IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ඇතුළත් කර තිබේ. දිගින් දිගටම ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ දිල්හාර ආසාර්ථක වීම නිසා පසුගිය වසරේ දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසුව සංචිතයේ ද ස්ථානය අහිමිවිය. 32 හැවිරිදි දිල්හාර ටෙස්ට් තරග 39 කදී කඩුලූ 97 ක් සහ එක්දින තරග 147 කදී කඩුලූ 187 ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා සංචිතය: මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, චාමර සිල්වා, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙළගෙදර, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, දිල්හාර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, සුරාජ් රන්දීව්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් ලොකුආරච්චි සහ ජීවන් මෙන්ඩිස්



අදහස් (0)

දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ

kk Monday, 14 May 2012 04:52 PM

මෙයා කණ්ඩායමට එන්නේ කොහොමද කියල හැමෝම දන්නවා.

:       0       0

සිංහබාහු Monday, 14 May 2012 06:05 PM

මෙයාට වඩා හොදින් පන්දු යවන කොල්ලෝ අපේ ගමෙත් ඉන්නවා

:       0       0

ජනක වෙදගෙදර Tuesday, 15 May 2012 10:19 AM

ක්‍රිකට් එපා වෙනව මෙයාල නිසා..

:       0       0

ඉන්දික Tuesday, 15 May 2012 07:32 PM

සල්ලි පස්සෙන් යන අයට වඩා මට නම් මෙයා හොදයි

:       0       0

හර්ෂ පුෂ්ප කුමාර Tuesday, 15 May 2012 08:21 PM

නෝ බෝල් 60 ක් විතර දලා...... කැච් 5 ක් විතර අත ඇරලා..... බෝල 80 ට විතර ලකුණු 20 ගහලා..... මැච් එක විකාරයක් කරයි...... අන්තිමට වෙන්නේ මහේලට හුල්ලන්න විතරයි....

:       0       0

චන්දන Wednesday, 16 May 2012 10:25 AM

ප්ලේයර්ස්ල සිලෙක්ට් කරනවට ගානක් හම්බෙනවද දන්නෑ?

:       0       0

එස් එස් එස් Monday, 14 May 2012 08:23 PM

මෙලෝරහක් නැති වැඩ තමයි කරන්නේ.

:       0       0

සිසිර Monday, 14 May 2012 08:24 PM

ඔක්කොම අවුල්කරල දාවි.....

:       0       0

ෆාරු Tuesday, 15 May 2012 11:24 AM

මෙයා කාගෙ කවුද??

:       0       0

තරිදු Friday, 18 May 2012 05:33 PM

මෙයාලා මොනවා කරන්නද ??

:       0       0

s.n Monday, 14 May 2012 08:45 PM

ක්‍රිකට් වල අවාසනාව.

:       0       0

කසුන් Wednesday, 16 May 2012 11:06 AM

ලංකාවේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්....පොඩි පොඩි අඩුපාඩු තියෙනව තමයි...ඒත් හැමදාම එකම කෝණයෙන් බලන්න එපා..දිල්හාර මගෙන් සුභ පැතුම්! හොඳට කරපන්...අපිට මතකයි හොද නරක දෙකම... අසීරු අවස්ථා වලදි කොච්චර ටීම් එක ගොඩ ගත්තද කියලත් මතකයි... මෙ බනින උණුත් ඒ වෙලාවට ඔයාට අත්පුඩි ගහන්න ඇති.....

:       0       0

මහේන්ද්‍ර Tuesday, 15 May 2012 01:06 PM

තරග- 147 විකට්-187 මේක ඉතා‍ හොද වාර්තාවක්

:       0       0

ෂෙරීෆ් Monday, 14 May 2012 11:01 PM

ආවට කමක් නෑ.නෝ බෝල් එහෙම දානව නෙමෙයි.....

:       0       0

නෝමන් ප්‍රනාන්දු Tuesday, 15 May 2012 01:49 PM

මෙයා ඉන්නේ අපේ නො බෝල් හන්දියෙන් දකුණට හැරිලා නො බෝල් පාරෙන් ගියවිට නොනක්කලගේ ගේ ඉස්සරහ

:       0       0

සෑම් Monday, 14 May 2012 11:52 PM

හයිය තිබුනට මදි.... මොළෙත්, දක්ෂතාවයත් තිබිය යුතුයි.

:       0       0

මලින්ද Tuesday, 15 May 2012 12:12 AM

නෝ බෝල්...!

:       0       0

සුභාෂිණි Tuesday, 15 May 2012 02:15 AM

අනේ අපොයි ආයෙත් ඉතිං වයිඩ්, නෝ බෝල්, කැච් මිසින්

:       0       0

සිරා Tuesday, 15 May 2012 02:20 AM

මෙයා හදන්නෙ ...........බෝල ගහන්න.

:       0       0

රුවන් පෙරේරා Tuesday, 15 May 2012 02:58 AM

ලසිත් මාලිංග වගේ සල්ලි වලට ක්‍රිකට් ගහන අයට වඩා දිල්ෂාන්ල හොදයි..

:       0       0

රත්නායක Tuesday, 15 May 2012 03:14 PM

ඔබට මෙයට තෝරා ගැනීමට හේතු වූ ඔබ ගැන තැබූ විශ්වාශය රකින්න.සුභ පැතුම්!

:       0       0

ප්‍රසන්ග Tuesday, 15 May 2012 03:17 PM

කදයි බඩයි විතරයි.මෂ්තිෂ්කයක් නෑ

:       0       0

රසික Tuesday, 15 May 2012 06:58 AM

දැන් ඉතින් වැඩ පෙන්වමු දිල්හාර. අපිට ඉන්න හොදම ස්ලෝ බෝල් දාන පන්දු යවන්නේ. පන්දුවේ වේගය පාලනය කර තව කඩුළු ගන්න ලැබේවා.

:       0       0

මාතර මල්ලි Wednesday, 16 May 2012 02:23 AM

මෙයා හොදයි නෝ බෝල් වලට ළකුණු දෙන තරගයකට

:       0       0

ආර්. Tuesday, 15 May 2012 03:42 PM

සැලෙන්න එපා.සල්ලි වලට යට නැති අපේ සිංහ පැටියෙක්

:       0       0

පැට්‍රික් Monday, 14 May 2012 03:33 PM

දිල්හාර ඉන්නවා කියන්නේ තේරිම් කමිටුව හොඳට රාජකාරිය කරල තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල අවසානය ද මේ.

:       0       0

වරකගොඩ Monday, 14 May 2012 03:34 PM

මෙයා ටීම් එකටත් එයි.වෙනද වුනෙත් ඕකමනෙ..........

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 14 May 2012 04:25 PM

හරියට උඩ පන්දුවක් අල්ලා ගන්න බැහැ 10 අවොත් 9 ක් බිම බිම දිගේ එන පන්දුවක් නවත් වා ගන්න බැහැ හදිස්සියකට ලකුණු 4 ක් වත් ගන්න බැහැ ඒ උනාට සංචිතයට ගන්නවා තේරීම් කමිටුව තරග බලනවද , නැත්නම් පරන තරඟ වල වීඩියෝ පටි බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 901 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 89 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 962 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1522 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1341 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 478 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 137 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1156 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site