රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රභලත්වයක් ඇති භූමි කම්පාවක් බටහිර පකිස්තානයේ වූ බවත්, එය සැතපුම් දහසක් ඈතින් පිහිටි නවදිල්ලියට දැනුණු බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
‘නවදිල්ලියේ ගොඩනැගිලි හෙල්ලුම් කෑවා. මිනිසුන් වීදි දිගේ දිව්වා.‘ යැයි රොයිටර් වාර්තා කරයි.
ඇමෙරිකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම පකිස්තානයේ ගිනිකොන දිට පිටිහි දාල්බණ්ඩින් ප්‍රදේශයේ සිට සැතපුම් 145ක් ඈතින් සිදුවූ බවයි.
පාකිස්තානයේ කරච්චි නුවරට සැතපුම් 258ක් ඈතින් සැතපුම් නවයක් භූ ගර්භයේ සිදුවූ මේ භූමිකම්පාවෙන් සෑහෙන පරිසක් මැරෙන්නට ඇතැයි අනුමාන කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානයේ සද්ද වලදී වැඩිපුර හෙල්ලෙන්නේ දිල්ලිය තමයි. (නි)
අනිත් භූමිකම්පාව සිදුවෙන්නේ අපේ පාර්මේන්තුවේ තමයි ඊළගට... (නි)
භූ කම්පන අද වනවිට දකුණු ආසියාවට ටිකින් ටික තර්ජනයක් වෙනවා. භූ චලන කලාප සිතියම වෙනස් වීගෙන එනවා වගේ.ලංකාවටත් ටිකින් ටික ඉගි කරනවා. (නි)
ලංකාවේ සුමන ගැමුණු සූර්ය දේව වන්දනාව සමස්ථ ඉන්දියානු අර්ධද්වීපය සිසාරා නුදුරු අනාගතයේම පැතිරෙන බවට මිහිකත දිවුරා පොරොන්දු වෙන බව මේ භූකම්පන හතෙන් සනාථ වෙනවා වගේම උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, අප්‍රිකාව, ඇන්ටාක්ටිකාව, ඕස්ට්‍රේලියාව, ආසියාව හා යුරෝපය යන මහාද්වීප හත පුරාම ලංකාවේ ආධිපත්‍ය පැතිරෙන බවට මිහිකත සාක්ෂි දරණ බව මෙයින් තවදුරටත් ඔප්පු වෙනවා. (ස)
ලංකාවේ සුමන ගැමුණු සූර්ය දේව වන්දනාව සමස්ථ ඉන්දියානු අර්ධද්වීපය සිසාරා නුදුරු අනාගතයේම පැතිරෙන බවට මිහිකත දිවුරා පොරොන්දු වෙන බව මේ භූකම්පන හතෙන් සනාථ වෙනවා වගේම උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, අප්‍රිකාව, ඇන්ටාක්ටිකාව, ඕස්ට්‍රේලියාව, ආසියාව හා යුරෝපය යන මහාද්වීප හත පුරාම ලංකාවේ ආධිපත්‍යය පැතිරෙන බවට මිහිකත සාක්ෂි දරණ බව මෙයින් තවදුරටත් ඔප්පුවෙනවා. (නි)
ඉන්දියානුවන් ගෙන් පැවත එන අයට මා කියන දේ එකවර පැහැදිලි නොවෙනවා හෝ නොවෙන බව පෙන්වනවා. ඒක පුදුමයක් නෙමෙයි. සසර පුරුද්ද. පළමුව කළ යුත්තේ අනුරාධපුරයේ සතර ස්ථානයකින් රැගෙනවිත් ඉන් තුනකම අත් කඩා ඉන්දියානුවන්ට වඳින ලෙස රුවන්වැලි සෑය අසල තබා ඇති ගැමුණු රජුගේ පුතුන්ගේ, ඔහුගේ දියණියගේ හා මෛත්‍රී බෝසත් සේ හංවඩු ගසා තිබෙන සුමන ගැමුණු දේව ප්‍රතිමා යළි ඒවා පිහිටි මුල් ස්ථානවල නිවැරදි ලෙස තැන්පත් කර ගෞරව කිරීමයි. එසේ නොකළහොත් වර්තමානයේ ලබාගත් යුධ ජයග්‍රහණ වැඩිකල් නොයා පුස්ස බින්දාක් මෙන් අහෝසිවී යනවා. (ස)
