IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුලීකාගෙන් බැණුම් අහන දිනක්ෂි

20160323Dinakshi2නව පරපුරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියක් වන දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'දෙරණ ස්ටාර් සිටි' රියලටි තරගාවලියට එක්ව සිටියි. දුලීකා මාරපනගේ 'සුපර් ගැන්ජේස්ටර්' කණ්ඩායමට එක්ව තරග කරන ඇය මේ දිනවල වැඩි කාලයක් එහි පෙර පුහුණුවිම් කටයුතු සඳහා යොමුව සිටියි. කලා කටයුතු සමග කාර්බහුල වී ඇති දිනක්ෂි 'ස්ටාර් සිටි' වැඩසටහන හා ඉදිරි කලා කටයුතු පිළිබඳව 'සාරවිට' අපට පැවසුවේ මෙළෙසින්ය.

"මේ දවස්වල වැඩිපුර කාලයක් ගත් කරන්නේ දෙරණ 'ස්ටාර් සිටි' රියලටි වැඩසටහනත් එක්ක. මම තරග කරන්නේ දුලීකා මාරපන අක්කාගේ නායකත්වයෙන් තරග කරන 'සුපර් ගැන්ජේස්ටර්' කණ්ඩායමට. එහි මාත් එක්ක අපේ කණ්ඩායමේ දුලීකා අක්කා, තික්ෂණ අනුරාධ, 'ඩ්‍රිම් ස්ටාර්' ගායක රවින් කනිෂ්ක එක්ක අනුෂා දමයන්ති අක්කා ඉන්නවා. සතියෙන් සතිය අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනා හින්දා මේක ඇත්තටම ලොකු අභියෝගාත්මක වැඩක්. දුලීකා අක්කා තමයි නිතරම අපිව මේ තරගය සඳහා උනන්දු කරන්නේ. කොටින්ම කියනවා නම් මේ දවස්වල මම ගොඩක්ම බැනුම් අහන්නෙත් දුලීකා අක්කාගෙන් තමයි. මොකද, මම වගේම අපේ කණ්ඩායමේ අනික් අයත් කාර්යබහුලයි. ඉතින් මේ පෙර පුහුණුවිම් කටයුතු වලට වෙලාවක් හොයාගන්න ඒක අපි කණ්ඩායමේ හැමෝටම ටිකක් අමාරුයි. ඉතින් සමහරක් දවස්වල පුහුණුවිම් කටයුතු දාලා තියෙන දවස්වලට වෙලාවට යන්න බැරි වෙනවා. එතකොට ඉතින් දුලීකා අක්කාගෙන් කණ පිරෙන්නේ බැනුම් අහනවා. කොහොම වුණත් මේ අවස්ථාවේදී දුලීකා අක්කාගේ කැපවීමහා උනන්දුව ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනා. ඇය තමයි අපේ කණ්ඩායමේ හැමෝම උනන්දු කරලා මේ වැඩසටහනෙන් ජයග්‍රහණය කරවන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම, මේ මගේ පළමු රියලටි වැඩසටහන. නමුත්, මේ රියලටි වැඩසටහනට මම සම්බන්ධ වුණේ තරගයකට වඩා නිතර හමුවන කලා ශිල්පින්ගේ සුහදත්වය තව තවත් වර්ධනය කරගන්න හිතාගෙනයි."

බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - දිනක්ෂිගේ ෆේස්බුක් පිටුවෙන්
20160323Dinakshi1

 



අදහස් (0)

දුලීකාගෙන් බැණුම් අහන දිනක්ෂි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site