළ මොරිසන් නුඩ්සන් කෝපරේෂන් සමාගම 1948 ලංකාවට ගෙනාපු යන්ත්‍රෝපකරණ තවමත් ක්‍රියාකරනවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය ආරම්භ කළෙත් එම ඇමෙරිකානු සමාගම ව්‍යායාපාරය අවසානයේ දී ගිය යන්ත්‍රෝපකරණ වලින් (නි)
ඔය කාගේ කාගේත් හොඳ නරක වැඩ අපි දන්නවා. පාට කණ්ණාඩි ගලවලා බැලුවොත් ඔයාලටත් පෙනෙයි (නි)
අපේ මිනිස්සු දේශපාලකයන් වන්දනා කිරීම නවතා ආත්ම අභිමානය ඇතිකරගන්නා දාට රට සංවර්ධනය කරන්න පුලුවන්වෙයි. (නි)