ඇය දරු දෙදෙනෙකුගේ මවකි. නමුත් ඒ මව් පදවියේ උරුම ලබා දෙන්නේ තම දරු දෙදෙනාම පමණක් නොවේ. දුවාදරුවෝ විසි දහසකට පමණ පිරිසකට ඇය දයාබර මවක වී සිටින්නීය. ඒ අන් කවරකුවත් නොවේ. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ජාලයේ සම්බන්ධීකරණ විදුහල්පතිනිය වන කුමාරී ගේ‍්‍රරුය.
ඊට අමතරව සමාජ සේවයෙහි යෙදෙන ඇය සැමියාගේ කටයුතු වලට මෙන්ම ගෙදර දොර කටයුතුද නොපිරිහෙලා කරන්නීය. සරලවම කිවහොත් ඇය සමාජයට වඩාත් සක‍්‍රීය වූ කාන්තාවකි. රාජකාරි කටයුතු, ගෙදර කටයුතු අතරේ පීඩනයට පත්ව සිටින බොහෝ කාන්තාවනට ඇයගෙන් ලබා ගත හැකි ආදර්ශවත් දේ බොහෝ යැයි අපට විශ්වාස කළ හැකිය. ඒ නිසා සමාජයට වැඩදායි වූ කුමාරී ගේ‍්‍රරුය. අපි පිළිසදරකට කැදවීමු.
ඔබ ගැන සදහන් කළොත්?
මම උපන්නේ කොළඹ කිරුළපනදී. ඉගෙන ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයෙන්. කොළඹ සරසවියේ ජීව වද්‍යා අංශයේ උපාධිධාරිණියක්.
අරමුණ වුණේ වෛද්‍යවරියක වීමටද?
ජීව විද්‍යා අංශයට ආශා කළා. ඒ නිසා උපාධිය දක්වා ඉගෙනීමටයි ආශා කළේ. පසුව පශ්චාත් උපාධි දෙක - තුනකටම පෙනී සිටියා. නිශ්චිත රැකියාවක් කිරීමේ අරමුණ තිබුණේ නැහැ. මගේ මහත්තයාගේ හමුව ඇතිවුණේ ඒ කාලයේදීයි.
ඒ හමුව ගැන මතකය අවදි කරන්න පුලූවනිද?
අපි අසල්වාසීන් කිව්වොත් නිවැරදියි. එකම ගමේ. අපේ පවුල් දෙකේ වැඩි හිටියන් දැන හදුනන උදවිය. මම එයාගේ උසස් පෙළ පංතිවලටත් ගියා. මාපිය සම්බන්ධතාව සහ අපි දෙදෙනාගේ දැන හදුනා ගැනීම අනුව විවාහය සිදුවුණා. ඉන්පසු මම රැකියාවක් ගැන හිතුවේ නැහැ.
මේ විදියට ගෘහනියක ලෙස කටයුතු කරමින් සිටියදී සැමියාට අවශ්‍ය වුණේ එයා හරිහම්බ කරගත් දෙයින් සමාජයට පෙරළා යමක් ලබාදීමටයි. ලයිසියම් ජාත්‍යන්තර පාසල පටන් ගත්තේ ඒ අරමුණ ඇතිවයි. ඔහුගේ ගතිගුණ ගොඩාක් හොදයි. ඉතින් එදා මම ඔහුව තෝරා ගත්තේ ඒ ගතිගුණ නිසාමයි.

ඔබ කොහොම ප‍්‍රතිපත්ති ඇති කාන්තාවක්ද?
මොන දේ වුණත් ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි. ඒ ප‍්‍රතිපත්තියේ තදින්ම සිටින කෙනෙක්.
වත්මනෙහි ඔබ ලයිසියම් පාසල් ජාලයේ සම්බන්ධීකරණ විදුහල්පතිනිය වෙනවා. කොහොමද ඒ තනතුරට පත්වුණේ?
මුලින්ම කියන්න ඕනෑ එහි ආරම්භකයා මාගේ සැමියා. එතුමා ආරම්භක අධ්‍යක්ෂවරයා වුණා. පසු කලෙක දේශපාලන තනතුරු ලබද්දී ඒ සියල්ලෙන් ඉවත් වුණා. එතුමාගේ ආශිර්වාදය යටතේ මම මේ අද දරන රාජකාරයට පත්වුණා. මුලිනම අපි මේ පාසල පටන් ගත්තේ ළමයින් 7 දෙනෙකුගෙන් විතරයි. අද වන විට 18,000 කට ආසන්න දූ දරු පිරිසක් අධ්‍යාපනය ලබනවා. පසුගිය කාලසීමාවේදී අධ්‍යාපනය ලැබූ සියලූම ළමයින් අද සමාජයේ යහපත් පුරවැසියන් ලෙස වැජඹෙනවා.
