හෙරෝයින් ග‍්‍රෑම් 08ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු ත‍්‍රී රෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා බ්‍රහස්පතින්දා (05) ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
මෙලෙස දඩුවම් නියම වුයේ ග‍්‍රෑන්ඞ්පාස් මැල්වත්තේ පදිංචි ත‍්‍රීරෝද රථ රියදුරෙකු වු සැම්සුන් පෙරුමාල් ජස්ටින් හෙවත් බඹරා නමැත්තාටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදකට සාධාරණ දඬුවමක් ලැබිය යුතු බව අපි කවුරුත් දන්නවා. ඒත් මේ දුන් දඬුවමෙන් සමාජයට දෙන පණිවිඩය කුමක්ද? (නි)
කුඩු බඹරා හිරේ ගියාට දෙබරාව කවදාවත් අල්ලන්නේ නැහැනේ. ඉතින් ඌ වෙන බඹරෙක් හොයාගෙන ආයෙත් බිස්නස් එක පරණ විදියටම කරගෙන යනවා (නි)
වරදට දඬුවම් නියම වියයුතුයි. නමුත් මෙය හැමෝටම සමාන වියයුතුයි. පහුගිය කාලේ රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කළ පුද්ගලයන් අද නිදැල්ලේ ඇපත් එක්ක. පොඩි එකාට එක නීතියකුයි ලොකු අයට තව එකකුයි. ඉතින් කොහොමද රටක් විදියට හැදෙන්නේ? (නි)
රාජපක්ෂ යුගයේ මහා පරිමාණ කුඩු ගෙන්වූ අයට මොකද උනේ...අගමැතිගේ අත්සනින් නිදහස් කර ගැනීමට ගොස් රේගුවට හසු වූ කුඩු කන්ටේනර් එකට මොකද උනේ...කෝ ඒ සැක කරුවෝ... (කෞ)
අනේ පවු බඹරා! (නි)
මෙවැනි අය නඩත්තුවට ගෙවන්නේ අපේ දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි (නි)
වැරදි වලට දඩුවම් දීම හොදයි නමුත් මිනීමරුවන්ට.(හේ)
ගැටවර වියේදී අපේ ගුරු දේවියක් අපිට ඉගැන්වුවා නිතිය මකුළු දැලකි. මැස්සෝ පැටලෙති,කපුටෝ ඉගිල යති. කියලා. ලලිත් මහත්මයාගේ කතාව ඇත්ත.(කෞ)
මේ පොඩි අසරණයින් ජීවිතාන්තය දක්වා හිරේ! (නි)
දැන් ඉතින් අපිට ගෙවන්න බැරියෑ එයාටත් කන්න බොන්න බදු (නි)