දඹදිව වන්දනාවේ ගොස් සිටියදී නවදිල්ලි ගුවන්තොටුපළේදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා නැවත හමුවී ඇතැයි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යාංශයට දන්වා ඇත.
ඉන්දීය බලධාරීන් මොහු සොයා ගෙන ඇති අතර ඔහු මේවන විට අදාළ වන්දනා නඩය සමඟ එක්ව ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහිෂීනි කොළොන්නේ මෙනවිය පැවසුවාය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහියංගනය ප‍්‍රදේශයේ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ජයසේකර නමැති ලාංකිකයෙකි. මොහු වයස අවුරුදු 60 ත් 70 ත් අතර වසයේ පසුවන අයකු බව ඉන්දීය පොලීසිය විසින් තහවුරු කරගෙන ඇත.
අසූ දෙනෙකුගෙන් යුතු පිරිසක් සමඟ කොළඹ සිට ඉකුත් බ‍්‍රහස්පතින්දා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළේ තුන්ඇනි පර්යන්තය වෙත ළඟා වූ ඔහු ගුවන්තොටුපළේ අංක 18 දොරටුව අසල සිටි බව සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයි ඉන්දීය නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ඩී.කේ .ගුප්තා සඳහන් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ පුරුද්දට තම කණඩායමේ අයට නොකියා ඇවිදින්න යන්න ඇති. (නි)
ඇති කරදරයක් නොවී බේරුනා (නි)
පව් මේ අහිංසකයා.(හේ)
මෙතන වැරැද්ද අදාල පුද්ගලයාගේ නොවේ. වන්දනාව සංවිධායක අයගේ. වැඩි ලාබයක් ගන්න පාලනය කරන්න බැරි ප්‍රමාණයක් අරගෙන යනවා. ගිහිල්ලා අවම පහසුකම් දීලා ලාබෙ වැඩි කරගන්නවා. (ර)
පුදුම දෙයක්. මෙවැනි දේවල් අනන්තවත් සිදුවෙනවා. නමුත් ඊට වඩා පුදුමේ කියන්නේ ආසියාවේ සුපිරි බලවතා ඒ මදිවට පොලිස් ලොක්කා මේකට මැදිහත් වුණා කියන්නේ, මට නම් ප්‍රහේළිකාවක් (නි)