ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස නැවත වරක් තේරී පත්වී ඇතැයි දළඳා මාළිගාවේ ආරංචි කියයි.
මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 205ක් පමණ ඔහුට ලැබී ඇතැයිද කියති. දෙවැනි තැනට පත්ව ඇත්තේ ගයාන් හීන්කෙන්ද මහතාය. ඔහුට ඡන්ද 53 ක් හිමිව ඇති අතර නිශ්ශංක විජයරත්න මහතාට හිමිව ඇත්තේ ඡන්ද 31ක් පමණි.
දියවඩන නිලමේ ලෙස තේරී පත්වූ නිලංග දෑල මහතා අද පස්වරුවේ සිය පවුලේ අය හා සමීපතමයන් සමග ශ්‍රී දළඳා මාළිගයට ගොස් දළඳා සමිඳුන් වැඳ පුදා ගත්තේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුබ පැතුම්! (නි)
ඔබට ජය වේවා! දළදා සමිඳු පිහිටයි! (නි)
යහපත් වූ සේවයක් ඉටුකරන්න ලැබේවා! (නි)