ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
මේ හේතුවෙන් කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණු 2 ක බැගින් පිරිනැමීය. පළමු තරගයෙන් ජය ලැබූ ශ්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරගය හෙට (14) පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd