ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 20 ක් ගතවීම සැමරීමට එදා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නියමුවෝ පසුගිය ඊයේ (19) එක්වූහ.අතීතය ස්මරණය කරනු වස් ඔවුහු ක්‍රිකට් තරගයක්ද පැවැත්වූහ.
මෙම අවස්ථාවට ජනපති සිරිසේන සහභාගීව සිටියේය.අගමැතිවරයාට ආරාධනා කර තිබුණද අම්පාරේ රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට සිදුව තිබූ හෙයින් ඔහු පැමිණ සිටියේ නැත.
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවය.ඒ ක්‍රීඩාවේදී මහත්මා ගතිගුණ ඇගයෙන නිසාය.
නමුත් කුමන හේතුවක් මත දෝ මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ අභිනවයෙන් පත්වූ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාට ආරාධනා ලැබී තිබුණේ නැත.
ආරාධනාවක් නොලැබුණද ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී විය.නමුත් ඔහුගේ සහභාගීත්වය යන්තම් මුහුණ පෙන්වීමකට පමණක් සීමාවිය.
ලංකාවේ ‘‘ක්‍රිකට්‘‘ පාලන කටයුතු වල යැවෙන ‘‘පන්දු‘‘ මොනවාදැයි තේරුම්ගැනීම අපහසුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුම් ගන්නකොට පරක්කු වැඩියි ජනක. මේවා කල්තියා තේරුම් අරගෙන වැඩකලානම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය මිට වඩා යහපත් වෙන්න තිබ්බා. යනවිදිහටනම් තිබ්බ ප්‍රසිද්දිය නැත්තටම නැතිවෙලා යයි වගේ. අර සිම්බාබ්බේ පිලට වෙච්ච දේ මතකනේ. (ර)
ඔය දිනපු අන්තිම ලෝක කුසලානය. අපි දැන් බන්ගලදෙශයටත් පරදිනකොට ලෝක කුසලාන ගැන කතා කිරීමෙන් පලක් නැත. මේක තමා ඇත්ත තත්වය (නි)
අපිට වියදම් දරාගන්න පුළුවන් පාපන්දු, අත් පන්දු වගේ ක්‍රීඩාවක් තෝරාගන්න ඕන . ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු නේද? (බ)
ක්‍රිකට් උපන්නේ එන්ගලන්තයේ. එයාලටත් තාම දිනන්න බැරිවුණා. එ්ක තේරුම් ගන්න (නි)
හැමදාම දිනන්නත් බැහැ, හැමදාම පරදින්නත් බැහැ. හැමදාම එකම තත්වයෙන් ඉන්නත් බැහැ. අපි මේ දෙය තේරුම් ගත යුතුයි (බ)
අපේ කුඹුර වල බැහැල ක්‍රිකට් විතරයි මට අඩු , නැත්නම් බත් කැවෙන්නේ නැහැ (හේ)