තාවකාලිකව නතර කර තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබා දීම නව ක්‍රමයක් යටතේ අද (31) සිට යළි ඇරැඹූ බව ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය කීවාය.
නව ක්‍රමයෙන් ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම ද්විත්ව පුරවැසි බව ලබා ගත හැකි බව ද ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කඩිමුඩියේ මේ වෙනසක්? දැන් ප්‍රමාද වුණා වැඩියි කියලා මට හිතෙන්නේ (නි)
අපි ඕක බලාගෙන ඉඳලා එපා වුණා. අවුරුද්දකට වතාවක් ඇවිල්ලා නෑදෑ හිතවතුන් බලලා ආගමේ හැටියට පිනක් දහමක් කරගෙන නිවාඩුව ගතකරලා යන්න හිත හදාගත්තා. දැන් ඕකෙන් අපිට වැඩක් නැහැ. ඕනෑ වෙලාවේ දෙන්නේ නැතුව කිසිම සාධාරණ හේතුවක් නැතුව නවත්තලා දැන් ආපහු දෙනවාලු. (නි)
කාට ද්විත්ව පුරවැසිකම දුන්නත් කමක් නැහැ. ඉන්න රටයි හිටපු රටයි දෙකම ගිනි තියන හනුමන්තලාට නම් ද්විත්ව පුරවැසිකම දෙන එක හොඳ නැහැ. (නි)
මම ඕක නැතුව දැන් අවුරුදු 19ක් හිටියා.අවුරුදු 3 කට කලින් ඉල්ලුම් කළා. දුන්නේ නැහැ.මම හිතුවා ඉතුරු ටිකත් ඕක නැතුවම ඉන්නවා කියලා. (නි)
කුමාර්, කියන්න අපේ රටේ දේශපාලකයන්ගේ සුදුසුකම්. ඒගොල්ලන්ගේ සුදුසුකම් වල හැටියට ලංකාවෙන් මිසක් කිසිම රටකින් පුරවැසියන් හැටියට බාරගන්නේ නැහැ. ඒ නිසා දේශපාලකයන් නොවන සාමාන්‍ය පුරවැසියන්ට නොහොබිනා කතා කියන්න එපා. (නි)
ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබෙනවා නම් සාදුකාරයක් දීලා එක බාරගන්න. ඒකට අනවශ්‍ය විවේචන හොඳ නැහැ නේද? (නි)
වෙනත් රටක පුරවැසිබව දෙනකොට නම් අධ්‍යාපන සුදුසුකම් සළකා බලනවා. නමුත් මේ පුරවැසිබව දෙන්නේ ලංකාවේම පුරවසියන් වුණ කොටසකටයි. එතැනදී 8 සමත්ද අසමත්ද කියලා බලන්න ඕනෑද? (නි)
උගතුන් හෝ නුගතුන් වේවා සෑම ලාංකිකයන්ටම ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තිබෙනවා. (නි)
මෙන්න ඡන්ද. (ර)
ඇයි මේ හදිස්සියේ තීරණය කරලා තියෙන්නේ? මේක නිකුත් කරන්න ඕනේ ආගමන හවිගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයෙන්. (හේ)
මේක කියන්න ජනාධිපතිවරණේ පරදින මොහොත වෙනකම් හිටියේ මොකද කියලයි අපිට ප්‍රශ්නය. තව මොනවා මොනවා කියාවිද මන්ද .(හේ)
මේවා කියන්න තිබුනේ ජනාදිපතිවරනයට පෙර.දැන් පරක්කු වුනා වැඩියි කියලා මට හිතෙන්නේ.(හේ)
වෛරය හා ක්‍රෝධය නිසා නවතා දැමූ 'ද්විත්ව පුරවැසි' අවසරය 'පාරා වලල්ලක්' වූ කල......! (බ)
ඇති යාන්තම්. අපි බලාගෙන හිටියෙ කවද්ද ඔක දෙන්නෙ කියලා. (ර)
අනේ මන්ද? එක පුරවැසියෙක් වෙලා ජීවත් වෙන්න බැරිව ඉද්දී කොහොමද ද්විත්ව පුරවැසියෙක් වෙලා ජීවත් වෙන්නේ? (ර)
ඔය ඇත්තද? (ර)
