(අංජුල මහික වීරරත්න)
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ.
පවතින අභියෝග නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන් තුළ තිබූ සමගිය සහ අපරිමිත කැපවීම නිසා බව ජනාධිපතිවරයා සුබපැතුම් පණිවුඩය යොමු කරමින් සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන් ඇතුළු ක්‍රීඩාවට ඇල්මක් දක්වන සියලුදෙනාගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට දැරූ පරිශ්‍රමය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණක් නොව සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් බව ද එම පණිවුඩියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ තුළින් ශ්‍රි ලංකාවට කීර්තියක් අත්කර දීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවත්, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සියලු සාමාජිකාවන්ගේ ඉදිරි ක්‍රිඩා කටයුතු වෙනුවෙන් තමා ආශිර්වාද කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝල ගහලා දිනුවට ලංකාව ලෝකය ඉදිරියේ අනිත් හැම අතින්ම අන්ත පරාදයි. ඇත්තටම මෙහෙම දේවල්වලට උඩ පැනලා වැඩක් තියෙනවද?
ක්‍රිකට් වලට තිබෙන තැන ඔවුන්ටට් දිය යුතු නේද,නිසි ඇගයීමක් නෑ,වටිනකමක් නැහැ,පුදුම කට්ටක් කාල ඔතනට අවෙ, ඔවුනට හුගාක් දේවල් විය යුතුයි,රජයෙන් මෙන්ම ජනතාවගෙන්