ඔබ දරුදෙදෙනෙකුගේ මවක් 18,000 ක් වැනි විශාල පිරිසකට ඔබ මවක වී සිටින්නේ කොහොමද? එය අසීරු දෙයක් නොවෙයිද?
හදවතට එකගව කටයුතු කරනවා නම්, ඒක බැරෑරුම් දෙයක් නෙවෙයි. මේ ළමුන් වගේම අපේ සමස්ත ගුරු මඩුල්ල වගේම අනෙකුත් සේවක, සේවිකා සියලූ දෙනාටම මම එක වගේ ආදරෙයි. විශේෂයෙන්ම ළමුන් දිහා භේදයකින් බලන්නේ නැහැ. මගේ ක‍්‍රමය එයයි.
සෑම ළමයෙකුටම එකවගේ කරුණාව, ආදරය, දයාව දක්වන්න පුලූවනිද?
අමාරු අයත් සිටිනවා. නමුත් මම බලන්නේ දරුවාගේ හොද දේ ගැනයි. සමාජයේ සෑම පුද්ගලයෙකුගේම හොද පැත්තක් වගේම නරක පැත්තක් තිබෙනවා. නරක දේ හැකිතාක් යටපත් කර හොද දේ ඉස්මතු කරගෙන දරුවා සමාජගත කිරීමයි විය යුතු.
දරුවන් බලා ගැනීම, ගෙදරදොර වැඩ කටයුතු, ඒ වගේම සැමියාගේ වැඩ මෙන්ම රාජකාරී වැඩ කිරීම ආදී කාර්ය බහුලත්වය නිසා බොහෝ කාන්තාවන් පීඩනයට පත්වෙනවා. එවැනි පීඩනයක් ඔබට දැනෙන්නේ නැද්ද? කාන්ත්වකට ජීවිතය මහ බරක්ද?
කොච්චර වැඩ තිබුණත් එය කළමණාකාරණය කිරීම හොද කාන්තාවක් සතු දෙයක්. ඒ සියලූ වැඩ අතරින් තමුන් වඩා මුල්තැන දිය යුතු දේ ගැන සිතන්න ඕනෑ. මට මගේ පවුල තමයි මුල්තැන. ඒ පවුලේ කටයුතු වලට දිය යුතු සාධාරණය ඉටු කර අනෙකුත් වගකීම් උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා. ඕනෑම කාන්තාවක් මොන දේ කළත් මුලින්ම සිතිය යුතු වන්නේ තම පවුල ගැනයි. ඊළගට රක්‍ෂාව ගැන සිතන්න ඕනෑ. අපි දෙන්නම එකම රාජකාරිය කළ නිසා එය අපට පහසුවක් වුණා. මුලදී මම ටිකක් කළබල වුණා. නමුත් අත්දැකීම් එක්ක සියල්ලම පුරුදු වුණා. විදුහල්පතිනියක වීම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. නමුත් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න මට පුලූවන් වුණා. මට ලබාදුන්න අවස්ථාවෙන් මම උපරිම ප‍්‍රයෝජනය ලබා ගත්තා.
ඊට හේතු වූ විශේෂ දේ කුමක්ද?
ආදරය - කරුණාව මූලික කරගෙන සියල්ල කිරීම. සැමෝටම හොදින් සැළකීම වගේම මා නොදැන සිටි දේ හැමෝගෙන්ම දැන ගැනීම. එය මා අදටත් කරන දෙයක්. අපි ජීවිතේ හැමදාම ඉගෙන ගන්නවා. අපට වඩා ළමයකු හෝ දැණුමින් යුුතු නම් ඒ දරුවාගෙන් හෝ ඉගෙනීමට මැළිවිය යුතු නැහැ. අපි දන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න ගියොත් අපට වරදින්නේ එතැනදීයි. අපි ඉගෙන ගන්න, ඇහුම්කන් දෙන්න පුරුදු වුණොත් එය වඩා පළදායි වෙනවා. එවිට සාර්ථක කාන්තාවක් විය හැකියි.
රාජකාරී කරන සමහර කාන්තාවන්ගේ ගෘහ ජීවිතය බිද වැටීමට බලපාන්නේ මොන වගේ හේතුද?
රාජකාරියට පමණක්ම මුල්තැන දීම නිසයි.
