සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි 402ක් 2015 වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික ඇමැති එස්.බී.නාවින්න මහතා අද පාර්ලිමේන්තුවේදී කීවේය. ඔවුන් විවිධ ආගම් ප්‍රචාරය, රැකියා හා ව්‍යාපාරවල නිරතවීම හා සමාජ විරෝධී කටයුතුවල නිරතවී ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම පසුගිය මාසයේ ද්විත්ව පුරවැසි භාවය 2400කට ලබාදුන් බවත් තවත් 2000කට මේ මාසයේදී එය හිමිවන බවත් කී ඇමැතිවරයා ලබන වසර සඳහා ඉල්ලීම් කළ සැමට ද්විත්ව පුරවැසි භාවය ලබාදෙන බවද පැවසීය.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නාවින්න මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ යෝජනාවක් (නි)
ආණ්ඩුව කරපු හොද දෙයක්. (ර)
හොඳ වැඩක්. (ර)
මම ඉන්දික සමඟ එකඟයි (නි)
හොඳ වැඩක් ආණ්ඩුවේ. (ර)
ඔව් ඕක ඉතින් අඩබෙර ගහල දෙන්ඩම ඕනද . සුදුසු කම් ඇති අයට කාර්යාලයකට ඇවිත් ගන්ඩ කිවනම් ඔය බොරු වියදම් නැනේ (බ)
ආණ්ඩුව කරන තවත් ඡන්ද පොරොන්දු ඉෂ්ඨ කිරීමක් . ඩයස්පෝරාවේ කට්ටියට පුරවැසි කම ලබා දෙන්න යන්නේ , ඊට පස්සේ යුරෝපයේ ඇති කළු සල්ලි මෙහාට ගෙනත් කොළඹ කොටස් වෙළද පොලේ බලය අල්ලා ගත්තාම තේරේවි කොහොමද ආණ්ඩුවේ වැඩ වල තරම . එතෙක් බලා ඉමු මොකද පිට තියා පාර්ලිමේන්තුවේ ඉන්න සත්‍ය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා අද මුකවාඩම දාල පාර්ලිමේන්තුවේ චන්ඩියා විසින් , අනෙක් පැත්තෙන් පක්ෂ නායකයා නිල බලයෙන් කටවල් වහලා . නමුත් කොන්ද පණ ඇති පිරිසක් තාම ඉන්නවා , කොතරම් හිරේ දැම්මත් , කොතරම චෝදනා ගෙනාවත් නොසැලී රට වෙනුවෙන් පෙනී සිටිනවා , කතා කරනවා (බ)
කිසිම කෙනෙකුට විසා නැතිව රටට ඇතුළු වීමට ඉඩ නොදෙන්න. දිත්ව පුරවසි බව නිකන් දෙන්නේ නැහැ . මම රුපියල් 450,000 ගෙවුවා(අ)
ප්‍රියන්ත, ඔබතුමාගේ ද්විත්ව පුරවැසිබාවය නොවේ ගැටලුව. කරුණාකර පක්ෂ ගැන නොව රට ගැන හිතන්න. රට යන දිශාව ගැන බුද්ධිමත්ව හිතන්න. (නි)
මේක වැරදි වැඩක්.රටින් නෙරපන එකයි කරන්න තියෙන්නෙ (අ)