ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11) කඩුලූ 3 ක් දවාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ටෙස්ට් කඩුලූ 100 සම්පූර්ණ කළේය. දිල්හාර, ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පස්වැනි ක‍්‍රීඩකයා මෙන්ම තෙවැනි වේග පන්දු යවන්නා ද වෙයි. මෙය 32 හැවිරිදි දිල්හාරගේ 40 වැනි ටෙස්ට් තරගය වේ. මුත්තයියා මුරලිදරන් (800), චමින්ද වාස් (355), රංගන හේරත් (154) සහ ලසිත් මාලිංග (101) ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලූ 100 කට වැඩියෙන් දවාගත් සෙසු ක‍්‍රීඩකයෝ වෙති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිවුවත් දිල්හාරට අපේ සුභ පැතුම්!
කවුරු මොනවා කිව්වත් මමත් කැමතියි දිල්හාරගේ නෝබෝල් වලට. මොකද ඕවරය වැඩි වෙලාවක් බලා ඉන්න පුලුවන්
සනත් ජයසූරිය ටෙස්ට් තරඟ වලදී ලබාගෙන ඇත්තේ කඩුලු 98 ක් පමණි.
මැච් කීයද?......... නෝ බෝල් කීයද ....?
split finger slow ball එක දාන්න ලංකාවේ සිටින දක්ෂම ක්‍රීඩකයෙක්
තරග 40ක් වාර 80ක් ගහලද මෙයා කඩුලු 100 ගත්තේ.
ජයසූරිය විකට් කීයද? ඇයි ඒවා අමතකද?
එතකොට නෝ බෝල් කීයක් දාලා තියෙනවද?
චන්ද්‍රසිරි - ජයසූරිය ගැන දැන් මොනවා කතා කරන්නද ?
දිල්හාරට අපේ සුභ පැතුම්! ඔහු ලංකාවේ සිටින දක්ෂම ක්‍රීඩකයෙක්
මොනවා උනත් දැනට ඉන්න හොඳම වේග පන්දු යවන්න දිල්හාර .ඔහුගේ පන්දු යැවීම බැලුවම එක පේනවා .