ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11) කඩුලූ 3 ක් දවාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ටෙස්ට් කඩුලූ 100 සම්පූර්ණ කළේය. දිල්හාර, ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පස්වැනි ක‍්‍රීඩකයා මෙන්ම තෙවැනි වේග පන්දු යවන්නා ද වෙයි. මෙය 32 හැවිරිදි දිල්හාරගේ 40 වැනි ටෙස්ට් තරගය වේ. මුත්තයියා මුරලිදරන් (800), චමින්ද වාස් (355), රංගන හේරත් (154) සහ ලසිත් මාලිංග (101) ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලූ 100 කට වැඩියෙන් දවාගත් සෙසු ක‍්‍රීඩකයෝ වෙති.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
දිල්හාර කඩුලූ 100 යි
හනුමා Thursday, 12 July 2012 09:09 AM
කවුරු කොහොම කිවුවත් දිල්හාරට අපේ සුභ පැතුම්!
පාලිත හේමචන්ද්‍ර Thursday, 12 July 2012 08:57 AM
කවුරු මොනවා කිව්වත් මමත් කැමතියි දිල්හාරගේ නෝබෝල් වලට. මොකද ඕවරය වැඩි වෙලාවක් බලා ඉන්න පුලුවන්
ගනිෂ Thursday, 12 July 2012 09:29 AM
සනත් ජයසූරිය ටෙස්ට් තරඟ වලදී ලබාගෙන ඇත්තේ කඩුලු 98 ක් පමණි.
කුමා Wednesday, 11 July 2012 06:53 PM
මැච් කීයද?......... නෝ බෝල් කීයද ....?
සම්පත් Thursday, 12 July 2012 10:37 AM
split finger slow ball එක දාන්න ලංකාවේ සිටින දක්ෂම ක්‍රීඩකයෙක්
අමිල Thursday, 12 July 2012 10:45 AM
තරග 40ක් වාර 80ක් ගහලද මෙයා කඩුලු 100 ගත්තේ.
චන්ද්‍රසිරි-saudi Wednesday, 11 July 2012 07:03 PM
ජයසූරිය විකට් කීයද? ඇයි ඒවා අමතකද?
මාටින් Wednesday, 11 July 2012 07:18 PM
එතකොට නෝ බෝල් කීයක් දාලා තියෙනවද?
ජනිත් Thursday, 12 July 2012 11:55 AM
චන්ද්‍රසිරි - ජයසූරිය ගැන දැන් මොනවා කතා කරන්නද ?
සූරියන් Thursday, 12 July 2012 01:11 PM
දිල්හාරට අපේ සුභ පැතුම්! ඔහු ලංකාවේ සිටින දක්ෂම ක්‍රීඩකයෙක්
ජගත් චමින්ද Wednesday, 11 July 2012 11:08 PM
මොනවා උනත් දැනට ඉන්න හොඳම වේග පන්දු යවන්න දිල්හාර .ඔහුගේ පන්දු යැවීම බැලුවම එක පේනවා .