හෙරෝයින් ග‍්‍රෑම් 08ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු ත‍්‍රී රෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා බ්‍රහස්පතින්දා (05) ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
මෙලෙස දඩුවම් නියම වුයේ ග‍්‍රෑන්ඞ්පාස් මැල්වත්තේ පදිංචි ත‍්‍රීරෝද රථ රියදුරෙකු වු සැම්සුන් පෙරුමාල් ජස්ටින් හෙවත් බඹරා නමැත්තාටය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවි ඇති තෙක් සිර බත් කන කුඩු බඹරා
මංජුල Friday, 05 February 2016 07:48 PM
වරදකට සාධාරණ දඬුවමක් ලැබිය යුතු බව අපි කවුරුත් දන්නවා. ඒත් මේ දුන් දඬුවමෙන් සමාජයට දෙන පණිවිඩය කුමක්ද? (නි)
ලලිත් Friday, 05 February 2016 09:59 PM
කුඩු බඹරා හිරේ ගියාට දෙබරාව කවදාවත් අල්ලන්නේ නැහැනේ. ඉතින් ඌ වෙන බඹරෙක් හොයාගෙන ආයෙත් බිස්නස් එක පරණ විදියටම කරගෙන යනවා (නි)
පිටබැද්දර ජයා Friday, 05 February 2016 10:39 PM
වරදට දඬුවම් නියම වියයුතුයි. නමුත් මෙය හැමෝටම සමාන වියයුතුයි. පහුගිය කාලේ රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කළ පුද්ගලයන් අද නිදැල්ලේ ඇපත් එක්ක. පොඩි එකාට එක නීතියකුයි ලොකු අයට තව එකකුයි. ඉතින් කොහොමද රටක් විදියට හැදෙන්නේ? (නි)
එන්.ඩි හෙට්ටිආරච්චි Friday, 05 February 2016 01:58 PM
රාජපක්ෂ යුගයේ මහා පරිමාණ කුඩු ගෙන්වූ අයට මොකද උනේ...අගමැතිගේ අත්සනින් නිදහස් කර ගැනීමට ගොස් රේගුවට හසු වූ කුඩු කන්ටේනර් එකට මොකද උනේ...කෝ ඒ සැක කරුවෝ... (කෞ)
ටෙනිසන් Saturday, 06 February 2016 01:03 AM
අනේ පවු බඹරා! (නි)
ජනක Saturday, 06 February 2016 02:18 AM
මෙවැනි අය නඩත්තුවට ගෙවන්නේ අපේ දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි (නි)
සාගර Friday, 05 February 2016 02:31 PM
වැරදි වලට දඩුවම් දීම හොදයි නමුත් මිනීමරුවන්ට.(හේ)
නිමල් ලලිත් Saturday, 06 February 2016 04:42 AM
ගැටවර වියේදී අපේ ගුරු දේවියක් අපිට ඉගැන්වුවා නිතිය මකුළු දැලකි. මැස්සෝ පැටලෙති,කපුටෝ ඉගිල යති. කියලා. ලලිත් මහත්මයාගේ කතාව ඇත්ත.(කෞ)
සුසන්ත Friday, 05 February 2016 05:16 PM
මේ පොඩි අසරණයින් ජීවිතාන්තය දක්වා හිරේ! (නි)
ලංකා Friday, 05 February 2016 06:00 PM
දැන් ඉතින් අපිට ගෙවන්න බැරියෑ එයාටත් කන්න බොන්න බදු (නි)