නීල් රනා.. මට ටිකක් අපහැදිලි ඔයාගේ කතාව. කොහොමද මේකෙන් ලංකාව බේරෙන්නේ.මම අහලා තියෙන්නේ, මෙවැනි ස්වභාවික විපත් සිදුවෙන්නේ, ලෝක විනාශය ලං වෙනකොට. මොරුගසන් වර්ෂාව, වෙයිරඹ වාතය (ස)
පසු කම්පන සවස 7.38 ට පමණ අවසන් වුවත් නැවත රික්ටර් 5.4 ක භූකම්පනයක් රාත්‍රී 10.50 ට සිදුවීම භූතල ක්‍රියාකාරිත්වයේ ප්‍රභලත්වය හා සක්‍රීයභාවය පිළිබඳව ඉඟිකරනවා. (නි)
මීට වසර දහස් ගණන පෙර සිටම ලෝකයට වරින් වර ප්‍රභල විපත් සිදු වුනත් විනාශයෙන් ගැලවීමට පිං ඇති අය ලංකාවේ රාවණා පරපුරේ සූර්ය දිව්‍ය සරණ යාමෙන් ආරක්ෂා වුණා. සුමන ගැමුණු රජු ලක්දිව එක්සේසත් කිරීමෙන් පසු වසර දහසක් පමණ අනුරාධපුර රාජධානිය පැවතුණේ සුමන ගැමුණු සූර්ය දේව වන්දනාව නිසයි. ඉන්දියාවෙන් ආ බෞද්ධයයින් අපේ ස්වදේශීය ආගම විනාශ කිරීම නිසා මෑතක මියගිය ප්‍රභාකරන් දක්වාම වසර දහසක් තිස්සේ ද්‍රවිඩයින් මේරට විනාශ කර අල්ලා ගත්තා. (ස)
කොහොමත් පකිස්තානයේ කම්පාවීම් දිල්ලියටත් නොදැනෙන්න විදිහක් නෑ. (නදී)
නීල් රනාගේ අදහස් කියවලා ( බැරිවෙලා කියවුනා) මට දැන් පිස්සු වගේ. අංගොඩදී හමුවේද මන්දා දෙන්නා. (නි)
ඉහත මා සඳහන් කළ රාත්‍රී 10.50 හේ භූමිකම්පාවෙන් පසුව අද උදේ හිරු උදාවන තෙක් රික්ටර් 4.5 තරමේ භූමිකම්පා තවත් හතක් වාර්තා වුණා. ඉන් අවසාන හත්වැන්න මර්මස්ථානයෙන් ඉවත්වී කරච්චියට ආසන්නව හටගත් අතර රික්ටර් 4.7 ක තවත් භූ චලනයක් ඇෆ්ගනිස්ථා-ටජිකිස්ථාන දේශ සීමාව ආසන්නයේ සිදුවීමෙන් මාගේ ඉහත අනාවැකිය තවදුරටත් සනාථ වෙනවා. (ස)
නීල් රණා, මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අනේ පුලුවන් නම් පැහැදිලි කරන්නකෝ ඔය සුමන ගැමුණු සුර්ය දේව වන්දනාව කියන්නේ මොකද්ද කියලා. (ස)
ඉහත මා සඳහන් කළ රාත්‍රී 10.50 හේ භූමිකම්පාවෙන් පසුව අද උදේ හිරු උදාවන තෙක් රික්ටර් 4.5 තරමේ භූමිකම්පා තවත් හතක් වාර්තා වුණා. ඉන් අවසාන හත්වැන්න මර්මස්ථානයෙන් ඉවත්වී කරච්චියට ආසන්නව හටගත් අතර රික්ටර් 4.7 ක තවත් භූ චළනයක් ඇෆ්ඝනිස්ථාන-ටජිකිස්ථාන දේශ සීමාව ආසන්නයේ සිදුවීමෙන් මාගේ ඉහත අනාවැකිය තවදුරටත් සනාථ වෙනවා. (අ)