ද්විත්ව පුරවැසි භාවය දිය යුත්තේ පිටරට සිට ලංකාවට කීර්තියක් හෝ ලාබයක් ගෙන දීපු අයට. 8 පාස් නැති, බෝට්ටුවේ ඉතාලි ගිය අයට නෙමෙයි. (ර)
බොරු....බොරු ...බොරු ...දැන් බය වෙලා ....සමන් දන්තනාරායන මිලානෝ (නදී)
එංගලන්තේදී ලොක්කට ලංකාවේ දමිල අය විරෝදය දක්වපු එකට පලිගන්න ඕනා නිසා තමා ඕක නවත්තල දැම්මේ. දැන් කොහොමත් ඕක දෙන්නේ රටින් පනින්න වෙන නිසානේ. (නදී)
මෙන්න මේකයි මෙතන කුමණ්ත්‍රණය, මේ අයට දෙන්න ඕන ද්විත්ව පුරවැසි කමක් නෑ ඔය කරන්න හදන්නෙ රට ගියපු, දැනට ලංකාවේ නොමැති හැමෝටම හොර ඡන්ද දාන එක. මේක ප්‍රසිද්ද රහසක්. මෛත්‍රීට ලැබෙන දමිල, මුස්ලිම් ඡන්ද වලට සමාන ගනනක් ඔය හොර ක්‍රමයෙන් හොයන්න පුලුවන් කියල තමයි ආරන්චි. මේක තමයි අලුත්ම ජිල්මාට් එක (නදී)
මේවා තමයි වරද්දා ගත්ත තැන්. දැන් ගොඩක් පරක්කුයි (නදී)
පිට රටක ජීවත්වෙන අපිට ද්විත්ව පුරවැසි භාවය රැගෙන රටට වින කරන්න ඉන්න දෙමල ත්‍රස්තවාදීන් ගැනත්,ජිහාඩ් වැනි මුලධර්ම වාදීන්ගේ බලාපොරොත්තු ගැනත් හොද අවභෝදයක් තියෙනවා.(නදී)
පරක්කුවෙලා හරි ලැබුන දෙය අගය කරනවා.(හේ)
මම අවුරුදු ගානක් බලාගෙන හිටියා. (ර)
දැන් ඕක තාවකාලිකව නැවැත්තුවේ මොකද? හදිස්සියේම ඕක දෙන්න හදන්නේ ඇයි.? (ර)
8 පාස් නැතුව බෝට්ටුවේ ඉතාලි ගියත්, හම්බ කරන සල්ලි එවන්නේ, තැන්පතු කරන්නේ ලංකාවේ නිසා, ඉතාලි අයට අනික් අයට වැඩ ද්විත්ව පුරවැසි භාවයට සුදුසු කම තියෙනවා, ඔවුන් රට වෙනුවෙන් කරනා සේවයත් බොහෝය. (ර)
ද්විත්ව පුරවැසිකම නැතිකළ යුතුයි.(හේ)
ඉපදුනු රටේ පුරවැසිකම මුදලට දෙන එකම රට ලංකාව වෙන්නැති. අපිට දැනගන්න පුලුවන්ද දැන් ගාස්තු කොහොමද කියලා?(හේ)
8 වසර වත් පාස් නැති අය අද ඇමතිකම් කරනට සුදුසුනම් , නැතිවී ගිය පුරවැසි බව ලබා ගන්නට මොන අධ්‍යාපන සුදුසුකමක්ද ? ඔහුගෙන් රටට විදේශ විනිමය හෝ ආයෝජනයක් තිබේනම් එය හොඳටම ඇති.(හේ)
කුමාර්, 8 පාස් නැති අය පාර්ලිමේන්තුවට ගියාට කමක් නැද්ද? ද්විත්ව පුරවැසිභාවයට විතරද ඒ සුදුසුකම?(හේ)
අපි මෙතරම් කල් බලන් හිටියා. දැන් දෙනවලු. දැන්නම් ඕනෙත් නෑ. අපි මෙහෙම ඉන්නම්. අපේ අයිතියත් මෙයාලගේ ඡන්ද පොරොන්දුවක් වුනා. හරිම අසාධාරණයි. උපන් රටේ අපේ උරැමය නායකයන් බිල්ලට අරන්. ලේකම්ලාගේ ප්‍රකාශන වැඩක් නෑ. දෙනවා කියලත් ගැසට් කරන්න. නැතිනම් ඡන්දය ඉවර උනාම මේ ලෙකම්ලා හොයන්න බැරිවෙයි. (නදී)
කුමාර් අට පාස් නැතත් ලංකාවේ ඉපදුන කෙනෙකුට ලංකාවේ පුරවැසි බාවය අයිති බව දැන ගත්තොත් හොදයි. ලෝකේ කොහේ හිටියත් කීර්තියක් තියෙනවා උගත්තු ආයේ ලංකාවට එන්නේ නැහැ. ලංකාවේ පරිප්පු කන්න. (නදී)
ලංකාව එපාවෙලා ගිහින් අායේ මොන එකටද පුරවැසිකම් ඉල්ලන්නේ. ඉන්න තැනකම ඉන්නේ නැතුව. (නදී)
ජනවාරි 9 පස්සේ ප්‍රතිපලය බලල බලල තමා අපි ඉල්ලුම් කරන්නේ .(හේ)