රාජකාරිය දේවකාරියටත් වඩා වටිනවා නේද?
ඒක හරි, නමුත් ගෙදර වගකීම්, යුතුකම් සියල්ල අමතක කර දමා රාජකාරයි ගැන පමණක මුල් තැන් දී කටයුතු කළොත් එය ලොකු ප‍්‍රශ්නයක් වේවි. ප‍්‍රශ්න මතු වන්නෙ එවිටයි. තමාගේ තරමට වඩා වැඩ කළත් - නොකළත් අනිවාර්යයෙන්ම දරුවන් වෙනුවෙන් කාලයක් වෙන කළ යුතුමයි. අද ගෘහ ජීවිතයේ බිද වැටීමට මූලික වූ හේතුවක් වී තිබෙන්නේ බොහෝ කාන්තාවන් සියල්ල අමතක කර දමා මුදල් පසුපස හඹා යාමයි. තමුන්ගේ ව්‍යාපාර, තමුන්ගේ රැකියා කටයුතු වගේම ආදායම් මාර්ග ගැන විතරක් සිතා පවුල අමතක කළ යුතු නැහැ. එවිට එය ලොකු ප‍්‍රශ්නයක් බවට පත්වෙනවා අනිවාරයෙන්ම තමුන්ගේ පවුලට මුල්තැන දිය යුතුමයි. රැකියාවටත් ඉහළම සාධාරණය වෙන්න ඕනෑ නමුත් එය කළ යුත්තේ තම පවුල බිලිදීලා නොවෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර්ථක කාන්තාවක්. (නි)
ජාත්‍යන්තර පාසැල් වල හැදෙන ළමයි නම් පොලවේ පයගහල ඉන්න අය නෙමේ. අනික සිංහල හුරුවක් ඒ ළමයින්ට නැහැ (නදී)
ග්‍රේරෝ සර්, දැන් මොන දේශපාලන මතවාදයක් නියෝජනය කලත් සැබෑම ගුරුවරයෙක්. මම උසස් පෙළ කලේ 1993 දී. එත් සර්ගෙ මතකය තාම ඒ වගේමයි. (ම)
පුබුදු නොදන්නා දේවල් කතා කරන්න එපා. මේ පාසලේ ඉගෙන ගන්න සල්ලි ගන්නවා තමයි නමුත් කී දාහක් අහිංසක දුප්පත් ළමයි කීදෙනෙක් මේ පාසලේ සල්ලිවලින් ඉගෙන ගන්නවද. නොදන්නා දේ කතා කරන්න එපා කාරුණික ඉල්ලීමක් (ම)
නියමයි ! (නදී)
ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
හැම ජාත්‍යන්තර පාසලකම ට්යුෂන් පන්ති ගානට දාන්න බැහැ (ම)
ඔබතුමියගේ කතාව හරියටම හරි. කොයි තරම් වගකීම් තිබුණත් තමන්ගේ පවුල තමයි වැදගත් (ම)
ඇය අපේ දෙවන අම්මා හා සමානයි (නි)
ඔබේ සැමියා දේශපාලනයට සම්බන්ධ වීමත් සමගම පුළුල් පාරාසයක තිබු එතුමාගේ සේවය කිසියම් රාමුවක් තුල සිර වූනාදෝයි හැඟීමක් මගේ සිතට එනවා. (නදී)
පුබුදු, ටියුෂන් මාස්ටර්ලා කියන්නේ නිදහස් අධ්‍යාපනයේ තිබෙන අඩු පාඩු වලින් ප්‍රයෝජනය ගන්න කට්ටියටයි. නිදහස් අධ්‍යාපනය කප්පාදු වෙන්න වෙන්න මෙයාලට හොඳයි. අපේ කොල්ලෝ කෙල්ලෝ නිදහස් අධ්‍යාපනය රැක ගන්න උත්සහ කරනකොට මෙයාල ඒකේ අනිත් පැත්තට වැඩ කරනවා. හරිම දිරිමත් කට්ටිය තමයි මෙයාල. (බ)
ඔබ තුමියගේ පවුලේ තියෙන සමගිය කතාවේ අන්තිම පින්තුරෙන් හොදටම පේනවා (ම)
නිදහස් අධ්‍යාපනය කොහෙද මැටිපහන කප්පාදුවෙලා තියෙන්නේ? (නි)
විශිෂ්ට කාන්තාවක් (නි)
දරුවන් වෙනුවෙන් ඔබ කරන්නාවූ මහගු සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරමි. මගේ දරුවා මෙන්ම තවත් දරුවන්ගේ දෙනෙත් පාදන ඔබතුමියට සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේව.!! මෙවැනි ශ්‍රේෂ්ට සේවයක් කිරීමට ශක්තිය දෛර්ය ලැබේව ! ගුරු මාතාවෙනි ඔබට මා හිස නමා ආචාර කරමි.(හේ)
