(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිය දියණියට උසුළු විසිළු කිරිම සම්බන්ධයෙන් කෝප වි තරුණයෙකුගේ පපුවට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවකු අද (28) භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
සැකකරු ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් මෙන්ම ඔහුට නවාතැන් දුන් කුළුපග මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ ග්‍රෑන්ඩ්පාස් දෙවැනි නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි පරමානන්දන් දිනේෂන් 21 තරුණයායි.
සැකකරු තිදරු පියකු වන අතර ඔහු දෙවැනි නවගම්පුර ප්‍රදේශයට පිටස්තරයකු වන අතර නිවසක් කුලී පදනම මත ලබාගෙන එම ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක සාධාරණයි. උඹලා මදන මෝධකය බිව්වාට අපේ ළමයි පලි නැහැ.
මේ සිද්ධියට ප්‍රසිද්ධියක් දෙන්න ඕන පාරේ කෙල්ලෙකුට යන්න දෙන්නේ නැතුව විසිල් ගහන කුපාඩියන්ට පාඩමක් විදියට. ඒ තාත්තට එන්න ඇත්තේ සාධාරණ කෝපයක්. තමන්ගේ දුවට නිදහසේ පාරේ යන්න බැරි නම් ඒ බාධාව අයින් කරන එක තමයි තාත්තා කෙනෙකුගේ බලාපොරොත්තුව. මට නම් කණගාටු ඒ තාත්තා ගැන.
පාරේ කෙල්ලෙකුට යන්ට දෙන්නේ නැති වනචරයෝ.