(පද්මා කුමාරී කංකානම්ගේ )
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.
සහල් උරයේ ඇසුරා තිබු සිරුරේ ඉනෙන් පහල කොටස පමණක් ගොඩ ගසා තිබු බව පොලිසිය පවසයි.
මෙම නාදුනන මළ සිරුරේ අත පය ගැට ගසා,චීත්ත රෙද්දකින් ඔතා තිබී ඇත.
නොරොච්චෝල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන තවත් එක මරණයක්.
අත් තියෙන්න බෑ නේද ඉනෙන් පහල විතරක් තිබුන නම්?
ඉස්සර එක්තරා කාලයක් තිබ්බා මේ විදියටම මිනී මුහුදේ ගහගෙන ගිහින් ගොඩ ගහන, කපා කොටා මරපුව, ගිනි තබාපු මල සිරුරු, ඒ ඔක්කොම මේ කාලෙත් ටික ටික වෙනවා, හරි පුදුමයි නේද
මේ විදිහට රටේ ජනතාව පෝලිමට මැරුණොත් ලබන ඡන්දෙ වන විට 68 ලක්ෂය, 8 ලක්ෂයට බහිනවා.