ද්විත්ව පුරවැසිභාවය නොදී හිටියනම් තමා හොද (දිල්)
මේ නීතිය ගෙනාපු අයට ඇමරිකාවත් පුරවැසි භාවය තියනවා.මෙහෙත් තියනවා. පුදුම නීතිය.(දිල්)
ද්විත්ව පුරවැසි බව ලබා ගැනීමට මමත් බලා පොරොත්තුවෙන් හිටිය කෙනෙක්. නමුත් මට හැගෙන හැටියට ඔය ද්විත්ව පුරවැසි බව ලබා ගැනීමට උනන්දු අය මෙහි ප්‍රතිචාර දක්වපු හැටි දැක්කාම පෙනෙන්නේ තම ජන්දය දමන්න කියලා ටිකට් එකට වියදම් කරලා ලංකාවට යාවි කියල වගේ. (දිල්)
ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන්ට හිමි නිදහස තුළ මෙය මහා විශාල දෙයක් නොවෙයි. ඒ නිදහස වළ දැමීමත් ඒවාට අධ්‍යාපන සුදුසුකම් ගැන සෙවීමත් විහිළුවක්. සැමට එකසේ සැලකීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයක්.(දිල්)
කොහොමද එල්ලුම් කරන්නේ (නදී)
අට සමත් නැතිව බෝට්ටුවෙන් පිට රටකට පැනලා ගිහින් ලංකාවට එවන සල්ලි වලින් ලංකාවට ලාබයක් නැත්ද කුමාර්.(හේ)
දැන් ඕක දෙන්න පටන් ගත්තා කියලා අපිට මොකක්ද ඒ වෙනුවෙන් කරන්න කියන්නේ? (නි)
මොකක්ද ඔය නව ක්‍රමය?අපි තානාපති කර්යාලයෙනුත් ඇහුවා. (නි)
ලංකාවට තිබුන තර්ජන ඔක්කොම ඉවත් වුණාද, ඕක දැන් හදිසියේම දෙන්නේ? (නි)
කාලයක් මාත් බලාහිටියා. දැන් නම් බලෙන් දුන්නත් එපා. (නි)
නියමයිනේ! හරිම සතුටුයි අපිට (නි)
අට පාස්වෙලා ගියත් නැතත් ඉතාලියේ සේවය කරන අය එවන මුදල් වලින් ශ්‍රී ලංකාවේ ගොඩක් පවුල් ජීවිත ගැටගහගන්නවා. අනෙක් රටවල සේවය කරන ශ්‍රී ලංකාවේ අයත් රටට ගොඩක් විදේශ විනිමය එවනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙනවා. එම නිසා පරිස්සමින් කතා කළොත් හොඳයි (නි)
කුමාර්, ඔයා රටට ලාබයක් කියලා මොකක්ද අදහස් කරන්නෙ? ඉතාලියට බෝට්ටුවෙන් ගියත් වෙන අයුරකින් ගියත් උපයන වැඩි කොටස ලංකාවට තමයි එවන්නෙ. ඒවා තමයි විදේශ විනිමය.එතකොට ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය අය, එංගලන්තයට හොරෙන් ඇවිල්ලා පාස්පෝර්ට් අරගෙන ඉන්න කට්ටිය ගැන මොකද කියන්නේ? ඉපදුන රටේ පුරවැසියෙක් වෙන්න විභාග පාස්කරන්න ඕනෑද? ඔයාගේ කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
නියමයිනේ! (නි)
එක එක්කෙනාගේ බයිලා වැඩක් නැහැ.අපි මෙහෙ පුරවැසිකම ගත්තේ ළමයින්ට උගන්වන්න. ඔය කවුරුවත් අපිව බලාගන්නේ නැහැනේ. (නි)
කුමාර්, පුරවැසියා කියන්නේ උපාධියක් තිබෙන කෙනාට නොවෙයි.අපේ රටේ උපන් සහ අපේ රටේ දෙමවුපියන්ට දාව උපන් අය හැමදෙනාම. ඔයාට තියෙන්නේ මානසික ව්‍යාධියක් මිස වෙන මොකක්වත් නොවෙයි (නි)
ඇයි මෙතෙක්කල් ඕක තීරණය කරන්න කල්ගියේ? (නි)
ලොකුම මෝඩ වැඩක් තමයි ඩුබායි පුරවැසිබව නැතිකළ එක. ඒකෙන් වුණේ විදේශ රටවල ඉන්න සිංහල මිනිසුන්ගෙ විරෝධය ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟුන එක. ෆේස්බුක් බැලුවහම ඒක පෙනෙනවා. ප්‍රමාදවෙලා හරි නැවත දෙන එක නුවණක්කාර වැඩක්. (නි)