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු (නි)
මෙවැනි කතුන් නැවත නැවතත් ලොවට පහළවේවා! (නි)
ග්‍රේරු සර් කියන්නේ බොහෝම ශ්‍රේෂ්ඨ, උතුම් මනුෂ්‍යයෙක් (නි)
ග්‍රේරු සර් කියන්නේ බොහෝම ශ්‍රේෂ්ඨ, උතුම් මනුෂ්‍යයෙක්. (නි)
පොළවේ පයගහලා ඉන්න ළමයි හදන පාසලක්. ඔබට තවත් දිරිය ලැබේවා! (නි)
මෙවන් කාන්තාවන් රටට වාසනාවක් (නි)
විශිෂ්ට චරිතයක් (නි)
රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු බොහෝ ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරමින් තිබේ. මෙය දේශපාලනය සමග අනුගත වෙම්නින් එකිනෙකා පෝෂණය කරයි. රාජ්‍ය අධාපනයේ සම්පත් විසම වූ විට යන්තම්වත් මුදලක් ගෙවිය හැකි දෙමාපියන් ජාත්‍යන්තර පාසල් වෙත ඇදෙන්නේ වෙන කල හැකි යමක් නොමැති නිසාය. එම ව්‍යාපාර අද මෙතුමන් සේම බොහෝ ව්‍යාපාරිකයන්ට සිතුපැතු සම්පත් දෙන කප් රුකකි. නිදහස් අධ්‍යාපනයේ එල ලද්දෝ ලියන සමහර අදහස් පිළිබද නිබද කණගාටුවක් දැනේ. (නදී)
ග්‍රේරෝ සර් මාව සුබද්‍රරාමේ පන්තියෙන් එලෙව්වා. අද වගේ මතකයි. සර් එක්ක මම තරහ නැහැ. අද මම ලෝකෙට රටට වැඩදායි ලෙස ඉන්නවා. (නදී)
පාසලක් අහිමි වූ ළමයින්ට පාසලක් වගේම හොඳ අධ්‍යාපනයක් දෙන තක්ෂිලාවක් ලයිසියම් විදුහල. පොළවේ පය ගහන එක ගැන මෙහි අදහසක් තිබෙනවා. ඒ ගැන පසුතැවෙන්න එපා. මේ වාගේ අය ඕනෑතරම් ඉන්නවා.ඔබට සිසු දරුවන්ගේ නුවණ පෑදීමටත් සියලු ශක්තිය ලැබේවා. (නි)
අසරණ මුදල් නොමැති ළමුන් කී දෙනෙක් ඉන්නවද මේ පාසැල් වල? මුදල් මතයි මේවා දිවෙන්නේ. ඒ නිසා මම මොකුත් ලියන්නේ නැහැ. (නදී)
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙමාපියෙක් වශයෙන් මම හොඳට දන්නවා මේ ගැන. අපගෙන් ලක්ෂ ගාගන් අය කර ගන්න මුදල් වලින් බහුතරයක් ග්‍රේරෝ පදනම හරහා දේශපාලන වැඩවලට යන බව ඔබලා දන්නවද....? (නදී)
අතමිට ඇති අයගේ දරුවන්ට දයාබර මවුවරු ඇත. මුදල් ගැන නොසිතා කරන මෙවැනි ජනතා සේවය කොතරම් අගය කළයුතුද? (නි)
බලන්න. මට හරිම ආඩම්බර හිතුනා මෙම කාන්තාවගේ ඉදිරි දැක්ම සහ ඇගේ උත්සාහය ගැන. රටටම ආඩම්බරයක්.ඔබ වැන්නවුන් තමයි අප රටට බිහිවියයුත්තේ. ඔබ සැමට දළදා සමිඳු රැකවරණයි..!!! (නි)
ජාත්‍යන්තර පාසලේ ළමුන්ගෙන් විශාල මුදල් අයකර ගෙන දුප්පත් ළමුන් හට නොමිලේ ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදෙන බව අප දන්නවා. ඒ නිසා ඒ කරන්නා වු සත් කාර්යයෙන් ඔබ දෙපළට පිං සිද්ධ වෙත්වා.(ම)