IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙති

දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙතිලබන මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි/20 සහ එක්දින තරගාවලි සඳහාත් චාමර කපුගෙදර සහ දිල්හාර ප‍්‍රනාන්දු දෙදෙනා නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති. චාමර කපුගෙදර ශී‍්‍ර ලංකා විස්සයි/20 කණ්ඩායමට කැඳවා තිබෙන අතර දිල්හාර ප‍්‍රනාන්දු එක්දින සංචිතයට කැඳවා තිබේ. දග පන්දු යවන්නන් වශයෙන් සචිත‍්‍ර සේනානායක විස්සයි/20 සංචිතයටත්, ජීවන් මෙන්ඩිස් සහ රංගන හේරත් එක්දින සංචිතයටත් එක්වී සිටිති. තේරීම් කමිටුවට සම්බන්ධ අයකුගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ අජන්ත මෙන්ඩිස් තවමත් පිටකොන්දේ ආබාධයෙන් සුවය ලබා නැති බවයි. ශී‍්‍ර ලංකා විස්සයි/20 සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කෞෂල්‍ය ලොකුආරච්චි, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, උපුල් තරංග සහ ඉසුරු උදානශී‍්‍ර ලංකා එක්දින සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, රංගන හේරත්, උපුල් තරංග, නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු සහ දිල්හාර ප‍්‍රනාන්දු      



අදහස් (0)

දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙති

සිසිර Friday, 25 May 2012 03:38 PM

ඇත්තටම ඇයි දිල්හාරට මෙච්චරටම චාන්ස් දෙන්නේ

:       0       0

රම් Friday, 25 May 2012 03:39 PM

කපු ගෙදර ඇත්තටම දක්ෂද ?

:       0       0

ඉස්හාම් Friday, 25 May 2012 03:49 PM

ඇයි මහරුෆ්ට බෝල් කරන්න බැරිද?

:       0       0

කාන්ස් බොයි Friday, 25 May 2012 06:51 AM

චාමර නැති එක ගැන නම් දුකයි...

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 25 May 2012 08:37 AM

මට හරි අසයි දිල්හාරගේ නෝ බෝල් එකට .අසන්ත දී මේල් ලුත් කැමතිලු මැච් පැරදුනත් ඒ නෝ බෝල් බලන්න .

:       0       0

ජීවන් හර්ෂ Friday, 25 May 2012 09:18 AM

එයාගේ කවුරු හරි බෝඩ් 1 ඉන්නවද

:       0       0

රොෂාන් කොඩිකාර Friday, 25 May 2012 09:32 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙවියන්ගෙම පිහිටයි.......

:       0       0

සුජීව Thursday, 24 May 2012 07:01 PM

ඉවරයි

:       0       0

තිළිණි ද සිල්වා Thursday, 24 May 2012 07:03 PM

අපෝයි ලංකා ක‍්‍රීකට් කොතනටද? මුන් දෙන්නා ගම කාවිද?

:       0       0

කම්ල් Thursday, 24 May 2012 07:03 PM

කපුගෙදර නම් අනේ මන්දා

:       0       0

තිළිණි ද සිල්වා Thursday, 24 May 2012 07:04 PM

නියමයි අපිට නියම ජොලියක් ගන්න පුලුවන් මේ දෙන්නා කරන දේවල් හින්දා

:       0       0

රසික ප්‍රණාන්දු Friday, 25 May 2012 11:27 AM

අජන්තට ඇති අසනීපයක් නෑ. තේරීම් කමිටුවේ අයටයි අසනීපේ තියෙන්නේ මෙතන තියෙන්නේ කැපිල්ල.

:       0       0

සපුමල් Friday, 25 May 2012 11:55 AM

අපරාදේ කොහොමහරි ටිකට් එකක් අරන් දිල්හාරගේ නෝ බෝල් මැච් 1 බලන්න යන්න ඕන.

:       0       0

පාලිත Friday, 25 May 2012 11:54 AM

කපු, ඔබ දක්ෂයෙක්.නමුත් තවම එය රටට ඔප්පු වී නැහැ.මෙය ඔබේ හැකියාව රටට පෙන්වීමට හොද අවස්ථාවක්

:       0       0

සිසිර Friday, 25 May 2012 12:23 PM

කොහොමත් මේ දෙන්නා ටීම් එකට වැටෙනවා

:       0       0

ඉබ්බා Thursday, 24 May 2012 08:27 PM

මේ දෙන්නා කොච්චර මොනව උණත් ටීම් එකේ.ඒත් 1000ක් අප් කරලත් චාමර සිල්වා නෑ.හරිම කණගාටුයි

:       0       0

චාමින් Friday, 25 May 2012 12:32 PM

ඇයි උපුල් තරංගව ටෙස්ට් මැච් වලට දාන්නේ නැත්තේ?එයා හොදය සෙල්ලම් කරන නිසාද?

:       0       0

අමාන් Thursday, 24 May 2012 08:47 PM

මේ දෙන්නට දෙන අවසාන වතාව මේක. හොදට කරන්න

:       0       0

තරිදු Monday, 28 May 2012 06:40 AM

ලොකුආරච්චිත් ටීම් එකේ 11 දෙනා අතරට යන්න ඕනි

:       0       0

මික්ස් Thursday, 24 May 2012 10:34 PM

එහෙනම් මේ ටූනමන්ට් එකත් හරි ,,,,,,,,,,,,,,,,,

:       0       0

රවී පෙරේරා Thursday, 24 May 2012 10:55 PM

ඇයි චාමර සිල්වට තැනක් නැත්තේ ?? තේරීම් කමිටුවට නම් මාරුවෙලාද ? හරිම කණගාටුයි......

:       0       0

දෙව්මිත් විතානගේ Friday, 25 May 2012 01:40 AM

දිල්හාර තිරිමාන්නට වඩා එක්දින ක්‍රීඩකයෝ වෙන නැද්ද ,මාලිංගත් වැඩක් නෑ .එයා ගහන්නේත් රට වෙනුවෙන් නෙමෙයි...අයියෝ සල්ලී.................

:       0       0

ජෝන් Friday, 25 May 2012 01:46 AM

අ‍පෝ ඉවරයි....

:       0       0

යකා Friday, 25 May 2012 03:27 PM

කපුවා කපෝති

:       0       0

යක්ස් Friday, 25 May 2012 01:51 AM

ආපෝ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site