මෛත්‍රීට ජයවේවා! මම නම් යන්තමට පරණ විදිහට ගත්තා. (නි)
කුමාර් වගේ මානසික ලෙඩුන්ට දෙන්න ඕනෑ අංගොඩ නිත්‍ය සාමාජිකත්වය. ඉතාලියේ ඇතුළු අනෙකුත් රටවලට සිදුවූ ශ්‍රම ගලනය නිසා තමා රටට විදේශ විනිමය ලැබෙන්නේ. නැතුව ඔය මහා ලොකු බුද්ධිමතුන්ගේ බුද්ධිගලනය නිසා නොවේ. අනික මිනිහෙක්ගේ බුද්ධි මට්ටම නෙමෙයි මැනිය යුත්තේ. මිනිසෙක් රටට කරදරයක් නොවී ජීවත්වෙනවා නම් එපමණයි. කුමාර් යනු තමුන්ගේ අඩුපාඩු වසා ගැනීමට අනුන්ගේ ඇද හොයන කුහකයෙකි (නි)
එහෙම කියන එක හරිද?අට පාස් නෑති හොරෙන් ඉතාලි ගිය අයත් ලංකාවෙ දරුවො නේද? ඒ අයගෙනුත් හුඟක් දෙනෙක් මහන්සිවෙලා නිවෑරදි ක්‍රමවලින් මුදල් උපයලා හොඳට ජීවත්වෙමින් ලංකාවට උදවු කරනවා නේද? (නි)
දෙන දේ ගන්නේ නැතුව විවේචන කරන එකද කරන්න ඕනෑ? අද ලංකාවට වෙලා තියෙන්නේ ඕක තමයි (නි)
ඒක නම් හොඳ ආරංචියක් (නි)
මම ඕක ඉල්ලුම් කරලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. දැන් නම් ඕක මට නැතුවටත් කමක් නැහැ.මම මගේ අදහස වෙනස්කර ගත්තා. (නි)
මල්ලි කුමාර්, ඉතාලියේ ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. නිකන් 8 පාස් නැති මෝඩ කතා කියන්න එපා (නි)
කුමාර්, ඔයා ලංකාවේ පුරවැසියෙක් වුණේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් නිසාද?මැදපෙරදිග, යුරෝපය,ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ නොයෙකුත් රටවලට සංක්‍රමණය වූ ලාංකිකයින් අපමණ සිටිනවා. ඒ හැම කෙනෙකුම මහාචාර්යවරුන් නොවේ.ඒ වගේම රටට කීර්තියක් ගෙනදෙන උදවියද නොවේ. බෝට්ටුවේ ගියත්, පිහිනගෙන ගියත් ඔවුන් ලක් දු දරුවන්. ඔය හැමෝම රටින් පිටවෙන්නේ රටේ ආර්ථිකයේ ඇති යම් අඩුවක් නිසා බව වටහා ගන්න. (නි)
මොනවා වුණත් අපි හුඟ කාලයක් බලාගෙන හිටපු දේ ඉෂ්ට වුණා. සමහරු ද්විත්ව පුරවැසිකම නොදුන් නිසා අනෙක් රටවල හිටියේ වීසා එකෙන්. සමහරු අවුරුරු විසි තිස් ගණන්. ඒ වුණාට මේක ඡන්ද ගුණ්ඩුවක් නොවේවා! සුධාර හාමුදුරුවෝ කියලා තියෙන දේ හරි. අපි ඔක්කොම ලංකාවේ අය ලෝකයේ කොහේ හිටියත්. (නි)
කුමාර, අට පාස් අයට ලංකාවේ දේශපාලනය කරන්න පුළුවන් නම් අනෙක් මිනිසුන්ට ද්විත්ව පුරවැසිකම ලැබුනාම මොකද? මම නම් වෘත්තීය සංක්‍රමණිකයෙක්. ඒත් මෙහෙම අනෙක් සංක්‍රමිකයන්ට උගත්කම් මත අපහාස කරන එකට කොහෙත්ම කැමති නැහැ. (නි)
දැන් මේක ඇහුවහම බන්දුල පෙරේරාගේ පිස්සුව තවත් වැඩිවේවි (නි)
දැන් මොනවද මේ නව නීති? අපිත් දැනගන්න කැමතියි. නව නීති ඉතා පැහැදිලිව විනිවිදභාවයෙන් යුක්තව ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලනවා. (නි)