
(ළහිරු හර්ෂණ )
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි.
ඊයේ අලුයම 6.00 ආරම්භ වූ එන්නත් කරණය අඛණ්ඩය අද දිනත් පැවැත්වෙන බව ද යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එන්නත් ලබා ගැනිම සඳහා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේදී විහාර මහා දේවී උද්‍යානයට පැමිණ සිටියහ.
මේ අතර කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේද ඊයේ සහ අද (02)දින ඉතා සාර්ථක අයුරින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව යුද හමුදාව විසින් ලබා දුන්නේ. දිවා රෑ නොතකා විශාල පිරිසක් කිරිල්ලවල මහා විදුලේ පිහිටුවා ඇති එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබා ගත් බව අප වාර්තා කරුවෝ පවසති.








කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේදී එන්නත් කරණය සිදු කළ අයුරු (ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ යුධ හමුදාව ඇත්ත වශයෙන්ම දක්ශයි, ඒ වගේම පක්ශයි.
ඇත්තටම දැනට රටේ සිදුවන මරණවලට දියව් දියව් පක්ෂයත් වගකියන්න ඕනෑ.. රටට සහ ලෝකයටම අමාරු කාලේ කොටසක් කොරෝනා බෝ කරනවා. හමුදාව දිවා රෑ වෙහෙසෙනවා කොරෝනා වලින් මිනිස්සු බේරගන්න...
යුද හමුදාවෙන් හරියට කරනවා ඇති. හැබැයි ඊයේ තලංගම රෝහලේ බඩු නෑ කියලා ගැහුවේ නෑ... අදත් හෝමාගම රෝහලෙත් ඒ තත්ත්වය මයි.
දෙවිවරු...
සියලු රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක්... අයිතිවාසිකම් ඉල්ල ඉල්ලා රංචු ගැහි ගැහී මේ අවස්ථාවේ රටට හිසරදයක් නොවී තියෙන ගැටලු විසඳා ගැනීමට යම් කාලයක් ඉවසා සිටිමින් රට ගොඩ ගැනීමට ගෞරවණීය හමුදාවන් මෙන් පෙරට ආ යුතුයි.
ශ්‍රී ලංකා යුද හමුදාවට මාගේ ප්‍රණාමය..!
මොවුන් කරන කැපකිරීම් කියලා නිම කරන්න බැහැ. වරුවක් වැඩ කරලා, අවුරුද්දට මාස 3ක් නිවාඩු හම්බවෙලා.. පහුගිය අවුරුදු එක හමාරම ගෙදර ඉඳලා රටම ආර්ථික වශයෙන් අර්බුදයක ඉන්න වෙලාවක තමන්ගේ පඩිය වැඩි කරගන්න උද්ඝෝෂණ කරන ආත්මාර්ථකාමී ගුරුවරු විදුහල්පතිවරුන්ට වඩා මොවුන් සැබවින්ම තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරන සැබෑ මිනිස්සු... මොවුන් උද්ඝෝෂණය කරපු දවසට රටම හාන්සියි. පුද්ගලික අංශයේ රැකියාව කරන අපිත් උද්ඝෝෂණය කළා නම් මුළු රටම ඉවරයි...
තිළිණටයි මේ පිළිතුර... එන්නත් කිරීම ගැන හමුදාව අගය කිරීම හරි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි කරුණු නොදැන ගුරුවරුන්ට මඩ නොගසන්න. එයින් පෙන්වන්නේ ඔබගේ මෝඩකමයි. ගුරුවරු ගෙදර සිටියේ තම අවශ්‍යතාවයකට නොවෙයි. එසේ සිටින අතර තමන්ගේ අතින් වියදම් දරාගෙන ඔන්ලයින් පාඩම් ඉගැන්වීමට දැරූ වෙහෙස ඔබ නොදන්නේ ඔබගේ ද්වේෂ සහගත මනස නිසයි. සිතා බලන්න. ඔබ කවරදාකවත් අතින් වියදම් දරා රැකියාවට අදාළ වැඩ කර තිබෙනවද? පන්ති කාමරයේ කරනවාට වඩා විශාල මහන්සියක් දරලයි ඔන්ලයින් පාඩම් උගන්වන්නේ...
දියත උයනේ වැඩ නියමයි. මිලිටරි විනයට කෑ ගහන ගොබ්බයින් දැක්කද මිලිටරි විනයෙන් බෙහෙත්ටික විදින හැටි? මම සවස ගියා විදගත්තා ආපසු ආවා. පෝළින් නැහැ.